ජන ජීවිතයේ ඔවුනට වඩා උතුම් වනුයේ අල්ලාහ්ගේ මාර්ගයේ යොදවන්නට තම අශ්වයාගේ නාස්ලනුව අල්ලාගෙන සිටින මිනිසාය.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා පැවසූ බව අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. "ජන ජීවිතයේ වඩා උතුම් තත්ත්වය වනුයේ, අල්ලාහ්ගේ මාර්ගයේ යොදවන්නට තම අශ්වයාගේ නාස්ලනුව අල්ලාගෙන සිටින මිනිසාය. ඔහු කිසියම් (යුද) කම්පනයකට හෝ (සතුරු) බියකට හෝ සවන් දුන් සෑම අවස්ථාවකම ඒ මත නැග ඉතා වේගයෙන් ගොස් සටන් කිරීමට හෝ අපේක්ෂිත ස්ථානයේ දිවි පුදන්නට හෝ සොයනු ඇත. එසේ නැතිනම් මෙම කඳු අතර ඇති කන්දක් මුදුනක හෝ මෙම මිටියාවත් අතර ඇති එක් මිටියාවතක හෝ එළු බැටළු කිහිප දෙනෙකු හදාවඩා ගන්නා මිනිසාය. ඔහු (ඒ අතරවාරයේ) සලාතය ඉටු කරයි. සකාත් පිරිනමයි. ඔහුට මරණය පැමිණෙන තෙක් ඔහුගේ පරමාධිපතිට නැමදුම් කරයි. යහපත් කටයුත්තක දී මිස (වෙනත් අනවශ්ය දෑහි) ජනයා අතර නොසිටියි.“
Explanation
එමෙන්ම හුදකලාවේ සිටීම සම්බන්ධයෙන්ද මෙම හදීසය අවධාරණය කරයි. කඳු මුදුණක හෝ මිටියාවතක හෝ ජනයාගෙන් වෙන්ව ගොස් හුදකලා ස්ථානයක සිට, අල්ලාහ්ට නමදිමින් කල් ගෙවා, යහපත් කටයුත්තකදී හැර (අනවශ්ය) වෙනත් කටයුතුවලින් ජනයාගෙන් ඈත්ව සිටින්නා, ඔහු එහි ශ්රේෂ්ට අයකු වේ.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

