අල්ලාහ් කරුණාව කොටස් සියයක් බවට නියම කර; ඉන් අනූ නවයක් ඔහු ළඟ රඳවා ගෙන; එක් කොටසක් පමණක් මහපොළොවට පහළ කළේය. මැවීම් අතර එකිනෙකා කරුණාවෙන් කටයුතු කිරීම ද එම කොටසින් වන්නේය. එය කෙතරම් ද යත් සත්වයා තම පැටියාට යමක් සිදුවනු ඇතැයි බිය වී, උගේ කොර උගෙන් ඔසවා ගැනීම පවා සිදුවනුයේ ඒ හේතුවෙනි.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්රකාශයකට තමන් සවන් දුන් බව පවසා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “අල්ලාහ් කරුණාව කොටස් සියයක් බවට නියම කර; ඉන් අනූ නවයක් ඔහු ළඟ රඳවා ගෙන; එක් කොටසක් පමණක් මහපොළොවට පහළ කළේය. මැවීම් අතර එකිනෙකා කරුණාවෙන් කටයුතු කිරීම ද එම කොටසින් වන්නේය. එය කෙතරම් ද යත් සත්වයා තම පැටියාට යමක් සිදුවනු ඇතැයි බිය වී, උගේ කොර උගෙන් ඔසවා ගැනීම පවා සිදුවනුයේ ඒ හේතුවෙනි.”
තවත් වාර්තාවක “සැබැවින්ම උත්තරීතර අල්ලාහ් සතුව කරුණා ගුණ සියයක් ඇත. ඒවායින් එක් කොටසක් ජින්නුන්, මිනිසුන්, සතුන් හා කෘමීන් අතරට පහළ කළේය. එමගින් ඔවුහු එකිනෙකා සෙනෙහෙකම් පාති. එමගින් ඔවුන් එකිනෙකා ආදරය කරති. මෘග සතුන් තම පැටවා මත සෙනෙසහ පාන්නේ ද ඒ හේතුවෙනි. මළවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනයේ තම ගැත්තන්හට එමගින් කරුණාව දක්වනු පිණිස කරුණා ගුණ අනූ නවයක් අල්ලාහ් ප්රමාද කර ඇත.”
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බවට සල්මාන් අල්-ෆාරිසී (රළියල්ලාහු අන්හු තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “සැබැවින්ම කරුණා ගුණ සියයක් අල්ලාහ් සතුව ඇත. ඒවායින් එක් කරුණා ගුණයක් ඇත. මැවීම් ඔවුන් අතර එකිනෙකා ආදරය කරනුයේ එමගිනි. තවත් අනූ නවයක් මළවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනය දක්වා රඳවාගෙන ඇත.”
තවත් වාර්තාවක: “සැබැවින්ම උත්තරීතර අල්ලාහ් අහස් හා මහපොළොව මැවූ දිනයේ කරුණා ගුණ සියයක් මැව්වේය. සෑම කරුණා ගුණයක්ම අහස් අතර පොළොව දක්වා ආවරණය වී ඇත. ඒවායෙන් එක් කරුණා ගුණයක් මහපොළොවට පත් කළේය. මව තම දරුවාට පෙන්වන සෙනෙහසත් මෘග සත්වයා හා පක්ෂීන් උන් එකිනෙකාට පෙන්වන සෙනෙහසත් එමගින් වූවකි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය වූ විට එය මෙම කරුණා ගුණ තුළින් සම්පූර්ණ කරනු ඇත.”
Explanation
දෙවන හදීසය: සැබැවින්ම උත්තරීතර අල්ලාහ් අහස් හා මහපොළොව මැවූ දින කරුණා ගුණ සියයක් මැව්වේය. සෑම කරුණා ගුණයක්ම අහස හා පොළොව අතර පිරෙන තරම් විය. මෙලොවට එක් ගුණයක් පමණක් නියම කළේය. මව තම දරුවාට පෙන්වන ආදරයත් සිව්පාවුන් හා පක්ෂීන් උන් එකිනෙකා අනෙකාට පෙන්වන ආදරයත් ඒ හේතුවෙන් වූවකි. පසුව මළවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනයේ ලෝ වැසියන්ගේ පරමාධිපති වූ අල්ලාහ් සෙසු අනූ නවය තුළින් එය සම්පූර්ණ කරයි. කැළඹීම් මත ගොඩ නැගුණු මෙලොව නිවහනේ කීර්තිමත් අල්ලාහ්ගේ අතිමත් ආශිර්වාදයක් තුළින් මිනිසා යමක් ලබා ගන්නා විට එය ලබනුයේ ද එම එක් කරුණාව හේතුවෙනි. ප්රතිඵල පිරිනමනු ලබන සදාතනික නිවහන වන මතු ලොව නිවහනේ කරුණා ගුණ සියය ගැන කල්පනය කෙසේනම් පවතිනු ඇත්ද?
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

