افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#4565[صحيح]
HadeethEnc · 1.24.0

අපි ගමනක නිරතව සිටිය දී -අපි මගීන් ලෙස සිටිය දී- දින තුනක් හා රාත්‍රී තුනක් ජනාබත් හෙවත් ස්නානය අනිවාර්යය කරන කටයුත්තක දී හැර අපගේ පා උරවල් ගලවා නො දමන මෙන් අපට අණ කළහ. මළ පහ කිරීම, මූත්‍රා කිරීම හා නිදා ගැනීම යනාදියෙහි එය පිළිපැදිය යුතු වේ

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

දිර් ඉබ්නු හුබෙයිෂ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මම සෆ්වාන් ඉබ්නු අස්සාල් අල්-මුරාදී තුමා වෙත පැමිණියෙමි. මම ඔහුගෙන් පා උර දෙක මත පිරිමැදීම ගැන විමසා සිටියෙමි. එවිට ඒතුමා 'අහෝ දිර්, ඔබට කුමක් පහළ වී ද?' යැයි විමසීය. එවිට මම '(මෙය) දැනුම සඳහා ඇති ආශාව’ යැයි පැවසුවෙමි. එවිට එතුමා: 'නියතවශයෙන්ම, මලක්වරු දැනුම සොයන තැනැත්තාට පියාපත් පහත් කරනු ඇත. එය ඔහු සොයන දෑ ගැන තෘප්තියට පත්වන බැවිනි.' යැයි පැවසීය. එවිට මම 'ඇත්ත වශයෙන්ම මලපහ කිරීමෙන් හා මුත්‍රා කිරීමෙන් පසු පා උර මත පිස දැමීම සම්බන්ධයෙන් මගේ සිත තුළ යම් සැකයක් ඇත. ඔබ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සහචරයින් අතරින් කෙනෙකු වූ බැවින්, මම ඔබ වෙත පැමිණියේ ඒ ගැන විමසන්නටය. ඒ ගැන එතුමාණන් යමක් සඳහන් කරනවා ඔබ අසා තිබේද?’ යැයි ඇසුවෙමි. එතුමා: 'එසේය අපි ගමනක නිරතව සිටිය දී -අපි මගීන් ලෙස සිටිය දී- දින තුනක් හා රාත්‍රී තුනක් ජනාබත් හෙවත් ස්නානය අනිවාර්යය කරන කටයුත්තක දී හැර අපගේ පා උරවල් ගලවා නො දමන මෙන් අපට අණ කළහ. මළ පහ කිරීම, මූත්‍රා කිරීම හා නිදා ගැනීම යනාදියෙහි එය පිළිපැදිය යුතු වේ. යැයි කීහ. 'ආදරය ගැන යමක් එතුමාණන් පවසනවා ඔබ අසා තිබේ ද?' යැයි විමසුවෙමි. එතුමා: 'එසේය අපි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග ගමනක නිරතව සිටියෙමු. එතුමාණන් සමග අපි එසේ සිටියදී, ගැමි අරාබිවරයකු මහා හඬින් එතුමාණන්ව අමතා ඔ් මුහම්මද්! යැයි පැවසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඒ හා සමාන හඬකින් ඔහු අමතා 'අහෝ එන්න' යැයි පිළිතුරු දුන්හ. එවිට අපි ඔහුට: ‘ඔබ සිටිනුයේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඉදිරිපිටය. එබැවින් ඔබේ හඬ පහත් කරන්න, මෙය ඔබට තහනම් කර ඇත්තකි.' යැයි පැවසුවෙමු. ඔහු: ‘අල්ලාහ් මත දිවුරමින්, මම (මගේ) හඬ පහත් නොකරමි’ යැයි පැවසීය. එම ගැමි අරාබිවරයා තවදුරටත්: ‘මිනිසෙකු ජනතාවකට ආදරය කරයි, නමුත් ඔහු ඔවුන් සමඟ එකතූ වන්නේ නැත.?’ යැයි විමසීය. එතුමාණෝ: "මිනිසෙකු විනිශ්චය දිනයේදී තමා ආදරය කරන අය සමඟ සිටී" යැයි පැවසූහ. ඔහු: 'අස්වයෙකු මතවී, එහි පළල හරහා අවුරුදු හතළිහක් හෝ හැත්තෑවක් ගමන් කළ හැකි පළලකින් යුත් බටහිර දෙසින් පිහිටා ඇති දොරටුවක් ගැන අපට සඳහන් කරමින්ම සිටියේය.'
02

