افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#4725[පූර්ව සාධක සහිත හදීසයකි]
HadeethEnc · 1.24.0

මා කවර කරුණකින් නුඹලාව වළක්වා ඇත්තේ ද එයින් නුඹලා වැළකෙනු. තවද මා කවර කරුණක් නුඹලාට නියෝග කර ඇත්තේ ද නුඹලාට හැකි පමණින් එය ගෙන එනු. නුඹලාට පෙර සිටියවුන් විනාශ වී ගියේ ඔවුන්ගේ අධික ප්රශ්න කිරීම් හා ඔවුන් නබිවරුන් ගැන දැරූ මතභේද හේතුවෙනි.

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්රකාශයකට මම සවන් දුනිමි යැයි පවසා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “මා කවර කරුණකින් නුඹලාව වළක්වා ඇත්තේ ද එයින් නුඹලා වැළකෙනු. තවද මා කවර කරුණක් නුඹලාට නියෝග කර ඇත්තේ ද නුඹලාට හැකි පමණින් එය ගෙන එනු. නුඹලාට පෙර සිටියවුන් විනාශ වී ගියේ ඔවුන්ගේ අධික ප්රශ්න කිරීම් හා ඔවුන් නබිවරුන් ගැන දැරූ මතභේද හේතුවෙනි.”
02

Explanation

පසුව පෙර සිටි අතැම් ජන සමාජ මෙන් නොවන මෙන් එතුමාණන් අපට අවවාද කළහ. එම සමූහයන් ඔවුන්ගේ නබිවරුන් පිළිබඳ විරුද්ධ මත දැරූ අතරම ඔවුන්ගෙන් අධික ලෙස ප්රශ්ණ කර සිටියෝය. එහෙයින් අල්ලාහ් ව්යසනයන් හා කඩා වැටීම් වැනි විවිධ විනාශයන් තුළින් දඬුවම් කළේය. ඔවුන් එසේ විනාශ කරනු ලැබුවාක් මෙන් අපද විනාශ නොවන පරිදි ඔවුන් මෙන් අප නොවිය යුතුය.
03

Benefits

නියෝග පිළිපැදීමේ හා තහනම් දැයින් වැළකී සිටීමේ නියෝගය.
තහනම යනු යම් වරදක් සිදුවීමට ඉන් අවකාශය සැලසෙන්නේ නැත. නියෝගය යනු හැකියාව මත පදනම්ව ඇත්තකි. ඊට හේතුව සැබැවින්ම යමක් අතහැරීමට හැකියාව ඇති නමුත් ක්රියාව වනාහි නියෝග කරනු ලබන දෙයක් සිදු කිරීමට හැකියාව හා ශක්තිය ඊට අවශ්ය වන බැවිණි.
අධික ලෙස ප්රශ්න ඇසීමෙන් වැළකී සිටීම. විද්වත්හු ප්රශ්න ඇසීම කොටස් දෙකකට බෙදා ඇත්තාහ. ඒ දෙකින් පළමුවැන්න: ආගමික කටයුත්තක් දැන ගැනීමේ අවශ්යතාව මත ඉගෙන ගැනීමේ ස්වරූපයෙන් පිහිටීමයි. මෙය නියෝග කරනු ලැබූවකි. සහාබාවරුන් ප්රශ්න කර සිටියේ මෙම ගණයේ ප්රශ්ණය. දෙවැන්න: මුරණ්ඩු කම හා බලපෑම මත පිහිටන්නකි. තහනම් කරන ලද්දේ මෙයයි.
මෙම ප්රජාවට පෙර සිටි ප්රජාවන් අතර සිදු වූවාක් සේ තමන්ගේ නබිවරයාට විරුද්ධ වීම ගැන ඔවුන්ට කෙරෙන අවවාදය.
තහනම් කරන ලද දෙයක් කුඩා වුවද විශාල වුවද ඒ සියල්ල ඇතුළත් කර ගනියි. ඊට හේතුව තහනම් කරන ලද දෙයක් වළක්වා ගත හැක්කේ එය කුඩා වුව ද විශාල වුවද එයින් වැළකී සිටීමෙන් පමණි. උදාහරණයක් ලෙස: පොළිය අපට තහනම් කර ඇත. එය කුඩා දෑ මෙන්ම විශාල දෑ ඇතුළත් කර ගනී.
තහනමට තුඩු දෙන හේතු සාධක අතහැරීම. සැබැවින්ම එය ද තහනම් කිරීමේ අදහසින් පිහිටන බැවිණි.
‘නුඹලාට හැකි පමණින්’ යන නබි තුමාගේ කියමනට අනුව හැකියාව හා ශක්තිය මිනිසා සතුව ඇත. ‘පුද්ගලයෙකුට හැකියාවක් නැත. මන්ද ඔහුගේ රාජකාරිය කිරීමට ඔහුට බල කෙරී ඇති බැවිණි.’ යැයි පවසන ජබ්රිය්යාවරුන්ට ප්රතිචාරයක් මෙහි සඳහන් වී ඇත. යමෙකු කතා කරන විට ඔහුගේ අත සෙලෙව්වත්, ඔවුන් පවසා සිටිනුයේ අත චලනය කිරීම ඔහුගේ බලයේ නැති නමුත් ඔහුට බල කර සිටින බවයි. සැබැවින්ම එම ප්රකාශය ව්යාජ බවටත් ඒ මත බොහෝ දුෂ්ටකම් පෙළ ගැසී ඇති බවටත් කිසිදු සැකයක් නැත.
‘නුඹලාට හැකි පමණින් එය ගෙන එනු’ යන නබි තුමාගේ ප්රකාශයට අනුව, එතුමා කළ නියෝගයකට සවන් දෙන මිනිසා ‘එය අනිවාර්යය ද සතුටුදායක ද යනුවෙන් විමසා සිටීම සුදුසු නොවන්නේය.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කවර කරුණක් නියෝග කළ ද කවර කරුණක් තහනම් කළ ද එය අල් කුර්ආනයේ සඳහන් වුවද නොවූව ද සැබැවින්ම එය ආගමික පිළිවෙතකි. අල් කුර්ආනයට අමතරව එම පිළිවෙත නියෝගයක් ලෙසින් හෝ තහනමක් ලෙසින් හෝ පිළිපදිනු ලැබේ.
අධික ලෙස ප්රශ්න කිරීම විනාශයට හේතුවකි. විශේෂයෙන් අල්ලාහ්ගේ නාම හා ඔහුගේ ගුණාංග, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තත්ත්වයන් වැනි ගුප්ත දෑ පිළිබඳ විමසා සිටිනවා මෙක් යමක් වෙත ළඟා විය නොහැකි කරුණු වලදී එසේ ප්රශ්න කිරීමෙන් වැළකී සිටිය යුතු වේ. ඒවා පිළිබඳ අධික ලෙස ප්රශ්න කිරීම විනාශ කරවන්නකි. එය මුරණ්ඩුකමින් හා ගැඹුරින් සිදුවන්නක් වනු ඇත.
අධික ලෙස ප්ර්ශ්න කිරීම හේතුවෙන් පෙර සිටි සමූහයෝ විනාශ වූවෝය. එමෙන්ම ඔවුන්ගේ නබිවරුන් සම්බන්ධයෙන් අධික ලෙස මතභේද ඇති කර ගත් හෙයින් ද ඔවුහු විනාශ වූවෝය.

Attribution

[බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...