افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#4308[صحيح]
HadeethEnc · 1.24.0

“යහපත යනු: යහපත සදාචාරයයි. පාපය යනු ඒ ගැන ඔබේ සිත තුළ හට ගැනෙන සැකයයි. එමෙන්ම ජනයා ඒ ගැන දැන ගැනීම ඔබ පිළිකුල් කරනු ඇත.”

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අන්-නව්වාස් ඉබ්නු සම්ආන් අල් අන්සාරි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) 'යහපත හා පාපය කුමක්දැ?'යි මම විමසුවෙමි. එවිට එතුමාණෝ: “යහපත යනු: යහපත සදාචාරයයි. පාපය යනු ඒ ගැන ඔබේ සිත තුළ හට ගැනෙන සැකයයි. එමෙන්ම ජනයා ඒ ගැන දැන ගැනීම ඔබ පිළිකුල් කරනු ඇත.”
02

Explanation

යහකම හා පාපය ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් විමසන ලදී. එවිට එතුමාණෝ මෙසේ පැවසුහ.

යහපත් කරුණු අතරින් ඉතා ඉහළම කරුණ වනුයේ භක්තියෙන් යුතුව අල්ලාහ් සමග කටයුතු කිරීම හා මැවීම් සමග හිංසාවෙන් තොරව, කෝපය පාලනය කරමින්, සිනා මුසු මුහුණින්, යහපත් කතාවෙන්, ඥාතී සම්බන්ධකම් රකිමින්, කීකරුවෙමින්, මෛත්‍රියෙන්, යහපත සලසමින්, පවුල හා මිත්‍රයින් සමග සුහද ශීලීව ඇසුරු කරමින් කටයුතු කිරීම වේ.

පාපය යනු, යම් චෙයක් සිදු කිරීමේ දී ඒ ගැන සිත තුළ ඇතිවන කුකුසයි.
ඒ දේ කිරීමට හදවත විවෘත නොවේ. එමගින් සිත තුළ සැකය හට ගැනේ. පාපයක් වනු ඇතැයි බිය වේ. වෙනත් අයගේ නෙත්වලට එය අප්‍රසන්න දෙයක් වනු ඇතැයි හා මිනිසුන්ට ප්‍රදර්ශණය වනු ඇතැයි බියෙන් එය හෙළි කිරීමට නො සිතයි. ඊට හේතුව ස්වභාවයෙන්ම මිනිසා යහපත දෙස බැලීම ප්‍රිය කරන බැවිනි. ඇතැම් ක්‍රියාවන් දෙස බැලීම ඔබ පිළිකුල් කරන්නෙහි නම්, ඇත්තෙන්ම එය එහි කිසිදු යහපතක් නැති පාපයකි.
03

Benefits

යහපත් චරිත සම්බන්ධයෙන් දිරි ගැන්වීම. සැබැවින්ම යහපත් චරිතය දැහැමිකමේ ඉතා වැදගත් යහපත් ගුණාංගයකි.
සත්‍යය හා අසත්‍යය පිළිබඳව දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා අවුල් කර ගන්නේ නැත. ඔහුගේ සිත තුළ පවතින ආලෝකයෙන් සත්‍යය ඔහු හදුනා ගනී. එමෙන්ම අසත්‍යයයෙන් ඉවත් වී එය ප්‍රතික්ෂේප කරනු ඇත.
පාපයේ සළකුණු වන්නේ, යම් දෙයක් කිරීමේ දී ඒ දේ ගැන සිතේ කාංසාව සහ කැළඹීම පැවතීමය. මිනිසුන් ඒ ගැන දැන ගැනීම අකැමැති වෙයි.
අස්-සින්දී තුමා මෙසේ පවසයි: මෙය යහපත් දෙයක් ද නැතහොත් අයහපත් දෙයක් ද කියා නියම කිරීමට මිනිසා නොදන්නා සැක සහිත කරුණු පිළිබඳ වූ ස්ථාවරයයි. එසේ නොවේ නම්, ෂරීආව තුළ නියෝග කරනු ලැබූ සියළු දෑ යහපත් දේවල් අතරිනි. තහනම් කරන ලද දෑ ද එලෙස පාපකම් අතරිනි. ඒ දෙක සම්බන්ධයෙන් පැකිලීමට කිසිදු අවශ්‍යතාවක් නැත.
මෙම හදීසයේ ආමන්ත්‍රණය කරනු ලැබ ඇත්තේ සහජ බුද්ධිය ඇති උදවිය ගැනය. තම කැමැත්තට අනුව උකහා ගත් දෑ මිස වෙනත් යහපතක් නොදන්නා, අයහපත ප්‍රතික්ෂේප නො කරන උඩුකුරු සිත් ඇති අය ගැන නොවේ.
අත්-තීබී තුමා මෙසේ පවසයි: මෙම හදීසයේ අල්-බිර් හෙවත් යහපත යන වචනය විවිධ අර්ථවලින් පැහැදිලි කෙරී ඇත. ඇතැම් තැන්වල එය පැහැදිලි කර ඇත්තේ සිත ඒ වෙත සන්සුන්වීම, හදවත ඒ වෙත තැන්පත් වීම යන්නෙනි. තවත් තැන්වල ඊමාන් හෙවත් විශ්වාසය යනුවෙන් විස්තර කෙරී ඇත. තවත් තැන්වල අල්ලාහ් වෙත ඔබව සමීප කරවන දෑ යනුවෙන් විස්තර කෙරී ඇත. මෙහි සඳහන්ව ඇත්තේ යහපත් ගුණධර්ම යන අර්ථයෙනි. යහපත් ගුණධර්ම යනුවෙන් විස්තර කෙරී ඇත්තේ හිංසනය විඳ දරා ගෙන, කෝපය පාලනය කර, සිනා මුසු මුහුණින් හා යහපත් වදනින් කතා කිරීම යන කාරණා ය. මේ සියල්ල ඒ අර්ථයට සමීපයෙන් පිහිටයි.

Attribution

[رواه مسلم]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...