නියත වශයෙන්ම නබි -සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- තුමාණෝ මුනාබදා ව්යාපාර ක්රමය තහනම් කළහ. එනම් මිනිසකු ඇඳුම් පෙරළා පෙන්වන්නට කලින් හෝ ඒ දෙස බලන්නට කලින් හෝ එය විකිණීම සඳහා වෙළඳපළට දැමීම. තවද එතුමාණෝ මුලාමසා ව්යාපාර ක්රමය ද තහනම් කළහ. මුලාමසා යනු ඇඳුම දෙස නොබලා එය ස්පර්ශ කිරීමෙන් පමණක් විකිණීම.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අබූ සඊද් අල් කුද්රි -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී.
නියත වශයෙන්ම නබි -සල්ලල්ලාහු අලයිහි වසල්ලම්- තුමාණෝ මුනාබදා ව්යාපාර ක්රමය තහනම් කළහ. එනම් මිනිසකු ඇඳුම් පෙරළා පෙන්වන්නට කලින් හෝ ඒ දෙස බලන්නට කලින් හෝ එය විකුණුම සඳහා වෙළඳපළට දැමීම. තවද එතුමාණෝ මුලාමසා ව්යාපාර ක්රමය ද තහනම් කළහ. මුලාමසා යනු ඇඳුම දෙස නොබලා එය ස්පර්ශ කිරීමෙන් පමණක් එය විකිණීම.
Explanation
එය විකුණන්නාට හෝ මිලදී ගන්නාට හෝ ඔවුන් දෙදෙනාටම හෝ නොදැනුවත් ව්යාපාරික භාණ්ඩයක් වීම මෙනි. මුනාබදා ව්යාපාර ක්රමය ද ඒ අතරින් එකකි. උදාහරණයක් ලෙස ව්යාපාරිකයා පාරිභෝගිකයා වෙත ඇඳුම් ඉදිරිපත් කරයි. එය පෙරළා පෙන්වන්නට හෝ ඒ දෙස බලන්නට කලින් ගනුදෙනුව අවසන් කර ගනී.
මුලාමසා ව්යාපාර ක්රමය ද ඒ හා සමාන තවත් එකකි. එය ඇඳුම දෙස බලන්නට හෝ පෙරළන්නට මත්තෙන් එය ස්පර්ශ කිරීමෙන් පමණක් ව්යාපාර ගිවිසුම ඇති කර ගන්නාක් මෙනි.
මෙම ගිවිසුම් දෙකම ගිවිසගත් භාණ්ඩයේ නොදැනුවත් කම හා වංචාව ඇති කරන්නක් වේ. ඒ අනුව ගනුදෙනු කළ අයගෙන් එක් අයකු ණය ගැත්තෙකු හෝ ණය හිමියකු යන අවධානමට පත්වනු ඇත. එහෙයින් ඒ දෙදෙනාම තහනම් කරන ලද දෑට ප්රවේශ වනු ඇත.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

