කවරෙකු ජනාසා සලාත් ඉටු කරන තෙක්ම එයට සහභාගී වූයේ ද ඔහුට ‘කීරාත්’ (නම් කුසල් ප්රමාණයක්) හිමිය. කවරෙකු වල දමන තෙක් ඒ සඳහා සහභාගී වූයේ ද ඔහුට කීරාත් දෙකක් හිමිය. ‘කීරාත් දෙකක් යනු කුමක් දැ?යි විමසනු ලැබූ විට, ‘විශාල කඳු දෙකක් මෙන්’ යැයි එතුමා පැවසූහ.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “කවරෙකු ජනාසා සලාත් ඉටු කරන තෙක්ම එයට සහභාගී වූයේ ද ඔහුට ‘කීරාත්’ (නම් කුසල් ප්රමාණයක්) හිමිය. කවරෙකු වල දමන තෙක් ඒ සඳහා සහභාගී වූයේ ද ඔහුට කීරාත් දෙකක් හිමිය. ‘කීරාත් දෙකක් යනු කුමක් දැ?යි විමසනු ලැබූ විට, ‘විශාල කඳු දෙකක් මෙන්’ යැයි එතුමා පැවසූහ.
මුස්ලිම්හි සඳහන් හදීසයක. “ඒ දෙකින් වඩාත් කුඩාම ප්රමාණය වනුයේ උහද් කන්දේ ප්රමාණය මෙනි.” යනුවෙන් සඳහන්ව ඇත.
Explanation
එහි ප්රමාණය සහාබාවරුන්ට සැඟවුණු කල්හි ඔවුන්ගේ බුද්ධියට වැටහෙන පරිදි සෑම කීරාතයක්ම විශාල කදු මෙන් සමාන බව උපමා කර පෙන්වූහ. හේතුව එහි තම සහෝදර මුස්ලිම් වරයාගේ යුතුකම් ඉටු කිරීම, ඔහුට ප්රාර්ථනා කිරීම, ඔහුගේ අපේක්ෂාවන් මෙනෙහි කිරීම, මිය ගිය ඇත්තන්ගේ ඥාතීන් හා දැහැමියන්ගේ හදවත් සැනසීම එහි ඇති බැවිණි.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

