අහෝ උසාමා! ‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැත) යැයි ඔහු පැවසුවායින් පසු ඔබ ඔහු මරා දැමුවෙහි ද?
Choose an available translation of this Hadeeth
Hadeeth text
උසාමා ඉබ්නු සෙයිද් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ජුහයිනා ගෝත්රයේ අල් හුරකා ප්රජාව වෙත අප එවූහ. අප ද එම පිරිස වෙත ඔවුන්ගේ ජලාශ්රයක් අසළට උදෑසන පැමිණියෙමු. මා හා අන්සාරිවරුන්ගෙන් කෙනෙකු ඔවුන් අතරින් වූ මිනිසෙකු දුටුවෙමි. අපි ඔහු ආක්රමණය කළ කල්හි ඔහු ‘ලා ඉලාහා ඉල්ලල්ලාහ්’ (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත) යැයි පැවසීය. එවිට එම අන්සාරිවරයා ඔහුගෙන් වැළකී සිටි අතර මම ඔහු මරා දමන තුරු මාගේ හෙල්ලෙන් ඔහුට ඇන්නෙමි. පසුව අපි මදීනාවට පැමිණි කල්හි එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට දැන ගන්නට ලැබිණ. එවිට එතුමා මට: “අහෝ උසාමා! ‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැත) යැයි ඔහු පැවසුවායින් පසු ඔබ ඔහු මරා දැමුවෙහි ද? යැයි විමසූහ. මම: අල්ලාහ්ගේ දූතයාණනි. සැබැවින්ම ඔහු එසේ කටයුතු කළේ ආරක්ෂාව පතන්නෙකු ලෙස යැයි. පැවසුවෙමි. එවිට එතුමා ‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැත) යැයි ඔහු පැවසුවායින් පසු ඔබ ඔහු මරා දැමුවෙහි ද? යැයි නැවත විමසා සිටියහ. මෙදිනට පෙර සැබැවින්ම මම ඉස්ලාමය වැළඳ නොසිටින්නට තිබුණි යැයි සිතන තරමටම එතුමා එසේ පවසමින්ම සිටියේය.
තවත් වාර්තාවක: අල්ලාහ්ගේ දූතයාණන් “ඔබ ඔහු ඝාතනය කළ අවස්ථාවේ ඔහු ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නොමැත) යැයි පවසා සිටියේ ද?” යැයි විමසූහ. මම: අල්ලාහ්ගේ දූතයාණනි, ඔහු එසේ පවසා සිටියේ අසිපතට බියෙනි යැයි පැවසුවෙමි. එතුමා: ‘ඔහු එය එසේ පැවසුවේ ද නැත් ද? යන්න වග ඔබ දැනගන්නට ඔහුගේ හදවත පළා බැලුවෙහි ද යැයි විමසීය. සැබැවින්ම මා ඉස්ලාමය වැළඳ ගන්නට තිබුණේ මෙදින යැයි සිතන තරමටම එතුමා එසේ නැවත නැවතත් පවසමින්ම සිටියේය.
ජුන්ද් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මුස්ලිම්වරුන් අතරින් පිරිසක් දේවත්වය ආදේශ කරන පිරිසක් වෙත එවා සිටියහ. ඔවුහු ඔවුන් හමු වූහ. දේවත්වය ආදේශ කරන එම පිරිසගෙන් මිනිසෙකු විය. ඔහු මුස්ලිම්වරුන්ගෙන් පුද්ගලයකු සෙවීමට සිතූවේ නම්, ඔහුව සොයා ඝාතනය කරන්නට විය. නමුත් සැබැවින්ම මුස්ලිම්වරුන්ගෙන් පුද්ගලයකු එම පැතුම ඉටු කළේය. ‘සැබැවින්ම ඔහු උසාමා ඉබ්නු සෙයිද් යැයි අප කතා කරමින් සිටියෙමු. ඔහුට එරෙහිව ඔහු අසිපත එසවූ කල්හි ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු’ යැයි ඔහු පැවසීය. නමුත් ඔහු ඔහුව ඝාතනය කළේය. පසුව බෂීර් තුමා අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පැමිණ ඒ ගැන විමසා සිටියහ. එම පුද්ගලයා කටයුතු කළේ කෙසේ දැයි යන්න වග ඔහු ගැන තොරතුරු දන්වා සීටියේය. පසුව ඔහුව කැඳවා ඔහුගෙන් “ඔබ ඔහුව ඝාතනය කළේ ඇයි? දැයි විමසා සිටියහ. එවිට ඔහු: අල්ලාහ්ගේ දූතයාණනි, මුස්ලිම්වරුන් අතරට වඩාත් වේදනාව ගෙන දුන් අයෙකි. මේ මේ පුද්ගලයාව ඔහු මරා දමා ඇත. ඔහුට එක් කණ්ඩායමක් ලෙසින් නම් කර තිබිණ. මම ඔහුට එරෙහිව නැගී සිටියෙමි. ඔහු අසිපත දුටු කල්හි ‘ලා ඉලාහ ඉල්ලල්ලාහ්’ යැයි පැවසීය. අල්ලාහ්ගේ දූතයාණන්: ‘ඔබ ඔහු මරා දැමුවෙහි ද?’ යැයි විමසූහ. ඔහු: එසේය. එතුමා: ‘මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය පැමිණි විට, ඔබ ලා ඉලාහ ඉල්ලල්ලාහ් යන ප්රකාශය සමග කටයුතු කරනුයේ කෙසේද? අල්ලාහ්ගේ දූතයාණනි මා වෙනුවෙන් සමාව අයැද සිටින්නැයි පවසා සිටියේය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය පැමිණි විට, ඔබ ලා ඉලාහ ඉල්ලල්ලාහ් යන ප්රකාශය සමග කටයුතු කරනුයේ කෙසේද? එතුමා මෙසේ ‘මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය පැමිණි විට, ඔබ ලා ඉලාහ ඉල්ලල්ලාහ් යන ප්රකාශය සමග කටයුතු කරනුයේ කෙසේද?’ යැයි පැවසීමට වඩා අමතර දෙයක් නොපවසන්නට වූහ.
Explanation
උසාමා රළියල්ලාහු අන්හු තුමා මෙසේ පවසා සිටියහ. මෙදිනට පෙර මම ඉස්ලාමය වැළඳගෙන නොසිටියා නම් යැයි සිතන තරමටම එය විය. සැබැවින්ම ඔහු දේවත්වය ප්රතික්ෂේප කරන්නෙකු වී පසුව ඔහු ඉස්ලාමය වැළඳ ගත්තේ නම්, අල්ලාහ් ඔහුට සමාව දෙනු ඇත. නමුත් ඔහු දැන් මෙම ක්රියාව කර ඇත්තේ මුස්ලිම්වරයකු ලෙස සිටියදීය.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

