“අශුභවාද කියන්නා හා අශුභවාද පවසන මෙන් විමසා එසේ කියනු ලබන්නා හෝ ජ්‍යොතිෂවාදියා හා ජ්‍යොතිෂය ගැන විමසා එසේ කියනු ලබන්නා හෝ හූනියම් කරන්නා හා හූනියම් කරන මෙන් විමසා එසේ හූනියම් කරනු ලබන්නා ද ගැට ගසන්නා ද අප අතරින් නොවන්නේය
Choose an available translation of this Hadeeth
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉම්රාන් ඉබ්නු හුසෙයින් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “අශුභවාද කියන්නා හා අශුභවාද පවසන මෙන් විමසා එසේ කියනු ලබන්නා හෝ ජ්‍යොතිෂවාදියා හා ජ්‍යොතිෂය ගැන විමසා එසේ කියනු ලබන්නා හෝ හූනියම් කරන්නා හා හූනියම් කරන මෙන් විමසා එසේ හූනියම් කරනු ලබන්නා ද ගැට ගසන්නා ද අප අතරින් නොවන්නේය. කවරෙකු ජ්‍යෝතිෂවාදියෙකු වෙත පැමිණ ඔහු පවසන දෑ ස්ථීර කර සිටින්නේ ද සැබැවින්ම ඔහු මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පහළ කරන ලැබූ දෑ ප්‍රතික්ෂේප කළේය.”
Explanation
පළමු වැන්නා: "අශුභවාද කියන්නා හා අශුභවාද පවසන මෙන් විමසා එසේ කියනු ලබන්නා." එහි මූලික කරුණ වනුයේ, ගමනක්, වෙළඳාමක් හෝ වෙනත් ක්‍රියාවක් ආරම්භ කරන විට කුරුල්ලෙකු නිදහස් කර, එය දකුණට පියාසර කරන්නේ නම්, එය ශුභවාදී වන අතර ඔහුට අවශ්‍ය දේ සඳහා ඔහු ඉදිරියට යයි. එය වමට පියාසර කරන්නේ නම්, එය අශුභවාදී වන අතර ඔහුට අවශ්‍ය දැයින් ඔහු ඉවත් වේ. මෙය ස්වයං ලෙස සිදු කිරීමට හෝ ඔහු වෙනුවෙන් සිදු කිරීමට යමෙකුට පැවරීමට හෝ අනුමත නැත. කුරුල්ලන්, සතුන්, ආබාධ සහිත පුද්ගලයින්, අංක, දින හෝ ඇසෙන හෝ පෙනෙන වෙනත් ඕනෑම දෙයක් එසේ බැලීම ශුභ/අශුභවාදී අදහස් තුළට ඇතුළත් වේ.
දෙවැන්නා: "ජ්‍යොතිෂවාදියා හා ජ්‍යොතිෂය ගැන විමසා එසේ කියනු ලබන්නා." යමෙක් තාරකා හා වෙනත් දේ යොදාගෙන නොපෙනෙන දේ ගැන වාද කරන්නේ ද, එසේත් නැතිනම් සූපශාස්ත්‍රඥයෙකු වැනි අදෘශ්‍යමාන දැනුමක් ඇති බව පවසන කෙනෙකු වෙත ගොස් අදෘශ්‍යමාන දැනුම තිබෙන බව පවසමින් ඔහු කියන දේ විශ්වාස කරයි ද ඔහු මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට හෙළිදරව් කරන ලද දෑ ප්‍රතික්ෂේප කළ අයෙකි.
තුන්වැන්නා: "හූනියම් කරන්නා හා හූනියම් කරන මෙන් විමසා එසේ හූනියම් කරනු ලබන්නා" එනම් කිසිවකුට සෙත සැලසීමට හෝ හිංසාවක් කිරීමට හෝ ස්වයංව හූනීයම් සිදු කරන්නා හෝ ඔහු වෙනුවෙන් හූනියම් සිදු කිරීම සඳහා වෙනත් කෙනෙකුට පවරන්නාය. එසේත් නැතහෝ නූලක ගැට කිහිපයක් ගැටගසා තහනම් කරන ලද ආරක්ෂාව ලබන ප්‍රකාශ කියවමින් ඒ මත පිඹ හූනියම් කරන්නාය.
Benefits
ගුප්ත දැනුම ඇතැයි වාද කිරීම ඒක දේව විශ්වාසය අහිමි කරන බහු දේවවාදයේ කරුණකි.
ජ්‍යෝතිෂවේදීන් සහතික කිරීමේ හා ඔවුන් වෙත යෑමේ තහනම් ය. එහි දී සාස්තර බැලීම, පේන බැලීම, ග්‍රහ රාශි බැලීම යනාදිය ඇතුළත් වන අතර, එය සියදැනුම සඳහා නැරඹුව ද එලෙසමය.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

