HadeethEnc · 1.24.0
ඔහු ජිබ්රීල්ය. ඔබ වෙත සලාම් පැවසීය.
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
ආඉෂා -රළියල්ලාහු අන්හා- තුමිය විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණෝ මට මෙසේ පැවසූහ. “ඔහු ජිබ්රීල්ය. ඔබ වෙත සලාම් පැවසීය.“ එවිට මම “වඅලය්හිස් සලාම් වරහ්මතුල්ලාහි වබරකාතුහු (ඔහු කෙරෙහිද ශාන්තිය ද අල්ලාහ්ගේ රහ්මතය ද ඔහුගේ සමෘද්ධිය ද අත්වේවා) යැයි පැවසුවෙමි“ යැයි පවසා සිටියාය. ඇතැම් පූර්ව සාධක සහිත වාර්තාවල සඳහන් වනුයේ මෙලෙසය. බුහාරි හා මුස්ලිම්හි වබරකාතුහු යන ප්රකාශය සඳහන්ව ඇති නමුත් ඇතැම් වාර්තාවල එම ප්රකාශය සඳහන් වන්නේ නැත.විශ්වාසවන්තනීය වාර්තාකරුගේ වැඩිපුර වාර්තාකරනය පිලිගනු ලැබේ.
02
Explanation
නියත වශයෙන්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමණෝ, “අහෝ ආඉෂා! මොහු ජිබීරීල්ය. ඔබ වෙත සලාම් පැවසීය“ යැයි ඇය වෙත පවසා සිටියහ. තවත් වාර්තාවක “ඔබට ඔහු සලාම් පවසයි“යැයි සඳහන් වී ඇත. එනම්: ඔබ වෙත සලාම් පිළිගන්වයි ඉස්ලාමයේ පැතුමෙන් ඔබට සුබ පතයි යන්නය.
එවිට ආඉෂා තුමිය, “වඅලය්හිස් සලාම් වරහ්මතුල්ලාහි වබරකාතුහු“ (ඔහුට ශාන්තිය, අල්ලාහ්ගේ කරුණාව, හා ඔහුගේ සමෘද්ධිය හිමිවේවා.) යැයි පවසා සිටියාය. සූරා නිසා 86 වැනි පාඨයේ සඳහන් “ඔබ යම් පැතුමකින් පතනු ලබන්නෙහු නම්, ඊට වඩා යහපත් දැයකින් පතනු. එසේ නැතිනම් එයම පතනු“ යැයි අල්ලාහ්ගේ ප්රකාශය ක්රියාවට නංවමින් ඇය එම සුබපැතුමට වඩා යහපත් අයුරින් ප්රතිචාර දැක්වූවාය.
එය සුන්නාවකි. ආඉෂා-රළියල්ලාහු අන්හා- තුමියගේ ප්රකාශයට අනුව කෙනෙකු තවත් කෙනෙකු වෙත සලාම් පවසා යවන්නේ නම්, “වඅලෙයිහිස් සලාම් වරහ්මතුල්ලාහි වබරකාතුහු“ යනුවෙන් ප්රතිචාර දක්වනු ලැබිය යුතුය.
ඔහු “අලය්ක වඅලය්හිස් සලාම්“ යැයි හෝ “අලය්හි වඅලෙයිකස් සලාම්“ වරහ්මතුල්ලාහි බවරකාතුහු) යැයි හෝ පැවසීම යහපත්ය. හේතුව සලාමය දන්වා සිටින්නා යහපත් පුද්ගලයකි. ඔහු වෙනුවෙන් ප්රාර්ථනා කිරීම ඔහුට ප්රමාණවත් වනු ඇත.
නමුත් වසිය්යත් (අන්තිම කැමැත්ත) වශයෙන් ඔහු වෙත මාගේ සලාමය දන්වන්න යැයි කෙනෙකු පවසා ඇත්නම් එය ඔබ දන්වා සිටීම අනිවාර්යය ද නැද්ද? යැයි බලන කල, ඉස්ලාමීය විද්වත්හු මෙසේ ප්රකාශ කරති: එය ඔහු ඔබට අනිවාර්යය කර ඇත්නම්, ඔබ වෙත අනිවාර්යය වන්නේය. උත්තරීතර අල්ලාහ් සූරා නිසා 58 වැනි පාඨයේ මෙසේ පවසා ඇත.‘පැවරුනු වගකීම් එහි හිමිකරුවන්ට ඉටු කරන මෙන් අල්ලාහ් නුඹට නියෝග කරයි.“ මාගේ සලාමය ඔහුට දන්වන්නැයි පවසා නිහඬව සිටියේ නම් හෝ ඔබට මතක් වූ විට දන්වන්නැයි හෝ ඒ හා සමාන ප්රකාශයක් කර ඇත්නම් එවිට ඔබට මතක් වූයේ නම් හැර ඔහු වෙත දන්වා සිටීම අනිවාර්යය නොවේ. එසේ මතක් වූ විට සලාම් පැවසීම ඔහුට අනිවාර්යය වේ. නමුත් වඩාත් යහපත් වන්නේ මෙලෙස මිනිසෙකුට නොපැවරීමයි. හේතුව ඇතැම් විට එය ඔහුට දුෂ්කර වන්නේය. නමුත් මා ගැන ඔහු විමසූ විට මාගේ සලාමය දන්වන්නැයි පවසා සිටිය හැක. එය වඩාත් යහපත්ය. එසේ යමෙකුට පැවරීම ප්රයෝජනවත් නොවන කටයුත්තකි. හේතුව ඔබ නිසා ඔහු ලැජ්ජාවට පත් වනු ඇත. ඔහු එසේය මම ඔබේ සලාමය දන්වා සිටිමි යැයි පවසා අමතක වූයේ නම් හෝ දිගු කාලයක් ගතවී නම් හෝ ඒ හා සමාන වෙනත් දෙයක් සිදුවූයේ නම් හෝ එවිට එය නොදන්වා සිටි හේතුවෙන් ඔහු ලැජ්ජාවට පත් වෙයි.

Attribution
[බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares