افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#3507[صحيح]
HadeethEnc · 1.24.0

'නියත වශයෙන්ම, අල්ලාහ්ගේ නාමය සඳහන් නොකරන ලද ඕනෑම ආහාරයකින් ෂෙයිතාන් අනුමත කර ගන්නට බලයි

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

හුදෙයිෆා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) සමඟ ආහාර වේලකට සහභාගී වූ විට, අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) එතුමාණන්ගේ අත තබන තුරු අපි අපගේ අත් නොතබමු. වරක් අපි ඔහු සමඟ ආහාර වේලකට සහභාගී වූ විට කුඩා දැරියක් ඉදිරියට තල්ලු කරනු ලබනවාක් මෙන් වේගයෙන් පැමිණියා ය. ඇය කෑමට අත තැබීමට සූදානම් වූ විට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ඇගේ අත අල්ලා ගත්හ. පසුව ගම්බද අරාබි වරයකු ඉදිරියට තල්ලු කරනු ලබනවාක් මෙන් වේගයෙන් පැමිණියේ ය. එතුමාණෝ ඔහුගේ අත ද අල්ලා ගත්තේය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පැවසූූහ: 'නියත වශයෙන්ම, අල්ලාහ්ගේ නාමය සඳහන් නොකරන ලද ඕනෑම ආහාරයකින් ෂෙයිතාන් අනුමත කර ගන්නට බලයි. ඔහු මේ කුඩා දැරිය සමග එය අනුමත කර ගන්නට පැමිණියේය. නමුත් මම ඇගේ අත අල්ලා ගත්තෙමි. පසුව ඔහු මෙම ගම්බද අරාබිවරයා සමග එය අනුමත කර ගන්නට පැමිණියේය. නමුත් මම ඔහුගේ අත ද අල්ලා ගත්තෙමි. මගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරමි! නියත වශයෙන්ම ඔහුගේ අත ඇගේ අත සමඟ මගේ ග්‍රහණයේ ඇත."
02

Explanation

හුදෙයිෆා (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ මෙනෙහි කර සිටියේය: අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) සමඟ ආහාර වේලකට සහභාගී වූ විට, අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) අත තබා ආරම්භ කරන තෙක් අපි අපගේ අත් නොතබමු. වරක් අපි එතුමාණන් සමඟ ආහාර වේලකට සහභාගී වූ විට කුඩා දැරියක් ඉදිරියට තල්ලු කරනු ලබනවාක් මෙන් දැඩි වේගයෙන් පැමිණියා ය. ඇය කෑමට අත තැබීමට සූදානම් වූ විට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ඇගේ අත අල්ලා ගත්හ. පසුව ගම්බද අරාබි වරයකු ඉදිරියට තල්ලු කරනු ලබනවාක් මෙන් වේගයෙන් පැමිණියේ ය. එතුමාණෝ ඔහු එම ආහාරය ස්පර්ශ කිරීමට පෙර ඔහුගේ අත් දෙක අල්ලා ගත්හ. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පැවසූූහ: සර්වබලධාරී අල්ලාහ්ගේ නාමය මෙනෙහි නොකරන ලද ආහාර ගැනීම මිනිසා ආරම්භ කළ විට ෂෙයිතාන් එය අනුමත කර ගන්නට බලයි. ඔහු මේ කුඩා දැරිය සමග එම ආහාරය අනුමත කර ගන්නට පැමිණියේය. නමුත් මම ඇගේ අත අල්ලා ගත්තෙමි. පසුව ඔහු මෙම ගම්බද අරාබිවරයා සමග එය අනුමත කර ගන්නට පැමිණියේය. නමුත් මම ඔහුගේ අත ද අල්ලා ගත්තෙමි. මගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරමි! නියත වශයෙන්ම ෂෙයිතාන් ගේ අත ඇගේ අත සමග මගේ අතේ ඇත. පසුව අල්ලාහ්ගේ නාමය පවසා ආහාර අනුභව කළේය.
03

