අල්ලාහ් මත දිවුරමින්! ඔබගෙන් කෙනෙකු අයුතු ලෙස යමක් ගන්නේ නම්, ඔහු නියත වශයෙන්ම විනිශ්චය දිනයේදී එය දරාගෙන සර්වබලධාරී අල්ලාහ් හමුවනු ඇත
Choose an available translation of this Hadeeth
Hadeeth text
අබූ හුමෙයිද් අස්-සාඉදී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ඉබ්නු අල්-ලුත්බියා නම් මිනිසෙකු සුලෙයිම් ගෝත්‍රයේ සකාත් එකතු කරන්නෙකු ලෙස සේවයේ යෙදවීය. ඔහු ගණන් හිලව් කිරීමට ආපසු පැමිණි කල්හි, මෙසේ පැවසීය: "මෙය ඔබලා සතුය. මෙය මට තෑග්ගක් ලෙස ලබා දෙන ලදී." එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මෙසේ පැවසූහ: “ඔබ සත්‍යවාදී නම්, ඔබේ තෑග්ග ඔබ වෙත පැමිණෙන තෙක් ඔබ ඔබේ පියාගේ සහ මවගේ නිවසේ රැඳී නො සිටියේ මන්ද?” පසුව එතුමාණෝ අප වෙත දේශනාවක් කළහ. අල්ලාහ්ට ප්‍රශංසා කිරීමෙන් හා පැසසුම් කිරීමෙන් පසු, මෙසේ පැවසූහ: "අල්ලාහ් මට පවරා ඇති අධිකාරියේ කොටසක් ලෙස, සේවය කිරීම සඳහා මම ඔබ අතරින් මිනිසෙකු යොදවා ගත්තෙමි. ඔහු පැමිණ මෙසේ කියයි: 'මෙය ඔබලා සතුයි. මෙය මට තෑග්ගක් ලෙස ලබා දෙන ලදී. ඔහුට තෑගි ලැබේදැයි බැලීමට ඔහු තම පියාගේ හෝ මවගේ නිවසේ රැඳී නොසිටියේ ඇයි? අල්ලාහ් මත දිවුරමින්! ඔබගෙන් කෙනෙකු අයුතු ලෙස යමක් ගන්නේ නම්, ඔහු නියත වශයෙන්ම විනිශ්චය දිනයේදී එය දරාගෙන සර්වබලධාරී අල්ලාහ් හමුවනු ඇත. එසේ ඔබ අතරින් කෙනෙකු අල්ලාහ් හමුවන්නේ, කෑ ගසන ඔටුවෙකු හෝ කෑ ගසන එළදෙනක් හෝ කෑ ගසන බැටළුවෙකු රැගෙන බව මම නිසැකවම දනිමි. ඉන්පසු, එතුමාණන්ගේ කිහිලිවල සුදු පැහැය අපට පෙනෙන තෙක් දෑත් ඔසවා “අහෝ දෙවිඳුනි! මම (ඔබේ පණිවිඩය) ප්‍රකාශ කර තිබේ ද? මාගේ දෑසේ බැල්ම හා මාගේ දෙකන්හි ශ්‍රවණය සහතිකය." යැයි පැවසුහ.
Explanation
Benefits
ජනතාවගේ මුදල් අසාධාරණ ලෙස ගන්නා අය සඳහා වන අවවාදය.
කිසියම් අපරාධකරුවකු වී නම් ඔහු කළ අපරාධය සමග මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින පැමිණෙනු ඇත.
ඕනෑම රාජ්‍ය සේවයක නිරත වන සේවකයෙකුගේ යුතුකම වන්නේ තමාට පවරා ඇති දේ ඉටු කිරීමයි. ඔහුගේ කාර්යය සම්බන්ධයෙන් තෑගි ලබා ගැනීමට ඔහුට අවසර නැත. ඔහු ඒවා ලබා ගන්නේ නම්, ඔහු ඒවා පොදු භාණ්ඩාගාරයට දැමිය යුතුය. එය නපුරේ සහ විශ්වාසය කඩ කිරීමේ මාධ්‍යයක් වන බැවින් ඒවා තමා වෙනුවෙන් ගැනීමට ඔහුට අවසර නැත.
