افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#2944[صحيح]
HadeethEnc · 1.24.0

අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කරුණු හතක් අපට නියම කළ අතර තවත් කරුණු හතකින් අප වැළැක්වූහ

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අල්-බරාඃ ඉබ්නු ආසිබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කරුණු හතක් අපට නියම කළ අතර තවත් කරුණු හතකින් අප වැළැක්වූහ. රෝගියාගේ සුවදුක් විමසීම, ජනාසා කටයුතුවලට සහභාගිවී , කිවිසුම් ගිය තැනැත්තාට ප්‍රාර්ථනා කිරීම, දිවුරුම හෝ දිවුරන්නා නිදොස් කිරීම, අසාධාරණයට ලක්වූවන්ට උපකාර කිරීම, ඇරයුම් කරන්නාට පිළිතුරු දීම, සලාමය පතුරුවා හැරීම යනාදිය අපට අණ කළ අතර රන් මුදු පැළඳීම, රන් මුද්‍රා සෑදීම, රිදී භාජනවල පානය කිරීම, සේද සෑදල මත වාඩි වීම, 'කස්සීය්යි' නම් සේද මිශ්‍ර ලිනන් වලින් සාදන ලද ඇඳුම් ඇඳීමෙන්, සේද රෙදි, 'ඉස්තබ්රක්' නම් ඝන සේද රෙදි හා 'දීජාබ්' නම් මිල අධික විශිෂ්ට ඝනයේ සේද රෙදි ඇඳීමෙන් අප වැළැක්වූහ.
02

Explanation

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ මුස්ලිම්වරුන් හට කරුණු හතක් නියෝග කළ අතර කරුණු හතකින් ඔවුන් වැළැක්වූහ. ඒවායින් පළමුවැන්න: රෝගියා බැහැදැක සුවදුක් විමසීම. දෙවැන්න: ජනාසාවට සහභාගී වීම, ඒ සඳහා කෙරෙන සලාතය, එය වළ දැමීම හා ඒ සඳහා කරන ප්‍රාර්ථනාව යනාදියට හවුල් වීම. තුන්වැන්න: කිවිසුම හැරිය තැනැත්තා 'අල්හම්දුලිල්ලාහ්' යැයි අල්ලාහ්ට ප්‍රශංසා කළ විට 'යර්හමුකල්ලා' අල්ලාහ් ඔබට ආශිර්වාද කරත්වා යැයි පවසා ඔහුට ප්‍රාර්ථනා කිරීම. සිව්වැන්න: දිවුරන්නා නිදහස් කිරීම හා ඔහුව සහතික කිරීම. ඉන් අදහස් කරනුයේ යම් කරුණක් සම්බන්ධයෙන් දිවුරනු ලැබුවේ නම්, එහි දී ඔහුව නිදහස් කිරීමට ඔබට හැකියාව තිබුණේ නම්, ඔබ එසේ සිදු කළ යුතු වේ. එය ඔහුගේ දිවුරුම වෙනුවෙන් දිය යුතු ප්‍රතිකර්මය වෙත ඔහුව යොමු නො කරනු පිණිසය. පස්වැන්න: අසාධාරණයට පත් වූ අයට තම සහයෝගය පිරිනමා උපකාර කිරීම, අපරාධකරුගෙන් ඔහුට අත්වූ දෑ තම ශක්තියේ ප්‍රමාණයට අනුව එය වැළැක්වීම. හයවැන්න: විවාහ සංග්‍රහය, අකීකා සංග්‍රහය හෝ වෙනත් සංග්‍රහයක් සඳහා ආරාධනා කරන අයට ප්‍රතිචාර දැක්වීම. සත්වැන්න: සලාමය පැවසීම ප්‍රසිද්ධ කිරීම, එය පතුරුවා හැරීම හා ඒ සඳහා පිළිතුරු දීම. ඔවුනට තහනම් කළ දෑ: පළමුවැන්න: රනින් තැනූ මුදු පැළඳීම හා එහි ආභරණ පැළඳීම. දෙවැන්න: රිදී භාජනවල පානය කිරීම. තුන්වැන්න: සේද සෑදල මත වාඩි වීම. එය අශ්වයා හෝ ඔටුවා මත තබන ලද සේද ඇතිරිල්ලය. සිව්වැන්න: සේද මිශ්‍ර ලිනන් මගින් සාදන ලද ඇඳුම් වර්ගය. එය 'කස්සී' යනුවෙන් හඳුන්වනු ලැබේ. පස්වැන්න: සේද රෙදි ඇඳීම. හයවැන්න 'ඉස්තබ්රක් ඝනයේ සේද ඇඳීම. එනම් ඝන සේද රෙදි. සත්වැන්න: 'අද්-දීජාබ්' ඝනයේ සේද ඇඳිම. එය විශිෂ්ට ඝනයේ හා ඉතා වටිනා සේද වර්ගයකි.
03

Benefits

මුස්ලිම්වරයෙක් තම සහෝදර මුස්ලිම්වරයකුට කළ යුතු යුතුකම් කිහිපයක් පැහැදිලි කිරීම.
මූලික වශයෙන් ෂරීආ පිළිවෙත තුළ සඳහන් සියලු නියෝග හා තහනම් නියෝග පිරිමි හා කාන්තා දෙපාර්ශවයටම පොදුය. නමුත් පිරිමින්ට පමණක් සුවිශේෂී වූ හා කාන්තාවට පමණක් සුවිශේෂී වූ ඇතැම් කරුණු ද ඇත.
ජනාසාව පසුපස හඹායෑම කාන්තාවන්ට තහනම් කර ඇති බව වෙනත් හදීස්වල පෙන්වා දී ඇත.
එමෙන්ම රන් ආභරණ පැළඳීම හා සේද ඇඳීම කාන්තාවන්ට අවසර ඇති බව වෙනත් හදීස් පෙන්වා දී ඇත.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...