අල්ලාහ් අබියස නමින් ඉතා පහත්ම තැනැත්තා ‘රජවරුන්ගේ රජු’ යැයි නම් තබා ගන්නා මිනිසා ය. අල්ලාහ් හැර වෙනත් රජෙකු නොමැත.
Choose an available translation of this Hadeeth
Hadeeth text
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “අල්ලාහ් අබියස නමින් ඉතා පහත්ම තැනැත්තා ‘රජවරුන්ගේ රජු’ යැයි නම් තබා ගන්නා මිනිසා ය. අල්ලාහ් හැර වෙනත් රජෙකු නොමැත.”
තවත් වාර්තාවක: “මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ට මහත් සේ කෝපය ඇති කරන වඩාත් කිලිටි හා වඩාත් කෝපජනක කරුණ වනුයේ ‘රජවරුන්ගේ රජු’ යැයි නම් තබා ගන්නා මිනිසා ය. අල්ලාහ් හැර වෙනත් රජෙකු නොමැත.”
සුෆ්යාන් තුමා මෙසේ පැවසූහ. “උදාහරණ වශයෙන් ප්රධානින්ගෙන් ප්රධානියා යනුවෙන් පවසන්නාක් මෙනි” අහ්මද් ඉබ්නු හන්බල් තුමා මෙසේ පැවසීය. මම අබූ අම්ර්ගෙන් ‘ඉතා පහත්’ යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැ?යි විමසුවෙමි. එවිට එතුමා ‘වඩාත් අවමන් සහගත’ යනුවෙන් පැවසීය.
Explanation
සැබැවින්ම විශ්වයට කිසිදු රජකු නොමැත. එහි උත්තරීතර අල්ලාහ් හැර වෙනත් රජවරුන්ගෙන් රජකු එහි නොමැත. මෙම හදීසය අවවාද කර ඇති විෂයයෙහි නොවැටෙන පරිදි මිනිසුන් හට අර්ථය නිවැරදිව වටහා නොගෙන නම් හා පටබැදි නම් භාවිත කරන්නන් හට මෙනෙහි කිරීමක් හා උපදෙසක් මෙහි පවතී. අල්ලාහ්ම අපට උදව් කරත්වා!
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

