افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#5493[صحيح]
HadeethEnc · 1.24.0

“ශක්තිමත් දේව විශ්වාසියා දුර්වල දේව විශ්වාසියාට වඩා උතුම්ය. අල්ලාහ් වෙත වඩාත් ප්‍රිියමනාපය. සෑම දෙයකම යහපතක් ඇත

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “ශක්තිමත් දේව විශ්වාසියා දුර්වල දේව විශ්වාසියාට වඩා උතුම්ය. අල්ලාහ් වෙත වඩාත් ප්‍රිියමනාපය. සෑම දෙයකම යහපතක් ඇත. ඔබට ප්‍රයෝජනවත් වන දෑ කෙරෙහි ඇල්ම ඇති කර ගනු. අල්ලාහ්ගෙන් උදව් පතනු. ඔබ දුර්වල නොවනු. ඔබට යම් විපතක් ඇති වූ විටෙක, සැබැවින්ම මම මෙසේ කටයුතු කර තිබුණේ නම් මේ මේ දේ වන්නට තිබුණි යැයි නොපවසනු. ඒ වෙනුවට ‘අල්ලාහ්ගේ නියමයයි. ඔහු අභිමත කළ දෑ සිදු කළේය’ යැයි පවසනු. "එසේ වී නම්" ෂෙයිතාන්ගේ ක්‍රියාව ඔබ විවෘත කරනු ඇත."
02

Explanation

"සැබැවින්ම මුඃමින්වරයකුට සෑම දෙයකම යහපත් ය. නමුත් තම විශ්වාසයේ තම ස්ථාවරත්වයේ තම ධනයෙහි හා අනෙකුත් සියලුම බලගන්වන දෑ හි ශක්තිමත් දේව විශ්වාසියා දුර්වල දේව විශ්වාසියාට වඩා උතුම්ය, අල්ලාහ්ට වඩාත් ප්‍රියමනාපය" යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිලි කර සිටියේය. තමන්ට මෙලොව හා මතුලොව ප්‍රයෝජනවත් වන කරුණු වලදී උත්තරීතර අල්ලාහ් මත ස්ථාවරව සිට, ඔහුගෙන් උපකාර ඉල්ලා, ඔහු මත සියල්ල භාර කරමින් අවශ්‍ය සාධක රැගෙන කටයුතු කරන මෙන් මුඃමින්වරයාට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් උපදෙස් දුන්හ. දෙ ලොවටම ප්‍රයෝජනවත් වන ක්‍රියාවලදී නොහැකියාව, මැලිකම හා නොසැලකිලිමත් භාවයෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වැළැක්වූහ. මුඃමින්වරයකු යම් කටයුත්තක වෙහෙස වූ විට, අල්ලාහ්ගෙන් උපකාර පතමින් එයට අදාළ සාධක ක්‍රියාත්මක කරයි. යහපත අල්ලාහ්ගෙන් පතයි. ඉන් පසුව තම කටයුතු සියල්ල අල්ලාහ්ට පැවරීම මිස වෙනත් කිසිවක් මත ඔහු නොසිටියි. සර්ව බලධාරී අල්ලාහ්ගේ තේරීම යහපත් බව ඔහු මැනවින් දනියි. ඉන්පසු යම් අභාග්‍යමත් සිදු වීමක් ඔහුට අත්වූයේ නම්, ඔහු මෙසේ නොපවසයි: 'මම මෙසේ කර තිබුණා නම් මේ මේ අයුරින් වන්නට තිබුණි' මක්නිසාද යත් පෙරනියමයට විරුද්ධ වීම සහ අතපසු වූ දෑ ගැන දුක් වීම යන විෂයයෙහි ඔහු ෂෙයිතාන්ගේ කාර්යය විවෘත කරන බැවිනි. නමුත් ඔහු යටහත් පහත්ව හා තෘප්තිමත්ව මෙසේ පවසයි: "අල්ලාහ්ගේ නියමයයි. ඔහු අභිමත කළ දේ සිදු කර ඇත්තේය." යමක් සිදු වූයේ නම් එය අල්ලාහ් අභිමත කළ දෑමය. සැබැවින්ම ඔහු සිතන දේ මැනවින් සිදු කරන්නාය. ඔහුගේ තීන්දුවට විරුද්ධවන කිසිවෙකු නැත. ඔහුගේ නීතියට පසු විපරමක් නැත.
03

Benefits

දේව විශ්වාසය තුළ මිනිසුන් අතර පවතින වෙනස්කම්.
ක්‍රියාවන්හි ශක්තිමත් භාවය සතුටු දායකය. හේතුව දුර්වලභාවයෙන් ලබන දෑට වඩා එමගින් ලබන දෑ වඩාත් ප්‍රයෝජනවත්ය.
මිනිසා තමන්ට ප්‍රයෝජනවත් දෑ හි උනන්දු විය යුතු අතර තමන්ට ප්‍රයෝජනවත් නොවන දෑ අත්හැර දැමිය යුතුය.
මුඃමින්වරයා තම සියලුම කටයුතුවලදී අල්ලාහ්ගේ උදව්ව පැතිය යුතුය. තමන් කෙරෙහි පමණක් රැඳී නොසිටිය යුතුය.
නියමය හා තීන්දුව සහතික කිරීම. නමුත් එය යහපත සේවීමේ දී වෙහෙසීම හා හේතු සාධක ක්‍රියාත්මක කිරීම අහෝසි නොකරයි.
අභාග්‍යයන් පහළ වන විට කෝපාකාරීව, 'ලව්' යන පදයෙන් අර්ථවත් වන 'නම්' යැයි ප්‍රකාශ කිරීමේ තහනම හා උත්තරීතර අල්ලාහ්ගේ නියමයට හා තීන්දුවට පිටුපෑමේ තහනම.

Attribution

[رواه مسلم]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...