HadeethEnc · 1.24.0
කවරෙකු උපවාසය රකින්නෙකුහට උපවාසය මිදෙන්නට සළස්වන්නේ ද ඔහුට හිමි ප්රතිඵලය මෙන් සමාන ප්රතිඵලයක් මොහුට ද හිමි වන්නේය.
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව සෙයිද් බින් කාලිද් අල් ජුහනී (රළියල්ලාහු අන්හු) විසින් වාර්තා කරන ලදී. “කවරෙකු උපවාසය රකින්නෙකුහට උපවාසය මිදෙන්නට සළස්වන්නේ ද ඔහුට හිමි ප්රතිඵලය මෙන් සමාන ප්රතිඵලයක් මොහුට ද හිමි වන්නේය. නමුත් උපවාසය රකින්නාගේ කුසලින් කිසිවක් අඩු කරනු ලබන්නේ නැත.”
02
Explanation
උපවාස ශීලය රකින අයකු උපවාසයෙන් මිදීම සඳහා පහසුකම් සැලසීමේ මහිමය මෙම හදීසයේ විස්තර කර ඇත. එය අනිවාර්යය කටයුත්තක් නොවූවද ඒ සඳහා උනන්දු කරවා ඇත. කවරෙකු එසේ සිදු කළේ ද උපවාසකරුගේ කුසලින් කිසිවක් අඩු නොකර ඔහුගේ ප්රතිඵලයට සමාන ප්රතිඵලයක් මොහුට ද සටහන් කරනු ලැබේ. මෙය අල්ලාහ් තම ගැත්තන් හට පිරිනැමූ භාග්යයයි. යහපත හා දේව හැඟීම මුල් කර ගනිමින් එකිනෙකාට උදව් කිරීම, ආදරය ඇති කිරීම, මුස්ලිම්වරුන්ගේ අතර සහයෝගීතාව යනාදී කරුණ එහි ඇතුළත්ව ඇති බැවිණි. හදීසය මතුපිටින් පෙනෙන්නේ සැබැවින්ම උපවාසකරුට උපවාසය මිදෙන්නට රට ඉඳි ගෙඩියකින් හෝ වේවා පහසුකම් සළසන්නේ නම් මොහුට ද ඔහු මෙන් කුසලක් හිමිවන බවයි. ඒ අනුව තමන්ට හැකි පමණින් උපවාසකරුවන්ට ඉන් මිදීම සඳහා පහසුකම් සැලසීමට කැමැත්තක් දැක්වීම මිනිසාට අවශ්ය වන්නේය. විශේෂයෙන්ම උපවාසකරු අවශ්යතාවෙන් හා දිළිඳුභාවයෙන් සිටින විටෙක හෝ තමන්ට උපවාසයෙන් මිදීම සඳහා සූදානම් කර ගත හැකි ආහාර වේලක් ඔවුන් නොලැබ අවශ්යතාවෙන් පෙළෙන විට දැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
Attribution
[ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත - ඉමාම් දාරමී එය වාර්තා කර ඇත]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares

