افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#4810[صحيح]
HadeethEnc · 1.24.0

මාගේ ගැත්තනි! අසාධාරණය (අපරාධය) මම මා මතම තහනම් කර ගත්තෙමි. ඔබ අතරත් එය මා තහනම් කරනු ලැබූවක් බවට පත් කළෙමි. එබැවින් නුඹලා එකිනෙකාට අසාධාරණකම් නොකරන්න

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අබූ දර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ තම පරමාධිපති ගැන වාර්තා කළ කරුණු සම්බන්ධයෙන් මෙසේ පවසා සිටියහ: “මාගේ ගැත්තනි! අසාධාරණය (අපරාධය) මම මා මතම තහනම් කර ගත්තෙමි. ඔබ අතරත් එය මා තහනම් කරනු ලැබූවක් බවට පත් කළෙමි. එබැවින් නුඹලා එකිනෙකාට අසාධාරණකම් නොකරන්න. මාගේ ගැත්තනි, මා කවරෙකුහට මඟ පෙන්වූයේ ද එවැන්නෙකු හැර සෙසු නුඹලා සියලු දෙනා නොමඟ ගියවුන් වෙති. එබැවින් නුඹලා මගෙන් යහමඟ පතනු. මම නුඹලාට මඟ පෙන්වමි. මාගේ ගැත්තනි! මා කවරෙකුහට පෝෂණය කළේ ද එවැන්නෙකු හැර සෙසු නුඹලා සියලු දෙනාම සාගින්නෙන් පෙළෙන්නන් වෙති. එබැවින්ම නුඹලා මගෙන් පෝෂණය පතනු. මම නුඹලාට පෝෂණය ලබා දෙන්නෙමි. මාගේ ගැත්තනි! මා කවරෙකුහට අඳින්නට සැළැස්සුවේ ද එවැන්නෙකු හැර සෙසු නුඹලා සියලු දෙනා නිරුවත් අය වෙති. එබැවින් නුඹලා මගෙන් අඳින්නට පතනු. මම නුඹලාට අඳින්නට සළසන්නෙමි. සැබැවින්ම නුඹලා රාත්‍රියේ හා දහවලේ වැරදි කරන්නෙහුය. මම සියලු පාපයන්ට සමාව දෙන්නෙක්මි. එබැවින් නුඹලා මගෙන් සමාව අයැදිනු. මම නුඹලාට සමාව දෙමි. නුඹලා මට හානියක් කරන තරමට මට හානි කිරීමට නුඹලාට නොහැක්කේමය. එමෙන්ම මට ප්‍රයෝජනයක් කරන තරමට නුඹලා මට ප්‍රයෝජනයක් කළ නොහැක්කේමය. මාගේ ගැත්තනි! නුඹලාගේ පළමුවැන්නා නුඹලාගේ අන්තිමයා නුඹලාගේ මනුෂ්‍ය වර්ගයා සහ නුඹලාගේ ජින්වර්ගයා කිසියම් මිනිසෙකුගේ වඩාත් ධාර්මික හදවත තරම් බැතිමත් වූයේ නම්, එය කිසිසේත් මාගේ ආධිපත්‍යය වැඩි නොකරනු ඇත. එමෙන්ම මාගේ ගැත්තනි! නුඹලාගේ පළමුවැන්නා, නුඹලාගේ අන්තිමයා, නුඹලාගේ මනෂ්‍ය වර්ගයා සහ නුඹලාගේ ජින්වර්ගයා කිසියම් මිනිසෙකුගේ දුෂ්ට හදවත තරම් දුෂ්ට වූයේ නම්, එය කිසිම දෙයකින් මාගේ ආධිපත්‍යය අඩු නොකරනු ඇත. මාගේ ගැත්තනි! නුඹලාගේ පළමුවැන්නා, නුඹලාගේ අන්තිමයා, නුඹලාගේ මනුෂ්‍ය වර්ගයා සහ නුඹලාගේ ජින්වර්ගයා උස් තැනකට නැගී මාගෙන් ඉල්ලීමක් කරන්නේ නම් (එසේ ඉල්ලන) සෑම මිනිසෙකුටම ඔහු ඉල්ලන දෑ මම පිරිනමමි. ඉඳිකටුවක් මුහුදට දමනු ලැබූ විට එය (එහි ජලය) අඩු නොකරන පරිදි මා සතුව ඇති දෑ ද එය අඩු කරන්නේ නැත. මාගේ ගැත්තනි! සැබැවින්ම නුඹලාගේ ක්‍රියාවන් වූ කල්හි, ඒවා මම නුඹලා වෙනුවෙන් සටහන් කර තබා ඇත්තෙමි. පසුව නුඹලාට මා ගෙවනුයේ ඒවාට පමණි. එබැවින් කවරෙකු යහපත සොයා ගත්තේ ද ඔහු අල්ලාහ්ට ප්‍රශංසා කළ යුතුයි. ඒ හැර වෙනත් දෙයක් ලැබුවේ ද ඔහු ඔහුටම මිස (අල්ලාහ්ට) දොස් නොපැවරිය යුතුයි.”
02