Benefits

සහාබාවරුන් අල්ලාහ්ගේ දූතයාණන් වෙත දැක් වූ ගෞරවය, එතුමාණන් සමග ආචාරශීලීව ඔවුන් කටයුතු කිරීම.
ආහාර ගැනීමේ දී වැඩිහිටියෙකු හා උසස් කෙනෙකු එය ආරම්භ කරන තෙක් වයසින් අඩු අය බලාපොරොත්තුවෙන් සිටීම ආහාර ගැනීමේ එක් ආචාර ධර්මයකි.
‌ෂෙයිතාන් නොසැලකිලිමත් මිනිසුන්ව තමා අනුමත කරන දේවල් කිරීමට පොළඹවා ගනියි. එමගින් ඔහුගේ ඉලක්කය සපුරා ගැනීමට බලයි. මෙම හදීසයේ සඳහන්ව ඇති දෑ ද එවැන්නකි.
අන් අයට ඇසෙන සේ හා ඒ කෙරෙහි අවදානය යොමු වන සේ බිස්මි උස් හඬින් පැවසීම සතුටුදායක වේ යැයි විද්වතුන් පවසන බව නවවි තුමා සඳහන් කරයි.
ආහාර අනුභව කිරීම සඳහා කිසිවකු හෝ පැමිණ, ඔහු බිස්මි පවසා සිටිනු ඔබට නො ඇසුනේ නම් ඔහු බිස්මි පවසන තෙක් ඔහුගේ අත අල්ලා ගත යුතුය.
දැනුම ඇති කෙනෙකු නම් පිළිකුල් සහගත දෑ වැළැක්විය යුතුය. හැකියාව ඇති කෙනෙකු නම් එම පිළිකුල් සහගත දෑ අතින් වැළැක්විය යුතුය.
මෙම හදීසය දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රාතිහාර්යයන් අතරින් එක් ප්‍රාතිහාර්යයක් පෙන්වා දෙන්නකි. එනම් මෙම කතාවේ සිදුවීම පිළිබඳ සර්වබලධාරී අල්ලාහ් එතුමාණන්ට දැනුවත් කර තිබීමෙනි.
අල්ලාහ්ගේ නාමය මෙනෙහි නොකළා වූ ආහාරයක හැර දේවත්වය විශ්වාස කළවුන්ගේ ආහාරය අනුමත කර ගැනීමට ෂෙයිතාන්ට ඉඩ ලැබෙන්නේ නැත.
ඉස්ලාමය තුළ ආහාර පාන පරිභෝජනය කිරීමේ ආචාර විධි ජනතාවට ඉගැන්වීම සතුටු දායකය.
සවන් දෙන්නා ඉදිරියේ කරුණ සහතික කරනු වස් දිවුරා සිටීම උචිත වේ.
නවවි තුමා මෙසේ පවසයි: ආහාර ගන්නා අවස්ථාවේ බිස්මි පවසනවාක් මෙන් ජලය, කිරි, මී පැණි, කැඳ, බෙහෙත් හා අනෙකුත් පාන වර්ග පානය කිරීමේ දී බිස්මි පැවසිය යුතුය.
නවවි තුමා මෙසේ පවසයි: ආහාරය ආරම්භයේ උවමනාවෙන් හෝ අමතක වීමෙන් හෝ නොදැනුවත්කමින් හෝ බලකිරීමකින් හෝ වෙනත් හේතුවක් මත අසරණ තත්ත්වයට පත්වීමෙන් හෝ බිස්මි පැවසීමට මඟ හැරුණේ නම්, ඔහු අනුභව කරන අතරවාරයේ එය පැවසීමට හැකි වූ විටෙක බිස්මි පවසා 'බිස්මිල්ලාහි අව්වලහූ වආහිරහූ' යැයි පැවසිය යුතුය. එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ප්‍රකාශයක් සාධක කර ගනිමිනි. එනම් "ඔබ අතරින් කිසිවෙකු හෝ අනුභව කරන විටෙක අල්ලාහ්ගේ නාමය මෙනෙහි කළ යුතුය. අල්ලාහ්ගේ නාමය එහි ආරම්භයේ මෙනෙහි කිරීමට අමතක වූයේ නම් ඔහු බිස්මිල්ලාහි අව්වලහූ වආකිරහු" යනුවෙන් පැවසිය යුතුය. මෙය අබූ දාවූද් හා තිර්මිදි විසින් වාර්තා කර ඇත.

Attribution

[رواه مسلم]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...