افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#5544[පූර්ව සාධක සහිත හදීසයකි]
HadeethEnc · 1.24.0

අහෝ ආදම්ගේ පුතණුවනි, මම රෝගාතුර වූයෙමි. නමුත් ඔබ මාගේ සුවදුක් නොවිමසුවෙහිය යැයි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ කීර්තිමත් හා සර්වබලධාරී වූ අල්ලාහ් පවසනු ඇත.

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) පැවසූ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නියත වශයෙන්ම කීර්තිමත් වූ හා සර්වබලධාරී අල්ලාහ් මෙසේ පවසයි: ආදම්ගේ පුතණුවනි, මා රෝගාතුර වූයෙමි. නමුත් නුඹ මාගේ සුවදුක් නොවිමසුවෙහිය. එවිට ඔහු: මාගේ පරමාධිපතියාණනි, ඔබ සර්වලෝකයන්හි පරමාධිපති ව සිටියදී මම ඔබෙන් සුවදුක් විමසනුයේ කෙසේදැ?යි විමිසයි. ඔහු (අල්ලාහ්) : ඔබ නොදන්නෙහි ද නියත වශයෙන්ම මාගේ ගැත්තෙකු වූ මොහු රෝගාතුර ව සිටියේය. නමුත් ඔබ ඔහුගේ සුවදුක් නොවිමසුවෙහිය. ඔබ නොදන්නෙහි ද ! සැබැවින්ම ඔබ ඔහුගේ සුවදුක් විමසුවෙහි නම් ඔහු අසළ ඔබට මා දැකගන්නට තිබිණ. අහෝ ආදම්ගේ පුතණුවනි, මම ඔබෙන් ආහාර පැතුවෙමි. නමුත් ඔබ මට අහාර නොදුන්නෙහිය. එවිට ඔහු: මාගේ පරමාධිපතියාණනි, ඔබ සර්වලෝකයන්හි පරමාධිපති ව සිටියදී මම ඔබට ආහාර සපයනුයේ කෙසේදැ?යි විමිසයි. ඔබ නොදන්නෙහි ද නියත වශයෙන්ම මාගේ ගැත්තෙකු වූ මොහු ඔබෙන් ආහාර පැතුවේය. නමුත් ඔබ ඔහුට ආහාර නොදුන්නෙහිය. ඔබ නොදන්නෙහි ද ! සැබැවින්ම ඔබ ඔහුට ආහාර සපයා ඇත්නම් ඔහු අසළ ඔබට එය දැකගන්නට තිබිණ. යැයි පවසයි. ඔහු (අල්ලාහ්) : අහෝ ආදම්ගේ පුතණුවනි, මම ඔබෙන් ජලය පැතුවෙමි. නමුත් ඔබ මට ජලය නොදුන්නෙහිය. එවිට ඔහු: මාගේ පරමාධිපතියාණනි, ඔබ සර්වලෝකයන්හි පරමාධිපති ව සිටියදී මම ඔබට ජලය සපයනුයේ කෙසේදැ?යි විමසයි. ඔබ නොදන්නෙහි ද ! නියත වශයෙන්ම මාගේ ගැත්තෙකු වූ මොහු ඔබෙන් ජලය පැතුවේය. නමුත් ඔබ ඔහුට ජලය නොදුන්නෙහිය. ඔබ නොදන්නෙහි ද ! සැබැවින්ම ඔබ ඔහුට ජලය සපයා ඇත්නම් ඔහු අසළ ඔබට එය දැකගන්නට තිබිණ. යැයි පවසයි.
02