Explanation

දිර් ඉබ්නු හුබෙයිෂ් තුමා සෆ්වාන් ඉබ්නු අස්සාල් අල්-මුරාදී රළියල්ලාහු තුමා වෙත පැමිණ පා උර දෙක මත පිරිමැදීම ගැන ඔහුගෙන් විමසා සිටියේය. එවිට සෆ්වාන් තුමා 'අහෝ දිර්, ඔබට කුමක් පහළ වී ද?' යැයි විමසීය. එවිට ඔහු '(මෙය) දැනුම සඳහා ඇති ආශාව’ යැයි දර් පැවසුවේය. එවිට ඔහු: 'නියතවශයෙන්ම, මලක්වරු දැනුම සොයන ශිෂ්‍යාට පියාපත් පහත් කරනු ඇත. එය ඔහු සොයන දෑට ගරු කිරීමක් හා ප්‍රිය කිරීමක් ලෙසිනි' යැයි පැවසීය. එවිට දිර් තුමා 'ඇත්ත වශයෙන්ම මලපහ කිරීමෙන් හා මුත්‍රා කිරීමෙන් පසු පා උර මත පිස දැමීම සම්බන්ධයෙන් මගේ සිත තුළ යම් සැකයක් ඇත. ඔබ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සහචරයින් අතුරින් කෙනෙකි. එබැවින්, මම ඔබ වෙත පැමිණියේ එතුමාණන් ඒ ගැන කුමක් පවසා ඇත්තේ දැයි අසා දැන ගැනීමටය.' යැයි පැවසීය. සෆ්වාන් තුමා මෙසේ පැවසීය: 'එසේය. අපි මගීන් ලෙස සිටිය දී මළ පහ කිරීම, මූත්‍රා කිරීම හා නිදා ගැනීම වැනි සුළු කිලිටි තත්ත්වයක් උදා වුව ද දින තුනක් හා රාත්‍රී තුනක් අපගේ පා උරවල් ගලවා නො දමන මෙන් අපට අණ කළහ. නමුත් ජනාබත් හෙවත් ස්නානය අනිවාර්යය කරන තත්ත්වයක දී එවිට එය ගැලවා දැමිය යුතුය.' යැයි කීහ. නැවත මම 'ආදරය ගැන යමක් එතුමාණන් පවසනවා ඔබ අසා තිබේ ද?' යැයි විමසුවෙමි. ඔහු: 'එසේය අපි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග ගමනක නිරතව සිටියෙමු. එතුමාණන් සමග අපි එසේ සිටියදී, ගැමි අරාබිවරයකු මහා හඬින් එතුමාණන්ව අමතා අහෝ මුහම්මද්! යැයි පැවසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඔහුගේ හඬට සමීප උස් හඬකින් ඔහු අමතා 'එන්න' යැයි පිළිතුරු දුන්හ. එවිට අපි ඔහුට: ඔබට විනාශය වේවා! ඔබේ හඬ පහත් කරන්න. ඔබ සිටිනුයේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඉදිරියේ බව දැනගන්න. එතුමාණන් ඉදිරියේ උස් හඬින් කතා කිරීම ඔබට තහනම් කර ඇත.' යැයි පැවසුවෙමු. ඔහු රළු හඬින්: ‘අල්ලාහ් මත දිවුරමින්, මම (මගේ) හඬ පහත් නොකරමි’ යැයි පැවසීය. එම ගැමි අරාබිවරයා තවදුරටත්: ‘අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මිනිසෙකු දැහැමි ජනතාවකට ආදරය කරයි. නමුත් ඔවුන්ගේ කටයුතු මෙන් ඔහු ක්‍රියා නොකරයි. එතුමාණෝ: "මිනිසෙකු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී තමා ආදරය කරන අය සමඟ සිටී" යැයි පැවසූහ. දිර් තුමා: 'අසරුවෙකුට එහි පළල හරහා අවුරුදු හතළිහක් හෝ හැත්තෑවක් ගමන් කළ හැකි, බටහිරින් හිරු නැඟෙන තුරු එය වසා නොදැමන පාපක්ෂමාව සඳහා අල්ලාහ් අහස සහ මහපොළොව මැවූ දිනයේ සිරියාව දෙසින් නිර්මාණය කළ දොරටුවවක් ගැන සෆ්වාන් තුමා අපට සඳහන් කරමින්ම සිටියේය.'
03

