ඔබ සහර් කරනු. සැබැවින්ම සහර් හි සමෘද්ධිය ඇත
Choose an available translation of this Hadeeth
Hadeeth text
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "ඔබ සහර් කරනු. සැබැවින්ම සහර් හි සමෘද්ධිය ඇත."
Explanation
Benefits
ඉබ්නු හජර් තුමා, ෆත්හුල් බාරී නම් ග්‍රන්ථයේ මෙසේ පවසයි: "සහර් වේලාවේ පවතින සමෘද්ධිය විවිධ පැතිකඩවලින් ලබනු ඇත. එය නබි පිළිවෙත අනුගමනය කිරීමක් මෙන්ම ආගම් ලත් ජනයාට වෙනස්ව කටයුතු කිරීමකි. නැමදුම සඳහා එමගින් ශක්තිය ලැබේ. උනන්දුව වර්ධනය වේ. කුසගින්නේ බලපෑමෙන් නරක ගුණාංග පාලනය වේ. තමන්ගෙන් අයදින අයට දානමාන කිරීමට හෝ ඔහු සමග එක්ව ආහාර අනුභව කිරීමට හේතුවක් වේ. පිළිතුරු අපේක්ෂා කරන වේලාවෙහි අල්ලාහ්ව මෙනෙහි කිරීමටත්, ප්‍රාර්ථනා කිරීමටත් හේතුවක් වේ. උපවාසය ගැන නොසැලකිලිමත් වූවන් හට නින්දට පෙර උපවාසයේ අධිෂ්ඨානය ගොඩ නැගීමටද එය හේතුවක් වෙයි."
හදවත විවෘත වී ශරීආ නීතියේ උසස්භාවය එමගින් වටහා ගනු පිණිස නීතිය සමග ප්‍රඥාව සසඳමින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඉගැන්වූ අලංකාර පිළිවෙත.
ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: සහර් වේලාවෙහි පුද්ගලයකු ආහාර පාන පරිභෝජනය කරනුයේ ඉතා අඩුවෙනි.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