Explanation

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) පැවසූ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් මෙසේ පවසයි: ආදම්ගේ පුතණුවනි, මා රෝගාතුර වූයෙමි. නමුත් ඔබ මාගේ සුවදුක් නොවිමසුවෙහිය. එවිට ඔහු: ඔබ සර්වලෝකයන්හි පරමාධිපති ව සිටියදී මම ඔබෙන් සුවදුක් විමසනුයේ කෙසේදැ?යි විමිසයි. එනම් මම ඔබෙන් සුවදුක් විමසන තෙක් මා වෙත කිසිදු අවශ්යතාවක් ඇත්තෙකු ලෙස ඔබ නොසිටියෙහිය යන්නයි. ඔහු (අල්ලාහ්): ඔබ නොදන්නෙහි ද නියත වශයෙන්ම මාගේ ගැත්තෙකු වූ මොහු රෝගාතුර ව සිටියේය. නමුත් ඔබ ඔහුගේ සුවදුක් නොවිමසුවෙහිය. සැබැවින්ම ඔබ ඔහුගේ සුවදුක් විමසුවෙහි නම් ඔහු අසළ ඔබට මා දැකගන්නට තිබිණා නොවේ ද? මෙම හදීසයේ මම රෝගාතුර වූයෙමි. නමුත් ඔබ මගෙන් සුවදුක් නොවිමසුවෙහිය යන උත්තරීතර අල්ලාහ්ගේ ප්රකාශයේ කිසිදු ගැටලුවක් නැත. රෝගය යනු අල්ලාහ්ට තිබිය නොහැක්කකි. රෝගය අඩුපාඩු පෙන්වන ගුණාංගයකි. සුවිශුද්ධ අල්ලාහ් සියලු අඩුපාඩුවලින් තොර වූවෙකි. නමුත් මෙහි රෝගය යනුවෙන් අදහස් කරනුයේ අල්ලාහ්ගේ දැහැමි ගැත්තන් හා ඔහුට ඉතා සමීපවූවන් අතුරින් ගැත්තෙකු රෝගාතුර වීම ගැනය. ඔවුහු ඔහුගේ සුවිශේෂි අය වෙති. එහෙයින් ඔහු මෙසේ පවසා සිටියේය. සැබැවින්ම ඔබ ඔහුගේ සුවදුක් විමසුවෙහි නම් ඔහු අසළ ඔබ මා දැකගන්නට තිබිණ. නමුත් ආහාර හා පානය සම්බන්ධව පවසන විට දන්වා සිටියාක් මෙන් ඔබ එය මා අසළ දැක ගන්නට තිබිණි යැයි නොපවසා ඒ වෙනුවට ඔබ මා දැක ගන්නට තිබුණි යැයි පවසා සිටියේය. රෝගියා අල්ලාහ්ට සමීපයෙන් සිටින බව මෙය පෙන්වා දෙයි. එහෙයින් විද්වත්හු ඇත්තෙන්ම රෝගියා යමෙකුගේ යහපත වෙනුවෙන් හෝ යමෙකුට එරෙහිව හෝ ප්රාර්ථනා කළේ නම් එයට පිළිතුරු ලබන්නට වඩාත් සුදුස්සකු වේ. ආදම්ගේ පුතණුවනි, මම ඔබෙන් ආහාර පැතුවෙමි. නමුත් ඔබ මට අහාර නොදුන්නෙහිය. යන ප්රකාශයෙන් අදහස් වනුයේ මම ඔබෙන් ආහාර ඉල්ලා සිටියෙමි. නමුත් ඔබ නොදුන්නෙහිය යන්නයි. සූරා අල් අන්ආම්හි 14 වන වැකියේ ‘ඔහු ආහාර සපයන්නාය. ඔහුට ආහාර සපයනු නොලැබේ‘ යන උත්තරීතර අල්ලාහ්ගේ ප්රකාශයට අනුව අල්ලාහ් තමන් වෙනුවෙන් ආහාර ඉල්ලා නොසිටින බව දන්නා කරුණකි. ඔහු සියලු දැයින් පොහොසත්ය. ආහාර හෝ පාන අවශ්ය වන්නේ නැත. නමුත් අල්ලාහ්ගේ ගැත්තන් අතුරින් ගැත්තෙකු කුසගින්නෙන් සිටියේය. ඔහු ගැන යමෙකු දැන සිටියද ඔහු ඔහුට ආහාරා දුන්නේ නැත. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි. සැබැවින්ම ඔබ ඔහුට ආහාර සපයා ඇත්නම් මා අසළ ඔබට එය දැකගන්නට තිබිණ යැයි පවසයි. මෙයින් අදහස් වන්නේ එහි කුසල මා ඔබ වෙනුවෙන් රැස් කර ඇත්තෙමි යහපතට ඒ හා සමාන යහපත හත්සීයයක් දක්වා ගුණ කොට තව තවත් අධිකව ගුණ කොට ඇත.අහෝ ආදම්ගේ පුතණුවනි, මම ඔබෙන් ජලය පැතුවෙමි. එනම් ඔබ මට ජලය සපයන්නැයි මම ඔබෙන් ඉල්ලා සිටිය ද ඔබ මට ජලය පිරිනැමුවේ නැතැයි යන්නයි. තවදුරටත් ඔහු: මාගේ පරමාධිපතියාණනි, ඔබ සර්වලෝකයන්හි පරමාධිපති ව සිටියදී මම ඔබට ජලය සපයනුයේ කෙසේදැ?යි විමසයි. එනම් ආහාර හෝ පානයක අවශ්යතාවක් ඔබට නැතැයි යන්නය. නියත වශයෙන්ම මාගේ ගැත්තෙකු වූ මොහු පිපාසිතව සිටියේය. ඔබෙන් ඔහු ජලය පැතුවේය. නමුත් ඔබ ඔහුට ජලය නොදුන්නෙහිය. ඔබ නොදන්නෙහි ද! සැබැවින්ම ඔබ ඔහුට ජලය සපයා ඇත්නම් මා අසළ ඔබට එය දැකගන්නට තිබිණ. යැයි පවසයි. ඔබෙන් ජලය පතන කෙනෙකුට ජලය සපයා සිටියේ නම් මම ඔහුට ජලය සපයමි. එය ඔබ අල්ලාහ් අබියස රැස් කර තිබෙනු ඔබ දැකගනු ඇත. යහපතට ඒ හා සමාන යහපත හත්සීයයක් දක්වා ගුණ කොට තව තවත් අධිකව ගුණ කොට පිරිනමනු ඇත.

Attribution

[ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...