افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#5831[صحيح]
HadeethEnc · 1.24.0

මුස්ලිම්වරයකු සතුව යමක් තිබී, ඒ ගැන අන්තිම කැමැත්ත ඔහු අබියස ලියනු ලැබීමකින් තොරව රාත්‍රී තුනක් ගත කිරීම ඔහුට යුතු වන්නේ නැත

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) විසින් මෙසේ වාර්තා කරන ලදී. "මුස්ලිම්වරයකු සතුව යමක් තිබී, ඒ ගැන අන්තිම කැමැත්ත ඔහු අබියස ලියනු ලැබීමකින් තොරව රාත්‍රී තුනක් ගත කිරීම ඔහුට යුතු වන්නේ නැත." අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පැවසීය: අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මේ ගැන කළ ප්‍රකාශයට මම සවන් දුන් දා පටන් මා සතුව අන්තිම කැමැත්ත නැතිව රාත්‍රියක් හෝ ගෙවී ගියේ නැත.
02

Explanation

මුස්ලිම්වරයකු සතුව සුළු ප්‍රමාණයෙන් වුව ද යම් අයිතිවාසිකමක් හෝ සම්පතක් හෝ තිබී, ඒ ගැන අන්තිම කැමැත්ත ඔහු අබියස ලියනු ලැබීමකින් තොරව රාත්‍රී තුනක් ගත කිරීම ඔහුට යුතු වන්නේ නැති බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දැනුම් දුන්හ. අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා) තුමා මෙසේ පැවසීය: "අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මේ ගැන කළ ප්‍රකාශයට මම සවන් දුන් දා පටන් මා සතුව අන්තිම කැමැත්ත නැතිව රාත්‍රියක් හෝ ගෙවී ගියේ නැත."
03

Benefits

අන්තිම කැමැත්ත ප්‍රකාශ කිරීම හා ඒ වෙත යුහුසුළු වීම ආගමානුගත කරන ලද්දකි. එය පැහැදිලිව ප්‍රකාශ කිරීමකි; සහ එය ආගමානුගත කළ දෙවිඳුන්ගේ නියෝගය පිළිපැදීමකි, එමෙන්ම මරණයට සූදානම් වීමකි. අවධානය වෙනතකට යොමු වීමට පෙර ඒ ගැන හා එය බෙදා දිය යුතු ආකාරය ගැන බුද්ධිමත්ව සිතා බැලීමකි.
අල්-වසිය්යත්: එහි අර්ථය අවසන් ප්‍රතිඥාවය. එනම් මිනිසා මිය යෑමෙන් පසු ඔහුගේ ධනය ගනුදෙනු කිරීම සඳහා පුද්ගලයකුට අවසාන වශයෙන් ප්‍රතිඥා ගෙන පැවරීමය. එසේ නැතහොත් තම කුඩා දරුවන් රැකබලා ගැනීම සඳහා පුද්ගලයකුට ප්‍රතිඥා දී පැවරීමය. එසේත් නැතහොත් තමන් මිය ගිය පසු තමන් සතු කිසියම් ක්‍රියාවක් සම්බන්ධයෙන් පුද්ගලයකුට ප්‍රතිඥා දී පැවරීමය.
අන්තිම ප්‍රතිඥා සහිත ප්‍රකාශය කොටස් තුනකි. 1- මුස්තහබ් හෙවත් සතුටු දායකය. එනම් තමන්ගේ මරණයෙන් පසු තමන් වෙත කුසල් ළඟා කර ගනු පිණිස තම මුදලින් යහපත් මාර්ගයේ හා දැහැමි කටයුතුවල වියදම් කිරීමට කරන ලද අන්තිම ප්‍රතිඥා සහිත ප්‍රකාශය. 2- වාජිබ් හෙවත් අනිවාර්යය. එනම්: නිකුත් නොකළ සකාත් හෝ දිය යුතු ප්‍රතිකර්ම හා එවැනි මූලික වශයෙන් අනිවාර්යය වූ වෙනත් දෑ මෙන් උත්තරීතර අල්ලාහ් වෙනුවෙන් කළ යුතු හෝ ණය පියවීම, පැවරුණු වගකීම් ඉටු කිරීම වැනි මිනිසා වෙනුවෙන් ඉටු කළ යුතු වගකීම් වුව ද තමන් වෙත පැවරුණු එවන් වගකීම් ඉටු කිරීමට අන්තිම ප්‍රතිඥා සහිත ප්‍රකාශය. 3- මුහර්රමා හෙවත් තහනම් කරන ලද්දකි. එනම් තම ධනයෙන් තුනෙන් එකකට වඩා ඔහු අන්තිම කැමැත්ත ප්‍රකාශ කර තිබුණු විටෙක හෝ එක් උරුමක්කරුවකුට පමණක් එසේ අන්තිම කැමැත්ත ප්‍රකාශ කර තිබුණු විටෙකය.
ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමාගේ මහිමය. යහපත් කටයුතු සඳහා එතුමාණන් යුහුසුළු වීම. ප්‍රඥාවන්ත නීති සම්පාදක අල්ලාහ්ව පිළිපැදීම.
ඉබ්නු දකීක් අල්-ඊද් තුමා මෙසේ පවසයි: රාත්‍රී දෙකකට හා තුනකට පිරිනැමෙන අවසරය, වැරදි හා දුෂ්කරතා වළක්වාලයි.
වැදගත් කරුණු ලියා සටහන් කර තබා ගත යුතුය. මක්නිසාද යත් එම අයිතිවාසිකම් සහතික කිරීමට හා ආරක්ෂා කිරීමට එය වඩාත් ශක්තිමත් වන බැවිනි.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...