لا إله إلا الله والله أكبر ලා ඉලාහ ඉල්ලල්ලාහු වල්ලාහු අක්බර් (අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත. අල්ලාහ් අති ශ්රේෂ්ඨය) යැයි කවරෙකු පවසන්නේද ඔහුගේ පරමාධිපති ඔහුව සනාථ කරමින් මා හැර වෙනත් දෙවිඳෙකු නැත. තවද මම අති ශ්රේෂ්ඨය. යැයි පවසයි.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අබූ සඊද් අල් කුද්රි තුමා හා අබූ හුරෙය්රා තුමා -රළියල්ලාහු අන්හුමා- විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි.
කවරෙකු لا إله إلا الله والله أكبر ලා ඉලාහ ඉල්ලල්ලාහු වල්ලාහු අක්බර් (අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත. අල්ලාහ් අති ශ්රේෂ්ඨය) යැයි පවසන්නේද ඔහුගේ පරමාධිපති ඔහුව සනාථ කරමින් මා හැර වෙනත් දෙවිඳෙකු නැත. තවද මම අති ශ්රේෂ්ඨය. යැයි පවසයි.
කවරෙකු لا إله إلا الله وحده لا شريك له ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලාෂරීක ලහූ (අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත. ඔහු ඒකීයය. ඔහුට සමාන කිසිවකු නැත) යැයි පවසන්නේද ඔහු: මා පමණක් හැර වෙනත් දෙවිඳෙකු නැත. මට කිසිදු හවුල්කරුවකු නැත යැයි පවසයි.
කවරෙකු لا إله إلا الله له الملك وله الحمد ලා ඉලාහ ඉල්ලල්ලාහු ලහුල් මුල්කු වලහුල් හම්දු (අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත. සියලු ආධිපත්යය ඔහු සතුය. තවද සියලු පැසසුම්ද ඔහු සතුය) යැයි පවසන්නේද ඔහු: මා හැර වෙනත් දෙවිඳෙකු නැත. සියලු ආධිපත්යයන් මා සතුය. තවද සියලු ප්රශංසා මා සතුය යැයි පවසයි.
කවරෙකු لا إله إلا الله ولا حول ولا قوة إلا بالله ලා ඉලාහ ඉල්ලල්ලාහු වලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහි (අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත. අල්ලාහ්ගෙන් තොරව කිසිදු පෙරළීමක් හෝ ශක්තියක් හෝ නැත) යැයි පවසන්නේද ඔහු: මා හැර වෙනත් දෙවිඳෙකු නැත. මාගෙන් තොරව කිසිදු පෙරළීමක් හෝ ශක්තියක් හෝ නැත යැයි පවසයි. කවරෙකු රෝගීව සිටියදී මෙය පවසා මරණයට පත් වන්නේද නිරා ගින්න ඔහුව ස්පර්ශ නොකරනු ඇත.))
Explanation
ගැත්තා لا إله إلا الله والله أكبر ලා ඉලාහ ඉල්ලල්ලාහු වල්ලාහු අක්බර් (අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත. අල්ලාහ් අති ශ්රේෂ්ඨය) යැයි පවසන විට මා හැර වෙනත් දෙවිඳෙකු නැත. තවද මම අති ශ්රේෂ්ඨය. යැයි නියත වශයෙන්ම අල්ලාහ් එම ගැත්තා සනාථ කරමින් පවසා සිටියි.
ඔහු الله أكبر ولا حول ولا قوة إلا بالله අල්ලාහු අක්බර් වලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ් (අල්ලාහ් අති ශ්රේෂ්ඨය අල්ලාහ්ගෙන් තොරව කිසිදු පෙරළීමක් හෝ කිසිදු ශක්තියක් හෝ නොමැත) යැයි පවසන විට එලෙසම අල්ලාහ් ඔහුව සනාථ කරනු ඇත.
පසුව ඉතිරි දික්ර් සමග ඔහු මරණයට පත් වූයේ නම් නිරා ගින්න ඔහුව අනුභව නොකරනු ඇත. එනම් මිනිසාට නිරා ගින්න තහනම් කිරීමේ හේතූන් අතුරින් එකක් බවට එය පත් වන්නේය. එහෙයින් මෙම දික්රයන් කටපාඩම් කිරීමත් තමන් රෝගීව සිටින විට අල්ලාහ්ගේ අභිමතය පරිදි යහපත් අවසානයක් දක්වා අධික ලෙස පැතීමත් අවශ්ය වන්නේය.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