Explanation

සැබැවින්ම අල්ලාහ් අසාධාරණය (අපරාධය) තමන් මත තහනම් කර ඇති බවත් ඔහුගේ මැවීම් අතර ද එය තහනම් කරනු ලැබූවක් බවට නියම කර ඇති බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැහැදිලි කර සිටියි. අල්ලාහ් මඟ පෙන්වූ හා ආශිර්වාද කළ අය හැර සෙසු සියලු මැවීම් නොමඟ ගියවුන් වෙති. කවරෙකු එය අල්ලාහ්ගෙන් පතන්නේ ද, අල්ලාහ් ඔහු ට එය ආශිර්වාද කර ඒ සඳහා මඟ පෙන්වනු ඇත. ජනයා අල්ලාහ් වෙත තම අවශ්‍යතාවන් සම්බන්ධයෙන් පෙළෙන්නෝ වෙති. කවරෙකු අල්ලාහ්ගෙන් පතන්නේ ද ඔහුගේ අවශ්‍යතාව ඔහු ඉටු කර දෙන අතර ඔහුට එය ප්‍රමාණවත් වන්නේය. ඔවුන් රාත්‍රි හා දහවල් කාලයේ වැරදි කරති. ගැත්තා සමාව අයදින විට අල්ලාහ් ඔහුගේ පව් සඟවා සමාව දෙනු ඇත. අල්ලාහ්ට හානියක් කිරීමට හෝ ඔහුට සෙත සැලසීමට හෝ ඔවුනට නො හැකිය. ඔවුන් කිසියම් මිනිසෙකුගේ ධාර්මික හදවත තරම් වඩාත් බැතිමත් වූයේ නම්, එය කිසිසේත් අල්ලාහ්ගේ ආධිපත්‍යය වැඩි කරන්නේ නැත. ඔවුන් සියල්ලෝම කිසියම් මිනිසෙකුගේ දුෂ්ට හදවත තරම් දුෂ්ට වුවද, ඔවුන්ගේ දුෂ්ටකම ඔහුගේ ආධිපත්‍යයෙන් කිසිවක් අඩු නොකරනු ඇත. හේතුව සැබවින්ම ඔහු අල්ලාහ් වෙත අවශ්‍යතාවෙන් පෙළෙන දුර්වලයෝ වන බැවිනි. සෑම අවස්ථාවකම සෑම කාලයකම හා සෑම ස්ථානයකම ඔහු වෙත ඔවුහු අවශ්‍යතාවෙන් පෙළෙති. සුවිශුද්ධ ඔහු ස්වාධීනය. ඔවුන්ගේ පළමුවැන්නා, ඔවුන්ගේ අන්තිමයා, ඔවුන්ගේ මනුෂ්‍ය වර්ගයා සහ ඔවුන්ගේ ජින්වර්ගයා උස් තැනකට නැගී අල්ලාහ්ගෙන් ඉල්ලීමක් කරන්නේ නම්, එසේ ඉල්ලන සෑම මිනිසෙකුටම ඔවුනොවුන් ඉල්ලන දෑ ඔහු පිරිනමනු ඇත. ඉඳිකටුවක් මුහුදට දමා ඉවතට ගත් විට එමගින් මුහුදෙන් කිසිවක් අඩු නොකරන ඉදි කටුවක් මෙන් අල්ලාහ් අබියස ඇති දැයින් කිසිවක් අඩු නොකරනු ඇත. හේතුව සුවිශුද්ධ ඔහු ස්වාධීනත්වයේ පරිපූර්ණයා වන බැවිනි.

සැබැවින්ම අල්ලාහ් ගැත්තන්ගේ ක්‍රියාවන් ආරක්ෂා කර සටහන් කර තබා ගනී. පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒවා ඔවුනට ගෙවනු ඇත. එබැවින් කවරෙකු ඔහුගේ ක්‍රියාවෙහි යහපත් ප්‍රතිඵල ලැබුවේ ද අල්ලාහ් ඔහුට අවනත වීම සඳහා ආශිර්වාද කළ බැවින් ඔහු අල්ලාහ්ට ප්‍රශංසා කළ යුතුයි. ඔහුගේ ක්‍රියාවෙහි ප්‍රතිඵල ඒ හැර වෙනත් දෙයක් ලැබුවේ ද ඔහු තමන් විනාශය කරා මෙහෙයවූ නපුරු ආශාවන්ගෙන් යුත් ආත්මයට මිස වෙනත් කිසිවකට දොස් පැවරිය නො යුතුය.
03

Benefits

මෙම හදීසය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම පරමාධිපති ගැන දන්වා සිටි හදීසයකි. මෙයට "අල් හදීසුල් කුද්සී" හෝ "..ඉලාහී" (දිව්‍ය ප්‍රකාශය) යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙම වචන හා අදහස් අල්ලාහ්ගෙන් වූවකි. නමුත් එය කියවීම නැමදුමක් බවට පත් කර ගැනීම, ඒ සඳහා පිරිසිදුභාවයේ අවශ්‍යතාව, අභියෝග කිරීම්, ප්‍රාතිහාර්යයන් වැනි සෙසු දැයින් වෙන් කර හඳුනාගත හැකි අල් කුර්ආනයේ ලක්ෂණ එහි නැත.
දැනුමෙන් හා මඟ පෙන්වීමෙන් ගැත්තන් කවර කරුණක් ලැබුව ද එය අල්ලාහ්ගේ මඟ පෙන්වීම හා ඔහුගේ ඉගැන්වීම තුළිනි.
ගැත්තෙකුට සිදුවන ඕනෑම යහපතක් වේවා, එය සර්වබලධාරී අල්ලාහ්ගේ කරුණාවෙන් වන අතර, ඔහුට සිදුවන ඕනෑම අයහපතක් වේවා එය ඔහු තුළින් සහ ඔහුගේ ආශාවන්ගෙන් වනු ඇත.
කවරෙකු යහපත කරන්නේ ද එය අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් වන්නකි. එහි ප්‍රතිඵල අල්ලාහ්ගේ භාග්‍යයෙන් වන්නකි. එහෙයින් සියලු ප්‍රශංසා අල්ලාහ්ට පමණක් සතුය. නමුත් කවරෙකු නපුරුකම් කරන්නේ ද, තමන්ටම මිස වෙනත් කිසිවකුට ඔහු දොස් නැගිය නො යුතුය.

Attribution

[رواه مسلم]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...