පල ගැන්වෙන තුරු පලතුරු ව්යාපාර කිරීම සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තහනම් කළේය. ‘පල ගැන්වීම’ යනුවෙන් අදහස් කරනුයේ කුමක් දැ?යි විමසන ලදී. එතුමා: එය රතු පැහැගැන්වෙන තුරු යැයි පැවසූහ. අල්ලාහ් පල ගැන්වීම වැළැක්වූයේ නම් නුඹලා අතරින් කිසිවකු හෝ තම සහෝදරයාගේ ධනය අනුමත කර ගත හැකි වනුයේ කුමකින් ද?
Choose an available translation of this Hadeeth
Hadeeth text
අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. පල ගැන්වෙන තුරු පලතුරු ව්යාපාර කිරීම සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තහනම් කළේය. ‘පල ගැන්වීම’ යනුවෙන් අදහස් කරනුයේ කුමක් දැ?යි විමසන ලදී. එතුමා: එය රතු පැහැගැන්වෙන තුරු යැයි පැවසූහ. අල්ලාහ් පල ගැන්වීම වැළැක්වූයේ නම් නුඹලා අතරින් කිසිවකු හෝ තම සහෝදරයාගේ ධනය අනුමත කර ගත හැකි වනුයේ කුමකින් ද?
Explanation
එබැවින් එය පැහෙන තුරු එය ගනු දෙනු කිරීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ගනුදෙනුකරුවන්ට තහනම් කළේය. එනම් පල ගැන්වී පැහීමය. රතු පැහැ ගැන්වීම හෝ කහ පැහැ ගැන්වීම එය පැහී ඇති බව පෙන්වා දෙයි.
පසුව එයට හෝ ඉන් කොටසකට හෝ යම් ව්යසනයක් පැමිණීමෙන් එය මිලට ගත් අයට අල්ලාහ් තහනම් කළේ නම්, අහෝ විකුණුම් කරුවනි, එසේ මිලට ගත් ඔබේ සහෝදරයාගේ ධනය ඔබට අනුමත වන්නේ කුමකින්ද? ප්රයෝජනයක් නොමැති භාණ්ඩයක් නොමැතිව එය ඔබ ගනුයේ කෙසේදැ?යි විමසමින් හේතු පැනවීය.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

