අල්ලාහ් මත දිවුරා පවසමි. ඔබ තුළින් එක් මිනිසෙකුට අල්ලාහ් මඟ පෙන්වන්නේ නම් එය රතු ඔටුවන් ලැබීමට වඩා ඔබට උතුම් වන්නේය” යැයි පැවසූහ
Choose an available translation of this Hadeeth
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව සහ්ල් ඉබ්නු සඃද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. කයිබර් දින: “අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් කෙරෙහි ප්‍රිය කරන, එමෙන්ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ද ඔහු කෙරෙහි ප්‍රිය කරන පුද්ගලයකුට හෙට දින ධජය පිරිනමමි. ඔහුගේ අතින් අල්ලාහ් ජය ලබා දෙනු ඇත.” යැයි පැවසූහ. පසුව ජනයා ඔවුන් අතර එය කවරෙකුට පිරිනමනු ලබනු ඇත්දැ?යි අපේක්ෂාවෙන් ඔවුන්ගේ රාත්‍රිය ගත කළෝය. අළුයම උදා වූ කල්හි උදෑසනම තමන්ට එය පිරිනමනු ඇතැයි යන අපේක්ෂාවෙන් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත ගියෝය. පසුව එතුමා: "අබූ තාලිබ්ගේ පුත් අලී කොහේදැ?"යි විමසූහ. එවිට ඔහු ඇස් අමාරුවෙන් පසුවන බව ප්‍රකාශ කරන ලදී. පසුව එතුමාණෝ ඔහු වෙත පිරිසක් යවා, ඔහුව ගෙන්වා ගෙන, ඔහුගේ දෑසට කෙළ තැවරූහ. ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කළහ. වේදනාවක් ඇති නොවූවාක් මෙන් ඔහු සුව අතට පත් විය. පසු ව ඔහුට ධජය පිරිනැමූහ. එවිට අලී තුමා, "අල්ලාහ්ගේ දූතයාණනි! අප මෙන් ඔවුන් ද පත්වන තුරු මම ඔවුන් සමග සටන් කරමි" යැයි පැවසීය. එවිට එතුමාණෝ, "ඔවුන්ගේ වැලිකතරට ගොඩ බසින තෙක් ඔබ සන්සුන්ව ගමන් කරන්න. පසුව ඔවුන්ව ඉස්ලාමය වෙත ඇරයුම් කරන්න. අල්ලාහ්ගේ විෂයයෙහි ඔවුනට අනිවාර්යය වන දෑ ඔවුනට දන්වා සිටින්න. අල්ලාහ් මත දිවුරා පවසමි. ඔබ තුළින් එක් මිනිසෙකුට අල්ලාහ් මඟ පෙන්වන්නේ නම් එය රතු ඔටුවන් ලැබීමට වඩා ඔබට උතුම් වන්නේය” යැයි පැවසූහ.
Explanation
පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අලී ඉබ්නු අබී තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමා පිළිබඳ විමසා සිටියහ.
එවිට සැබැවින්ම එතුමා ඇස් අමාරුවෙන් පෙළෙන බව පවසන ලදී.
පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එතුමාණන් වෙත පිරිසක් යැවූ අතර එතුමාව කැටුවා ගෙන එන ලදී. පසුව එතුමාණෝ තම ගෞරවණීය කෙළ ගෙන අලී තුමාගේ දෑස් මත තවරා ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කළහ. පසුව ඔහුගේ රෝගීභාවය සුව අතට පත් විය. කිසිදු වේදනාවකින් නොපෙළුණු අයකු මෙන් ඔහු පත් විය. පසුව ධජය එතුමාට භාර දුන්හ. සතුරු බලකොටුව වෙත සමීප වන තෙක් සැහැල්ලුවෙන් ගමන් කරන මෙන් ද ඉස්ලාමය තුළට පිවිසෙන මෙන් ඔවුනට ඇරයුම් කරන මෙන් ද, ඔවුන් එසේ තමන්ට පිළිතුරු දුන්නේ නම්, ඔවුන් වෙත අනිවාර්යය වන යුතුකම් පිළිබඳ ඔවුනට දන්වා සිටින මෙන් ද එතුමාණෝ ඔහුට නියෝග කළහ.
පසු ව අල්ලාහ් වෙත ඇරයුම් කිරීමේ මහිමය ගැන සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ අලී තුමාට පැහැදිළි කර සිටියහ. ඇරයුම් කරන්නා එක් මිනිසෙක් යහමග ලබන්නට හේතු වූයේ නම්, එය අරාබිවරුන්ගේ වටිනා සම්පතක් වූ රතු ඔටුවන් හිමි කර ගැනීමට හෝ එය දන් දීමට වඩා උතුම් බව දන්වා සිටියහ.
Benefits
යහපත කිරීමෙහි සහාබාවරුන් දැක් වූ උනන්දුව හා ඒ සඳහා ඔවුන් තුළ තිබූ තරඟකාරිත්වය.
සටන් කරන අවස්ථාවේ විනයක් ඇතිව කටයුතු කිරීම, නොසැලකිලිමත්කම් හා අවශ්‍ය නැති ඝෝෂාවන් අත්හැර දැමීම යනාදී කරුණු ආගමානුගත වේ.
යුදෙව්වන්ට එරෙහිව ජයග්‍රහණය ලබන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දන්වා සිටීම, අල්ලාහ්ගේ අනුහසින් එතුමාණන්ගේ දෑතින් අලී ඉබ්නු අබී තාලිබ්ගේ දෑස් සුවය ලැබීම එතුමාණන්ගේ නබිත්වයට සාක්ෂි දරන සාධක වේ.
ජිහාදයේ ප්‍රධානතම අපේක්ෂාව ජනයා ඉස්ලාමය තුළට පිවිසීමය.
ඇරයුම අදියරයෙන් අදියර විය යුත්තකි. දේවත්වය ප්‍රතික්ෂේප කරන්නාගෙන් පළමුව ඉල්ලා සිටිනු ලබන්නේ සාක්ෂියේ ප්‍රකාශ දෙක උච්චාරණය කරමින් ඉස්ලාමය තුළට පිවිසීමය. පසුව ඉස්ලාමයේ සෙසු වගකීම් පිළිබඳ ඔහුට නියෝග කරනු ලැබේ.
ඉස්ලාමය වෙත ඇරයුම් කිරීමේ මහිමය. එහි ඇරයුම් කරනු ලබන්නා හා ඇරයුම් කරන්නා සතු යහපත. ඇරයුම් කරනු ලබන්නා යහමග ලබන අතර ඇරයුම් කරන්නා අතිමහත් කුසල් ලබනු ඇත.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

