HadeethEnc · 1.24.0
අල්ලාහ් දඬුවම් කරන ආකාරයෙන් ඔබ දඬුවම් නො කරන්න
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
ඉක්රිමා තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම අලී (රළියල්ලාහු අන්හු) තුමා පිරිසක් ගින්නෙන් පුළුස්සා දැමුවේය. එය ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා වෙත දැනගන්නට ලැබී ඒ ගැන එතුමාගෙන් විමසා සිටියේය. එවිට එතුමා: "අල්ලාහ් දඬුවම් කරන ආකාරයෙන් ඔබ දඬුවම් නො කරන්න" යනුවෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පවසා ඇති බැවින් මම ඔවුන් පුළුස්සා නොදමන්නට සිටිය ද නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් 'කවරෙකු දහම වෙනස් කළේ ද ඔබ ඔහුව මරා දමන්න' යැයි ප්‍රකාශ කර ඇති නිසා මම ඔවුන් මරා දැමුවෙමි" යැයි පැවසීය.
02
Explanation
අලී ඉබ්නු අබී තාලිබ් (රළියල්ලාහු අන්හු) තුමා ඉස්ලාමයෙන් ඉවත් වූ මිථ්‍යාදෘෂ්ටික අන්තවාදීන් පිරිසක් ගින්නෙන් පුළුස්සා දැමීය. මේ ගැන දැනගත් අබ්දුල්ලා ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා ඔවුන් මරා දැමීමට ඔහුට සහාය දුන් නමුත් ඔවුන් ගින්නෙන් පුළුස්සා දැමීම ප්‍රතික්ෂේප කළේය. තවදුරටත් මෙසේ පැවසීය. "ඔහුගේ ස්ථානයේ මා සිටියේ නම් මම ඔවුන් ගින්නෙන් පුළුස්සා නොදමමි. මක්නිසාදයත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ගින්නට හිමි පරමාධිපතියාණන් වූ අල්ලාහ්ට හැර ගින්නෙන් දඬුවම් දීමට වෙනත් කිසිවකුට යුතු නොවන බව පැහැදිලි කර ඇති බැවිනි." නමුත් ඔවුන්ව මරා දැමීම ගැන හෙතෙම සෑහීමට පත් විය. එය සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ ප්‍රකාශය පරිදිය. එනම් කවරෙකු ඉස්ලාමය අත්හැර දමා තම දහම වෙනස් කර, වෙනත් දහමක් වැළඳ ගෙන ඉස්ලාමයට එරෙහිව ක්‍රියා කළේ ද ඔහුව මරා දමනු යැයි පවසා ඇත්තාහ.
03
Benefits
විද්වතුන්ගේ සම්මත අදහස අනුව ඉස්ලාම් දහම හැර දමා එයට ද්‍රෝහී වූ අයට මරණ දඬුවම දිය යුතුය. එය එහි කොන්දේසි අනුව දුවිය යුතුය. ප්‍රධානියාට හෝ නීතිපතිවරයාට හැර වෙනත් කිසිවකුට එය ක්‍රියාත්මක කළ නොහැක.
"කවරෙකු දහම වෙනස් කළේ ද ඔබ ඔහුව මරා දමන්න" යන එතුමාණන්ගේ ප්‍රකාශය වනාහි, ඉස්ලාම් දහමින් කවරෙකු ඉවත්ව එයට ද්‍රෝහි වූයේ ද ඔහුව මරා දමන්න යන්නයි. එම නීතිය පිරිමි හා කාන්තා යන දෙපාර්ශවයටම පොදු වූ නීතියකි.
දහම හැර දමා ගිය අයකු ඔහුගේ එම ද්‍රෝහිත්වය මත ම රැඳී සිටීමට අවසර නැත. ඔහුව ඉස්ලාමය තුළට නැවත ඇරයුම් කරනු ලැබේ. නමුත් ඔහු එයට පිළිතුරු නොදුන්නේ නම් ඔහුට මරණ දඬුවම ක්‍රියාත්මක කරනු ලැබේ.
මෙම හදීසය තුළ ගින්නෙන් දඬුවම් දීම වළක්වා ඇති අතර මරණ දඬුවමක් වුව ද ගින්නෙන් පුළුස්සා ක්‍රියාත්මක කළ නොහැකි බව අවධාරණය කෙරේ.
ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමාගේ මහිමය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ හදීස් පිළිබඳව එතුමා තුළ තිබූ පුළුල් දැනුම හා අවබෝධය.
එකඟ නොවන විරුද්ධවාදියාට තරවටු කිරීමේ ආචාර ධර්මය මෙහි ඇතුළත් වේ.

Attribution
[رواه البخاري]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares