افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#5865[පූර්ව සාධක සහිත හදීසයකි]
HadeethEnc · 1.24.0

කෙනෙකු වෙනුවෙන් මැදිහත් වීමේ හදීසය.

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

හුදෙයිෆා ඉබ්නු අල් යමාන් තුමා හා අබූ හුරෙයිරා තුමා (රළියල්ලාහු අන්හුමා) යන අය විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “අති උත්තරීතර උත්කෘෂ්ඨ අල්ලාහ් මිනිසාව රැස් කරනු ඇත. ස්වර්ගය ඔවුනට සමීප කරවන තෙක්ම දේවත්වය විශ්වාස කරන්නන් කටයුතු කරමින් සිටියි. ඔවුන් ආදම් (අලෙයිහිස් සලාම්) තුමා වෙත පැමිණ ‘අපගේ පියාණනි! ස්වර්ගය අප වෙනුවෙන් විවෘත කරන්නට පතන්නයි’ පවසති. එතුමා: “නුඹලාව ස්වර්ගයෙන් පිටුවහල් කළේ නුඹලාගේ පියාගේ වරද මිස වෙනත් කිසිවක් නොවීය. (එහෙයින්) ඒ සඳහා සුදුසු පුද්ගලයා මම නොවෙමි. අල්ලාහ්ගේ මිතුරා වන මාගේ පුත් ඉබ්රාහිම් වෙත පිය නගන්නැ”යි පවසයි. පසුව ඔවුහු ඉබ්රාහීම් වෙත පැමිණෙති. එවිට ඉබ්රාහීම්: “ඒ සඳහා සුදුසු පුද්ගලයා මම නොවෙමි. මම මිතුරෙක් වූයේ පසුවය. අල්ලාහ් සමග කතා කළ මූසා වෙතට යනු” යැයි පවසයි. පසුව ඔවුහු මූසා වෙත පැමිණෙති. එතුමා: මම එයට සුදුසු පුද්ගලයකු නොවෙමි. අල්ලාහ්ගේ වදන හා ඔහුගෙන් වූ ප්රාණය වන ඊසා වෙතට පිය නගනු යැයි පවසයි. එවිට ඊසා තුමා: “ඒ සඳහා සුදුසු පුද්ගලයා මම නොවෙමි” යැයි පවසයි. පසුව ඔවුහු මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පැමිණෙති. එතුමා ක්රියාත්මක වෙමින් ඒ සඳහා නිවේදනය කරයි. ‘අල් අමානා’ හෙවත් පැවරුම් හා ‘අර් රහ්ම්’ හෙවත් ලේ ඥාතීත්වය සිරාත් නම් පාලම දෙපස දකුණෙන් හා වමෙන් නැගී සිටී. නුඹලා අතරින් පළමු වැන්නා විදුලි වේගය මෙන් ගමන් කරනු ඇත.” එවිට මම: මගේ පියා හා මගේ මව කැප වේවා! විදුලි වේගයෙන් ගමන් කිරීම මෙන් යනු කවර විෂයක්දැ?යි විමසුවෙමි. එතුමා: ‘ඇස පිය හෙළන සැනින් එය පසුකර ආපසු එන ආකාරය නුඹලා නොදුටුවෝ ද? පසුව සුළං ගමන් කරන්නාක් මෙන් පවතී. පසුව පක්ෂීන් ගමන් කරන්නාක් මෙන් පවතී. අතැම් මිනිසුන්ගේ ක්රියාවන් ඔවුන් සමග ගමන් කරමින් ඔවුන් ශක්තිමත් කරයි. නුඹලාගේ නබිවරයා එම සිරාත් නම් පාලම මත සිට මාගේ පරමාධිපතියාණනි, ශාන්තිය ලබා දෙනු මැනව! ශාන්තිය ලබා දෙනු මැනව! යැයි ගැත්තන්ගේ ක්රියාවන් දුර්වල වන තෙක්ම පවසා සිටියි. එසේ අවසානයේ බඩගාමින් මිස ගමන් කළ නොහැකි මිනිසා පැමිණෙන තෙක්ම වනු ඇත. ‘සිරාත්’නම් පාලම දෙකෙළවරෙහි අණ දෙනු ලබන්නන් අල්ලන්නට නියෝග කරනු ලැබූ එල්ලා තබන ලද යකඩ මුගුරු තිබේ. ඉන් මිදුනු අය පොඩි පට්ටම් කරනු ලැබ නිරා ගින්නට හෙළනු ඇත.” යැයි පැවසූහ. අබූහුරෙයිරාගේ ප්රාණය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරමින් සැබැවින්ම නිරයේ පතුල වසර හැත්තෑවකි.
02

Explanation

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනිශ්චය හා ප්රතිඵල සඳහා අල්ලාහ් මිනිසුන් එක් රැස් කරනු ඇත. දේවත්වය විශ්වාසය කරන්නෝ ඔවුනට ස්වර්ගය සමීප කරවන තෙක්ම කටයුතු කරමින් සිටිති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින තත්ත්වය හේතුවෙන් ඔවුනට එය විවෘත කරනු නොලැබේ. එහෙයින් ඔවුහු ඔවුන් වෙනුවෙන් ස්වර්ගය විවෘත කර දෙන මෙන් අල්ලාහ්ගෙන් පතන්නැයි ඉල්ලා ආදම් (අලෙයිහිස් සලාම්) තුමා වෙත පැමිණෙති. ඒ සඳහා තමන් සුදුසු පුද්ගලයකු නොවන බව ඔවුනට ප්රතිචාර දක්වා පසුව ඔවුන් ඉබ්රාහීම් වෙත එවනු ඇත. ඊට හේතුව ඔහු අල්ලාහ්ගේ මිතුරකු වන බැවිණි. මිත්රත්වය යනු ආදරයේ උසස්ම මට්ටමයි. ඒ අනුව ඔවුහු ඉබ්රාහිම් වෙත පැමිණෙති. එවිට එතුමා ඔවුනට ‘එම උසස් නිලයට මම සුදුසු නොවෙමි. නුඹලා මූසා වෙත යන්න. සැබැවින්ම සුවිශුද්ධ අල්ලාහ් කිසිදු මාධ්යයකින් තොරව ඍජුව එතුමා සමග කතා කර ඇත’ යැයි පවසයි. පසුව ඔවුහු මූසා (අලෙයිහිස් සලාම්) වෙත පැමිණෙති. එවිට එතුමා ඔවුනට: ‘මම ඒ සඳහා සුදුසු පුද්ගලයකු නොවෙමි. නුඹලා ඊසා තුමා වෙත යන්න. සැබැවින්ම අල්ලාහ් එතුමාව ඔහුගෙන් වූ වදනින් මවා ඇත්තේය. එවිට ඔවුහු ඊසා (අලෙයිහිස් සලාම්) තුමා වෙත පැමිණෙති. එවිට එතුමාද මම ඒ සඳහා සුදුසු පුද්ගලයකු නොවෙමි යැයි පවසයි. පසුව ඔවුහු අපගේ නබි මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පැමිණෙති. අනතුරුව ඔවුන් අතර වෙන් කර ඔවුන් වෙනුවෙන් ස්වර්ගය විවෘත කර දෙන මෙන් ඔවුහු එතුමාගෙන් ඉල්ලා සිටිති. පසුව එතුමාණෝ ඔවුනට පිළිතුරු දී අනුමත පතා ඒ ගැන නිවේදනය කරනු ඇත. ‘අමානත්’ හෙවත් පැවරුම් හා ‘රහ්ම්’ හෙවත් ඥාතිත්වය සිරාත් නම් පාලමේ දෙකෙළවර මත සිට ගනී. එය නිරයට ඉහළින් දිගුවට තබන ලද පාලමකි. ජනයා තමන්ගේ ක්රියාවන්වලට අනුකූලව එහි ප්රමාණයට ඒ මත ගමන් කරනු ඇත. කවරෙකු මෙලොවෙහි දැහිමි කටයුතු සඳහා යුහුසුළු වූයේ ද ඔහු සිරාත් පාලම මත වේගයෙන් ගමන් කරන්නෙකි. ඊට ප්රතිවිරුද්ධතාවත් එලෙසම පවතී. ඔවුන් අතරින් ඉන් මිදෙන්නන් මෙන් ම අපා ගින්නට වැටෙන්නන් ද වෙති. සැබැවින්ම අපා ගින්නේ පතුල දුරින් පිහිටා ඇති බැවින් වසර හැත්තෑවකින් පසුව මිස එයට සේන්දු වන්නේ නැත. අල්ලාහ් අප ආරක්ෂා කරත්වා!

Attribution

[ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...