ඉබ්නු බත්තාල් තුමා මෙසේ පැවසීය: "හදීසය පෙන්වා දෙනුයේ, සැබැවින්ම සේවකයෙකුට තෑග්ගක් ලැබීම යනු, ඔහුගේ කරුණාවට ස්තූති කිරීම හෝ ඔහු කෙරෙහි සෙනෙහස පෙන්වීම හෝ ඔහු තම යුතුකම ඉටු කරනු ඇතැයි අපේක්ෂා කිරීමයි. ඔහුට එවැනි දේවල් (උපහාර වැනි) ලැබුණු විට, ඔහුත් පොදු මුස්ලිම් ජනතාව අතර සාමාන්‍යයෙකු ලෙස පවතින බවයි. ඔහුට ඔවුන්ට වඩා කිසිඳු විශේෂ අයිතියක් නැත. ඒ නිසා ඒවා එකම පුද්ගලයෙකු විසින් පමණක් භුක්ති විඳිම සුදුසු නැත."
අන් නවවි තුමා මෙසේ පැවසීය: "මෙම හදීසය පැහැදිලි කරන්නේ සේවකයින්ට තෑගි දීම තහනම් සහ අයථා පරිහරණයක් බවයි. මක්නිසාදයත් ඔහු තම අධිකාරිය සහ විශ්වාසය පාවා දුන් නිසාවෙනි. මේ හේතුව නිසා ඔහුට දඬුවම් කිරීම සහ නැවත නැගිටුවනු ලබන දිනයේදී ඔහුට ලබා දුන් දේ ඔහු රැගෙන යාම ගැන හදීසයේ සඳහන් වී ඇත. එමෙන්ම තෑග්ගක් ලබා දුන් තැනැත්තා ගැන එම හදීසයේම සඳහන් වී ඇත. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් එම හදීසයේම ඔහුට තෑගි තහනම් කිරීමට හේතුව පැහැදිලි කළ අතර, එය සේවකයෙකු නොවන කෙනෙකුට තෑග්ගක් මෙන් නොව, අධිකාරිය නිසා එසේ තහනම් කෙරෙන බැවිනි."
ඉබ්නු අල්-මුනීර් තුමා මෙසේ පැවසීය: “ඔහු තම පියාගේ සහ මවගේ නිවසේ වාඩි නොවූයේ ඇයි?” යන ඔහුගේ ප්‍රකාශයෙන් එය තේරුම් ගත හැකිය. ඊට පෙර ඔහුට තෑගි දුන් කෙනෙකුගෙන් තෑග්ගක් පිළිගැනීමට අවසර තිබිණ. ඉබ්නු හජර් තුමා මෙසේ පැවසීය: 'එහි ස්ථානය පුරුදු පරිදි ලැබෙන දේට අමතරව ඉක්මවා නොයන විටෙක බව නො රහසකි.'
උපදෙස් දීමේ දී නබි තුමාණන්ගේ ක්‍රියා මාර්ගය. එය අපහස කිරීම නොව පොදු උපදෙදෙස් කිරීමකි.
ඉබ්නු හජර් තුමා මෙසේ පැවසීය: "විෂයභාර අයෙකු පිළිබඳ පරීක්ෂණ කිරීම ආගමානුගත කරුණකි."
ඉබ්නු හජර් මෙසේ පැවසීය: වැරැද්දක් කරන අයකුට තරවටු කිරීමට මෙහි අවසර ඇත.
ප්‍රාර්ථනාවේ දී අත් දෙක එසවීම සතුටුදායකය.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

