HadeethEnc · 1.24.0
එසේ නම් කිසිවිටෙක් ඔබ මා සාක්ෂිකරුවකු බවට පත් කර නොගන්න. සැබැවින්ම මා අසාධාරණයක් වෙනුවෙන් සාක්ෂි නොදරමි
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
නුඃමාන් ඉබ්නු බෂීර් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: සැබැවින්ම එතුමාගේ මව බින්තු රවාහා, එතුමාගේ පියාගෙන් ඔහුගේ ධනයෙන් ඇගේ දරුවා වෙනුවෙන් පරිත්‍යාග කරන ලද දෑ සම්බන්ධයෙන් විමසා සිටියාය. ඇය සමග එලෙස වසරක් ගත කළේය. පසුව ඔහුට (එය නැවත) මතු විය. එවිට ඇය: "මාගේ දරුවාට ඔබ පරිත්‍යාග කළ දෑ ගැන අල්ලාහ්ගේ දූතයාණන්ව (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඔබ සාක්ෂිකරුවකු බවට පත් කරන තෙක් මම සෑහීමට පත් නොවෙමි" යැයි පැවසුවාය. එදින මා කොළු වියේ පසුවූයෙමි. මාගේ පියා මගේ අතින් අල්ලා අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ; "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, මොහුගේ මව වන බින්තු රවාහා ඇගේ දරුවාට මා පිරිනැමූ දෑ සම්බන්ධයෙන් ඔබව සාක්ෂිකරුවකු බවට පත් කිරීමට ඇය ප්‍රිය කරන්නීය" යැයි පැවසුවේය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) "අහෝ බෂීර්! මේ දරුවා හැර තවත් දරුවකු ඔබට සිටියි ද? යැයි විමසූහ. ඔහු: "එසේය" යැයි පැවසීය. එවිට එතුමාණෝ: "ඒ සෑම කෙනෙකුටම මොහුට පිරිනැමූ දෑ හා සමානව පිරිනමා ඇත් ද?" යැයි විමසූහ. ඔහු "නැතැ"යි පිළිතුරු දුන්නේය. එතුමාණෝ "එසේ නම් කිසිවිටෙක් ඔබ මා සාක්ෂිකරුවකු බවට පත් කර නොගන්න. සැබැවින්ම මා අසාධාරණයක් වෙනුවෙන් සාක්ෂි නොදරමි" යැයි පැවසූහ. මුස්ලිම්හි සඳහන් වාර්තාවක: "එසේනම්, මේ වෙනුවෙන් වෙනත් කෙනෙකු සාක්ෂි බවට පත් කර ගන්න." යැයි සඳහන්ව ඇත.
02
Explanation
නුඃමාන් ඉබ්නු බෂීර් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී: සැබැවින්ම ඔහුගේ මව වන උම්රා බින්ත් රවාහා (රළියල්ලාහු අන්හා) තුමිය එතුමාගේ පියාගෙන් ඔහුගේ ධනයෙන් ඇගේ දරුවා වෙනුවෙන් පරිත්‍යාග කරන ලද දෑ සම්බන්ධයෙන් විමසා සිටියාය. එය ඔහුට දුෂ්කර කාර්යයක් විය. වසරක් පමණ කාලයක් ගත විය. පසුව ඇගේ ඉල්ලීමට ඇයට පිළිතුරු දීම සඳහා ඔහු පෙළඹුණහ. පසුව ඔහුගේ දරුවා වන නුඃමාන්ට පරිත්‍යාග කළේය. එවිට ඇය මෙසේ පවසා සිටියාය: "මාගේ දරුවාට ඔබ පරිත්‍යාග කළ දෑ ගැන අල්ලාහ්ගේ දූතයාණන්ව (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඔබ සාක්ෂිකරුවකු බවට පත් කරන තෙක් මම සෑහීමට පත් නොවෙමි." එදින මා කුඩා කොළු වියේ පසුවූයෙමි. මාගේ පියා මගේ අතින් අල්ලා අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණියේය. "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, මොහුගේ මව වන බින්තු රවාහා ඇගේ දරුවාට මා පිරිනැමූ දෑ සම්බන්ධයෙන් ඔබව සාක්ෂිකරුවකු බවට පත් කිරීමට ඇය ප්‍රිය කරන්නීය" යැයි පැවසුවේය. එවිට එතුමාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්): "අහෝ බෂීර්, මේ දරුවා හැර තවත් දරුවකු ඔබට සිටියි ද? යැයි විමසූහ. ඔහු: "එසේය" යැයි පැවසීය. එවිට එතුමාණෝ: "ඒ සෑම කෙනෙකුටම මොහුට පිරිනැමූ දෑ හා සමානව පිරිනමා ඇත් ද?" යැයි විමසූහ. ඔහු "නැතැ"යි පිළිතුරු දුන්නේය. එතුමාණෝ "එසේ නම් කිසිවිටෙක ඔබ මා සාක්ෂිකරුවකු බවට පත් කර නොගන්න. සැබැවින්ම මා අපරාධයක් හා අසාධාරණයක් වෙනුවෙන් සාක්ෂි නොදරමි" යැයි පැවසූහ. මුස්ලිම්හි සඳහන් වාර්තාවක, එතුමාණෝ ඔහුට පිළිකුල් සහගත ලෙස මෙසේ පවසා සිටියහ: "එසේනම්, මේ වෙනුවෙන් ඔබ වෙනත් කෙනෙකු සාක්ෂිකරුවකු බවට පත් කර ගන්න." යැයි සඳහන්ව ඇත.
03
Benefits
පරිත්‍යාග හා දීමනා සම්බන්ධයෙන් තම දරුවන් හා දියණියන් අතර සාධාරණත්වය ඉටු කළ යුතුයි. වියදම් කිරීම වනාහි එය ඔවුනොවුන්ගේ අවශ්‍යතාව අනුව තක්සේරු කරනු ලබන්නකි.
දරුවන් අතරින් ඇතැමෙකුට වඩා ඇතැමෙකුට විශේෂ කොට සැළකීම අපරාධයකි, අසාධාරණයකි. එවන් තත්ත්වයක් මත සාක්ෂි දීමට හෝ එය ඉටු කිරීමට අවසර නැත.
නවවි තුමා මෙසේ පවසයි: "පරිත්‍යාග ලබා දීමේ දී දරුවන් අතර සමාන ලෙස සැලකිය යුතුයි. සෑම කෙනෙකුටම විශේෂත්වයක් නොදක්වා එක් අයකුට පිරිනමනවා සේ අනෙක් අයට ද සමාන ලෙස පරිත්‍යාක කළ යුතුය. පිරිමි දරුවා අතර හා ගැහැණු දරුවා අතර සමානාත්වය පිහිටිය යුතුය. අප අතර ඇතැමුන්, 'පිරිමියාට කාන්තවකට සතු කොටස මෙන් දෙගුණයක් පිහිටනු ඇතැයි' පවසා සිටියි. නිවැරදි හා ප්‍රසිද්ධ ප්‍රකාශය වනුයේ මෙම හදීසයට අනුව දෙදෙනා අතර සමසේ විය යුතු බවය."
ෂරීආවට පටහැනි තීන්දු තීරණ වලංගු නොවන අතර ඒවා ක්‍රියාත්මක නොවේ.
විමර්ශනය කිරීමට අවශ්‍ය දෑ පාලකයා හා නීතිපතිවරයා විසින් විමර්ශනය කිරීම. එය "මෙය ඔබේ සියලුම දරුවන්ට සිදු කර තිබේ ද?" යන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශයෙන් නිරූපණය වේ.
නවවි තුමා මෙසේ පවසයි. "පියා දරුවාට පිරිනැමූ ත්‍යාගය නැවත ලබා ගැනීමේ අවසරය. මෙහි දක්නට ඇත."
සහෝදරයින් අතර ලෙන්ගතුකම ඇති කරන කටයුතු සිදු කිරීමට නියෝග කිරීම හා ඔවුන් අතර ඊර්ෂ්‍යාව ක්‍රෝධය ඇති කරන, දෙමාපියන්ට හිංසා පීඩා ලබා දෙන කරුණු අත්හැර දැමීමට නියෝග කිරීම.

Attribution
[متفق عليه، وله ألفاظ عديدة]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares