“ගැත්තෙකුගෙන් තම ආයු කාලය ගැන, එය කවර කරුණක ඔහු ගත කළේ යැයි ද, ඔහුගේ දැනුම ගැන, එය කවර විෂයක ක්‍රියා කෙරෙව්වේ යැයි ද, ඔහුගේ ධනය ගැන, එය කොතැනක සිට ඉපැයුවේ ද, කවර විෂයක වියදම් කළේ යැයි ද ඔහුගේ ශරීරය ගැන, එය කවර විෂයක වැය කළේ යැයි ද විමසනු ලබන තෙක් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුගේ දෙපා ඉවත්ව නොයන්නේමය.”
Choose an available translation of this Hadeeth
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ බර්සා අල්-අස්ලමී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “ගැත්තෙකුගෙන් තම ආයු කාලය ගැන, එය කවර කරුණක ඔහු ගත කළේ යැයි ද, ඔහුගේ දැනුම ගැන, එය කවර විෂයක ක්‍රියා කෙරෙව්වේ යැයි ද, ඔහුගේ ධනය ගැන, එය කොතැනක සිට ඉපැයුවේ ද, කවර විෂයක වියදම් කළේ යැයි ද ඔහුගේ ශරීරය ගැන, එය කවර විෂයක වැය කළේ යැයි ද විමසනු ලබන තෙක් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුගේ දෙපා ඉවත්ව නොයන්නේමය.”
Explanation
පළමු වැන්න: ඔහු ගත කළ ඔහු වැය කළ ඔහුගේ ජීවිතය.
දෙවැන්න: ඔහුගේ දැනුම ගැන. ඔහු එය අල්ලාහ් වෙනුවෙන් සෙව්වේ ද? ඒ අනුව කටයුතු කළේ ද? එය අදාළ තැනැත්තන්හට දන්වා සිටියේ ද යන වග,
තුන්වැන්න: ඔහුගේ ධනය ගැන. ඔහු එය සෙව්වේ කොතැනින් ද? එය අනුමත ද තහනම් ද? අල්ලාහ් තෘප්තියට පත්වන කරුණක වියදම් කළේ ද නැතහොත් ඔහු උරණ වන කරුණක වියදම් කළේ ද? යන වග,
සිව්වැන්න: ඔහුගේ ශරීරය, ඔහුගේ බලය, ඔහුගේ සුවය, ඔහුගේ තාරුණ්‍යය ගැන. එය කවර කරුණක වැය කළේ ද එය කවර ආකාරයෙන් ප්‍රයෝජනයට ගත්තේ ද යන වග.
Benefits
තම ගැත්තන් හට අල්ලාහ් පිරිනමා ඇති ආශිර්වාද බොහෝය. ඔහු කවර ආශිර්වාදයක් මත සිටින්නේ ද ඒ ගැන ඔහුගෙන් මතු ප්‍රශ්ණ කරනු ඇත. එහෙයින් අල්ලාහ්ගේ ආශිර්වාදයන් ඔහු ප්‍රිය කරන දෑහි ඔහු තැබිය යුතුය.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

