දරුවා! ඔබ අල්ලාහ්ගේ නාමය පවසන්න. ඔබේ දකුණතින් අනුභව කරන්න. ඔබට අසළින් ඇති දෑ අනුභව කරන්න
Choose an available translation of this Hadeeth
Hadeeth text
උමර් ඉබ්නු අබී සලමා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: "මම අල්ලාහ්ගේ දූතයාණන්ගේ උකුලේ වැඩුණු කොලුුවෙක් වූයෙමි. මාගේ අත බන්දේසිය වටේ සැරිසරමින් තිබිණ. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මට “දරුවා! ඔබ අල්ලාහ්ගේ නාමය පවසන්න. ඔබේ දකුණතින් අනුභව කරන්න. ඔබට අසළින් ඇති දෑ අනුභව කරන්න.” යැයි පැවසූහ. ඉන්පසු මගේ ආහාර වේල එසේම විය.
Explanation
එවායින් පළමුවැන්න: ආහාර ගැනීම ආරම්භයේ දීම 'බිස්මිල්ලාහ්' යැයි පැවසීමය.
දෙවැන්න: දකුණු අතින් ආහාර ගැනීම.
තුන්වැන්න: තමන් අසළ, සමීපයෙන් ඇති ආහාරය අනුභව කිරීම.
Benefits
දරුවන්ට විනය ඉගැන්වීම. විශේෂයෙන් පුද්ගලයෙකුගේ රැකවරණය යටතේ සිටින අයට.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ කරුණාව, කුඩා දරුවන්ට ඉගැන්වීමට හා විනය කියා දීමට එතුමාණන්ගේ හදවත තුළ තිබූ පුළුල්භාවය.
ආහාර ගැනීමේ තවත් විනයක් වනුයේ තමන්ට අසලින් ඇති දෑ අනුභව කිරීමය. නමුත් එහි විවිධ ආහාර වර්ග වී නම්, ඒවා ගැනීමට ඔහුට අවසරය ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කවර විනයක් සහාබාවරුන්ට ඉගැන්වූයේ ද ඔවුහු එය එලෙසම පිළිපැද්දෝය. එය 'ඉන්පසු මගේ ආහාර වේල එසේම විය' යන උමර් තුමාගේ ප්‍රකාශයෙන් පෙන්වා දෙයි.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

