මෙය ඔබලා වෙනුවෙන් අල්ලාහ් නිකුත් කළ පෝෂණයයි. එහෙයින් ඔබ අපට ආහාර වශයෙන් පිළි ගැන්වීමට එහි මස්වලින් යමක් ඔබ ළඟ තිබේද? එවිට අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත ඉන් කොටසක් එව්වෙමු. එතුමා එය අනුභව කළහ.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අබූ අබ්දිල්ලාහ් ජාබිර් ඉබ්නු අබ්දිල්ලාහ් -රළියල්ලාහු අන්හුමා- විසින් වාර්තා කරන ලදී. කුරෙයිෂ් ප්රධානින් හමුවන්නට අල්ලාහ්ගේ දූතයාණන් සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා අපව එවූහ. අපගේ නායකයා වශයෙන් අබූ උබය්දා -රළියල්ලාහු අන්හු- තුමාව එතුමා පත් කළහ. රටඉදි මල්ලක් පමණක් අප ලඟ විය. ඒ හැර වෙන කිසිවක් නොවීය. අබූ උබය්දා රට ඉඳියක් බැගින් අප වෙත පිරිනැමුවේය. එවිට ‘එය ඔබ එය රැගෙන කෙසේ කටයුතු කරමින් සිටියෙහු දැ?‘යි විමසන ලදී. දරුවකු කිරි උරා බොනවාක් මෙන් අපද ඉරුවෙමු. පසුව ඒ සමග ජලය පානය කළෙමු. අපගේ දවස, රාත්රිය වන තුරුම අපට එය ප්රමාණවත් විය. තවද අප සතුව තිබූ කෝටුවලින් කබත් නම් ඔටුවන් බුදින කොළ වර්ගයක් අපි කඩාගෙන එය ජලයේ පොඟවා ආහාර වශයෙන් ගත්තෙමු.
එතුමා තවදුරටත්, අපි මුහුදු වෙරළෙහි ගමන් කළෙමු. මුහුදු වෙරළේ මහා වැලි ගොඩක් මෙන් යමක් අපට දිස් විය. අපි ඒ වෙත පැමිණියෙමු. එවිට අන්බර් යනුවෙන් හැඳින් වෙන මුහුදු සතෙකු විය. එවිට අබූ උබය්දා එය මිය ගිය සතෙකි යැයි පවසා පසුව, නැත, අපි අල්ලාහ්ගේ දූතයාණන්ගේ පණිවිඩකරුවෝ වෙමු. එමෙන්ම අල්ලාහ්ගේ මාර්ගයේ සිටින්නෙමු. ඔබට දරා ගත නොහැකි තත්ත්වයක් උදා වී ඇත. එහෙයින් අනුභව කරනු යැයි පැවසූහ. තුන්සිය දෙනෙකුගෙන් සමන්විත අපි මසක කාලයක් පුෂ්ටිමත් වන තරමට ඒ මත රැඳී සිටියෙමු. උගේ ඇසෙහි ආවාටයෙන් තෙල් සරාව ගනු අපි දුටුවෙමු. එයින් අපි ගවයකු මෙන් හෝ ගවයකුගේ ප්රමාණය මෙන් කැබලි කපා ගත්තෙමු. අබූ උබය්දා -රළියල්ලාහු අන්හු- තුමා මිනිසුන් දහ තුන් දෙනෙකු කැඳවා උගේ ඇසේ ආවාටය වටා වාඩි කෙරෙව්වේය. පසුව උගේ ඉලඇටවලින් එක් ඉල ඇටයක් ගෙන එය සිටවා පසුව අප සමග වූ විශාලතම ඔටුවාව ගමන් කෙරෙව්වේය. ඊට යටින් ඌ ගමන් ගත්තේය. උගේ මාංශ හා පැටවකු ගමන් භාණ්ඩ ලෙස ගෙන මදීනාව වෙත පැමිණි කල්හි අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා අප වෙත පැමිණියහ. එවිට අපි එය එතුමාට මෙනෙහි කළෙමු. එවිට එතුමා, “මෙය ඔබලා වෙනුවෙන් අල්ලාහ් හෙළි කළ පෝෂණයයි. එහෙයින් ඔබ අපට ආහාර වශයෙන් පිළි ගැන්වීමට එහි මස්වලින් යමක් ඔබ ළඟ තිබේද?“ යැයි විමසුහ. එවිට අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත ඉන් කොටසක් එව්වෙමු. එතුමා එය අනුභව කළහ.
Explanation
ඔවුන් මුහුදු වෙරළට සේන්දු වූ කල්හි වැලි ගොඩක් මෙන් යමක් දුටුවෝය. පසුව ඔවුහු ඒ වෙත පැමිණියෝය. අල් අන්බර් නම් විශාල මත්සයෙක් එහි විය. ඔවුන්ගේ ප්රධානියා වූ අබූ උබය්දා එය මිය ගිය සතෙකු බැවින් ඔවුන් අනුභව කිරීමෙන් වැළැක්වූහ. අල් කුර්ආනයේ සඳහන් පරිදි මිය ගිය සතුන් ආහාරයට ගැනීම තහනම්ය. පසුව එතුමාගේ ඉජ්තිහාදය වෙනස් විය එයින් අනුභව කිරීමට ඔවුනට අනුමැතිය දුන්හ. හේතුව වැළැක්විය නොහැකි අවස්ථාවලදී මිය ගිය සතුන් ආහාරයට ගැනීමේ අවසරය ඇති බැවිනි. විශේෂයෙන්ම ඔවුන් සිටියේ අල්ලාහ්ට අවනත වූ ගමනකය. මුහුදේ මිය ගිය සතුන් අනුමතය යන්න ඔවුනට සැඟවී තිබිණ.පසුව ඔවුන් නොවැළැක්විය හැකි කාරණාව මත යන නිගමනයට පැමිණියහ. ඒ අනුව ඔවුහු එයින් අනුභව කළෝය. ඔවුන් එයින් කොටසක් පටවා ගෙන ගියෝය. ඔවුන් මදීනාවට පැමිණි කල්හි අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාට දන්වා සිටියෝය. ඔවුන්ගේ ක්රියාව පිළිගෙන එතුමා එයින් අනුභව කළහ.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