Benefits

දැනුම සෙවීමේ මහිමය, දැනුම සොයන්නාගේ උසස් තත්ත්වය සහ මලක්වරුන් හෙවත් දේව දූතයින් ඔහුව අගය කිරීම.
සහාබාවරුන්ගෙන් දැනුම ලබා ගැනීම සඳහා අනුගාමිකයන් දක්වා ඇති උනන්දුව පිළිබඳ පැහැදිළි කිරීම.
පා උරවල් දෙක මත පිරිමැදීමේ අවසරය. එහි කාලය මගියාට දහවල් තුනක් හා එයට අදාළ රාත්‍රී තුනක්. පදිංචිකරුට එක් දහවලක් හා එහි රාත්‍රියක්.
පා උරවල් දෙක මත පිරිමැදීමේ නීතිය වලංගු වන්නේ සුළු කිලිටි අවස්ථාවක දී පමණි.
ප්‍රශ්න කරන්නාට අදාළ විද්වතාගෙන් ඒ සඳහා සාක්ෂියක්, මූලාශ්‍රයක්, සාධකයක් හෝ තර්කයක් ගැන විමසීමට අවසර ඇත. නමුත් එහි දී එම විද්වතා අපහසුතාවයට පත් නොවිය යුතු ය.
විද්වතුන් හා ධාර්මිකයන් සමග විනයානුකූලව හැසිරීම. දැනුම ලබන සභා ගර්භයන්හි නිහඬතාව පිළිපැදීම.
නූගත් අයට යහපත් පුරුදු සහ විනයානුකූල නීති ඉගැන්වීම.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ඉවසීම, එතුමාණන්ගේ යහපත් ගුණධර්ම සහ මිනිසුන්ගේ දැනුමට හා බුද්ධියට සරිළන සේ එතුමාණන්ගේ ඇමතීම යනාදිය සම්බන්ධයෙන් එතුමාණන්ව අනුගමනය කරන මෙන් දිරි ගැන්වීම.
මුබාරක්පූරි තුමා මෙසේ පවසයි: “නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්, ඔහු කෙරෙහි අනුකම්පාවෙන් තම හඬ අවදි කළහ. එය "{නබි වරයාගේ හඬට ඉහළින් ඔබේ හඬ ඉහළ නො නංවනු' යන සර් ව බලධාරි අල්ලාහ්ගේ වචන හේතුවෙන් ඔහුගේ ක්‍රියාවන් නිෂ්ඵල නොවන පරිදි ය. එබැවින් ඔහුගේ නොදැනුවත්කමට සමාව ලැබුණු අතර, නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ඔහු කෙරෙහි දැක්වූ අධික අනුකම්පාව නිසා එය ඔහුගේ හඬට සමාන වන තෙක් හෝ ඊට ඉහළින් හෝ එතුමාණන්ගේ හඬ අවදි කළහ.
ධර්මිෂ්ඨ මිනිසුන් සමඟ වාඩි වීම, ඔවුන්ට සමීප වීම සහ ඔවුන්ට ආදරය කිරීම සඳහා උනන්දු කිරීම.
නවවි තුමා මෙසේ පැවසීය: එතුමා ඔවුන් සමඟ සිටින නිසා එතුමාගේ තත්වය සහ විපාකය සෑම අතින්ම ඔවුන්ගේ තත්වයට සමාන වීම අවශ්‍ය නොවේ.
බලාපොරොත්තුවට සහ අපේක්ෂාවට දොරටු විවෘත කිරීම, මිදීමේ ශුභාරංචිය පතුරුවා හැරීම සහ දේශනා කිරීමේදී මෘදු වීම.
සර්ව බලධාරි අල්ලාහ්ගේ දයාවේ විශාලත්වය සහ සමාව දීමේ දොරටු ඔහු විසින් විවෘත කිරීම.
පාපක්ෂමාව අයැද පසුතැවිලි වීමට, තමන් ගැන ස්ව විමර්ශණයට සහ සර්ව බලධාරි අල්ලාහ් වෙත යොමු වීමට යුහුසුළු වන මෙන් ජනතාව උනන්දු කරවීම.

Attribution

[رواه الترمذي وابن ماجه وأحمد]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...