HadeethEnc · 1.24.0
“අහෝ අල්ලාහ්! කවරෙකු මාගේ සමූහයේ යම් කටයුත්තක් භාරව සිටගෙන, ඔවුන් මත දුෂ්කරතා ඇති කරන්නේ ද ඔබ ද ඔහු මත දුෂ්කරතා ඇති කරනු මැනව. තවද කවරෙකු මාගේ සමූහයේ කටයුත්තක් භාරව සිටගෙන ඔවුන් සම්බන්ධයෙන් මෘදු ලෙස කටයුතු කරන්නේ ද ඔහු සම්බන්ධයෙන් ද ඔබ මෘදු ලෙස කටයුතු කරනු මැනව.”
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මාගේ මේ නිවසේ හිඳ කළ ප්‍රකාශයකට මම සවන් දුනිමි යැයි පවසා ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් මෙසේ වාර්තා කරන ලදී: “අහෝ අල්ලාහ්! කවරෙකු මාගේ සමූහයේ යම් කටයුත්තක් භාරව සිටගෙන, ඔවුන් මත දුෂ්කරතා ඇති කරන්නේ ද ඔබ ද ඔහු මත දුෂ්කරතා ඇති කරනු මැනව. තවද කවරෙකු මාගේ සමූහයේ කටයුත්තක් භාරව සිටගෙන ඔවුන් සම්බන්ධයෙන් මෘදු ලෙස කටයුතු කරන්නේ ද ඔහු සම්බන්ධයෙන් ද ඔබ මෘදු ලෙස කටයුතු කරනු මැනව.”
02
Explanation
මුස්ලිම්වරුන් අතර සුළු හෝ මහා හෝ කවර කටයුත්තක් හෝ වේවා එවැන්නක් භාර ගත් සෑම කෙනෙකුටම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රාර්ථනා කළහ. එය පොදු හෝ නියමිත කොටසකට පමණක් ආවේනික භාරකාරත්වයක් වේවා එක සමානය. ඔහු ඔවුන් අතර දුෂ්කරතා ඇති කොට ඔවුන් සමග මෘදු ලෙස කටයුතු නොකළේ නම්, සැබැවින්ම උත්තරීතර අල්ලාහ් ඔහුගේ අදාළ ක්‍රියාවෙන්ම ප්‍රතිචාර දක්වමින් ඔහු වෙත දුෂ්කරතා ඇති කරනු ඇත.
කවරෙකු ඔවුන් සමග කාරුණිකව කටයුතු කර, ඔවුන්ගේ කටයුතු පහසු කරන්නේ ද සැබැවින්ම අල්ලාහ් ද ඔහුට කාරුණික වී, ඔහුගේ කටයුතු ද පහසු කරනු ඇත.
කවරෙකු ඔවුන් සමග කාරුණිකව කටයුතු කර, ඔවුන්ගේ කටයුතු පහසු කරන්නේ ද සැබැවින්ම අල්ලාහ් ද ඔහුට කාරුණික වී, ඔහුගේ කටයුතු ද පහසු කරනු ඇත.
03
Benefits
මුස්ලිම්වරුන්ගේ කටයුතු භාර තැනැත්තා, ඔවුන් සමග හැකි පමණින් කාරුණිකව කටයුතු කිරීම අනිවාර්යය වේ.
ප්‍රතිඵල අදාළ ක්‍රියා වර්ගයෙන්ම පිහිටනු ඇත.
මෘදු බව හෝ දැඩි බව සලකනු ලබන පරිමාණය වන්නේ අල්-කුර්ආනයට සහ සුන්නාහ්වට පටහැනි නොවන දෑය.
ප්‍රතිඵල අදාළ ක්‍රියා වර්ගයෙන්ම පිහිටනු ඇත.
මෘදු බව හෝ දැඩි බව සලකනු ලබන පරිමාණය වන්නේ අල්-කුර්ආනයට සහ සුන්නාහ්වට පටහැනි නොවන දෑය.
Attribution
[رواه مسلم]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares

