‘මා ප්‍රතික්ෂේප කළ අය හැර, මාගේ සෙසු සමූහයා සියල්ලෝම ස්වර්ගයට පිවිසෙති
Choose an available translation of this Hadeeth
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. ‘මා ප්‍රතික්ෂේප කළ අය හැර, මාගේ සෙසු සමූහයා සියල්ලෝම ස්වර්ගයට පිවිසෙති.’ "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ප්‍රතික්ෂේප කරන්නේ කවුරුන්දැ?’යි ඔවුහු විමසා සිටියෝය. එතුමා, 'කවරෙකු මට අවනත වූයේ ද ඔහු ස්වර්ගයට පිවිසීය. කවුරුන් මට පිටුපෑවේ ද ඔහු ප්‍රතික්ෂේප කළේය.’යැයි කීහග
Explanation
'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! එසේ වැළකී සිටින්නේ කවුරුන් දැ?'යි සහාබාවරු (රළියල්ලාහු) විමසා සිටියෝය.
එවිට එතුමාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පිළිතුරු දෙමින්, 'කවරෙකු යටත් වී පිළිපදිමින් අල්ලාහ්ගේ දූතයාණන්ට අවනත වූයේ ද ඔහු ස්වර්ගයට පිවිසීය. කවරෙකු පිටු පා ෂරීආ නීතියට යටත් නොවූයේ ද සැබැවින්ම ඔහු ඔහුගේ නපුරු ක්‍රියා හේතුවෙන් ස්වර්ගයට පිවිසීමෙන් වළකනු ලැබීය.'
Benefits
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට අවනත වීම ස්වර්ගය අනිවාර්යය කරනු ඇත. එතුමාණන්ට පිටුපෑම නිරය අනිවාර්යය කරනු ඇත.
මෙම සමූහයා අතරින් අවනතව කටයුතු කරන්නන් වෙත වූ ශුභාරංචිය. සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ට පිටු පාන්නන් හැර සෙසු සියලු දෙනාම ස්වර්ගයට පිවිසෙති.
තම සමූහයා කෙරෙහි තිබූ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ දයානුකම්පාව. ඔවුන්ට මඟ පෙන්වීම සඳහා වූ එතුමාණන්ගේ උනන්දුව.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

