කවරෙකු මා සිහිනයෙන් දුටුවේ ද ඔහු අවදියෙන් සිටියදී මා දකිනු ඇත. - එසේ නැතිනම්, අවදියෙන් සිටියදී ඔහු මා දකින්නාක් මෙනි. - ෂෙයිතාන් මාගේ හැඩරුව නොගනියි.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “කවරෙකු මා සිහිනයෙන් දුටුවේ ද ඔහු අවදියෙන් සිටියදී මා දකිනු ඇත. - එසේ නැතිනම්, අවදියෙන් සිටියදී ඔහු මා දකින්නාක් මෙනි. - ෂෙයිතාන් මාගේ හැඩරුව නොගනියි.”
Explanation
පළමුව: මෙයින් අදහස් කරනුයේ: එතුමාගේ යුගයේ උදවිය පිළිබඳවයි. එනම් හිජ්රත් නොකළ තත්ත්වයේ එතුමාණන්ව දුටුව, අවදිව සිටිය දී දෑසින්ම සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා දකින්නටත් හිජ්රත් කිරීමටත් අල්ලාහ් ඔවුනට භාග්යය පිරිනමනු ඇත.
දෙවැන්න: සැබෑ ලෙසින්ම, එනම් ප්රාණ ලොකයෙහි සිහිනෙන් තමන්ට දිස් වන්නා නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාය. එතුමාණන්ව දැකීම යනු සැබෑවකි. එතුමාණන්ගේ හැඩරුව පිළිබඳ මනා අවබෝධයක් තිබීම එහි කොන්දේසියකි.
තුන්වැන්න: එම හීනය තහවුරු කිරීමක් වශයෙන් මතුලොවෙහි අවදිව සිටිය දී එතුමාණන්ව දකිනු ඇත. විශේෂයෙන් එතුමාණන්ට සමීපයෙන් සිටීමත් එතුමාණන්ගේ මැදිහත් වීම තමන්ට ලැබීමත් දකිනු ඇත.
‘අවදිව සිටිය දී ඔහු මා දකින්නාක් මෙනි‘ යන ඉමාම් මුස්ලිම් තුමා විසින් වාර්තා කරන ලද ප්රකාශය වනාහි එය අල්ලාහ්ගේ දූතයාණන් ‘අවදිව සිටිය දී ඔහු මා දකිනු ඇත‘ යැයි පැවසුවේ ද එසේ නැතිනම් ‘අවදිව සිටියදී ඔහු මා දකින්නාක් මෙනි‘ යැයි පැවසුවේ ද යන්න ගැන සැකයක් ඇත.
එහි අර්ථය: නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ ශරීර හැඩය එලෙසින්ම සිහිනයෙන් දකින්නා ඔහු අවදිව සිටිය දී ඔහුව දුටුවාක් මෙන් පවතී යන්නයි. මෙම සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාගේ ප්රකාශය බුහාරි හා මුස්ලිම්හි සඳහන්ව ඇති ‘‘කවරෙකු සිහිනෙන් මා දුටුවේ ද සැබැවින්ම ඔහු මා දුටුවේය.“ යන හදීසය හා බුහාරි හා මුස්ලිම්හි සඳහන් “කවරෙකු මා සිහිනෙන් දුටුවේ ද සැබැවින්ම ඔහු සත්යය දුටුවේය“ යන හදීසය හා සමානය. “ෂෙයිතාන් මාගේ හැඩරුව නොගනු ඇතැ“යි යනුවෙන් ද එතුමාණන් ප්රකාශ කර ඇත්තාහ. තවත් වාර්තාවක සඳහන්ව ඇති පරිදි “කවරෙකු මා දුටුවේ ද සැබැවින්ම ඔහු මා දුටුවේය. නියත වශයෙන් මාගේ හැඩරුව ගැනීමට ෂෙයිතාන්ට කිසිදු හැකියාවක් නැත යන්න ද සඳහන් වී ඇත.
එනම්: නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ සැබෑ හැඩරුව ගැනීමට ෂෙයිතාන්ට නොහැකි බවයි. එසේ නැතිනම් ෂෙයිතාන් පැමිණ: නියත වශයෙන්ම තමන් අල්ලාහ්ගේ දූතයාණන් යැයි පවසා සිටිය ද ඔහුගේ හැඩරුව සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගේ හැඩරුවට සමානව නොපවතියි. ඔහු අල්ලාහ්ගේ දූතයාණන් නොවෙයි. එහෙයින් මිනිසෙකු යම් පුද්ගලයකු සිහිනෙන් දැක තම සිතෙහි සැබැවින්ම ඔහු අල්ලාහ්ගේ දූතයාණන් යැයි සිතට වැදුණේ නම්, ඔහු දුටු එම ලක්ෂණ නබි -සල්ල්ලාහු අලය්හි වසල්ලම් තුමාගේ ලක්ෂණ වලට සමාන වන්නේ ද? නැද්ද යන්න වග සොයා බැලිය යුතුය.
එසේ එය ගැළපෙන්නේ නම් සැබැවින්ම ඔහු නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණන්ව දැක ඇත්තේය. එසේ නොගැලපෙන්නේ නම් එසේ දුටු පුද්ගලයා නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා නොවන්නේය. සැබැවින්ම එය ෂෙයිතාන් විසින් ඇති කරන්නා වූ සැකයයි. ඔහු නිදා සිටින්නාගේ සිත තුළ නියත වශයෙන්ම මොහු අල්ලාහ්ගේ දූතයාණන් යන සිතුවිල්ල ඇති කරයි. නමුත් ඔහු අල්ලාහ්ගේ දූතයාණන් නොවෙයි. යසීද් අල් ෆාරිසී විසින් වාර්තා කළ හදීසයක් ඉමාම් අහ්මද් හා ඉමාම් තිර්මිදි විසින් අෂ්-ෂමාඉල් හි මෙසේ සඳහන් කොට ඇත. මම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණන්ව සිහිනෙන් දුටුවෙමි. සැබැවින්ම මම අල්ලාහ්ගේ දූතයාණන්ව -සල්ලලාහු අලය්හි වසල්ලම්- සිහිනෙන් දුටුමි යැයි ඉබ්නු අබ්බාස් තුමාහට පැවසුවෙමි. එවිට ඉබ්නු අබ්බාස් තුමා: “නියත වශයෙන්ම මාගේ හැඩරුව ගැනීමට ෂෙයිතාන් ශක්තිය නොදරයි. එහෙයින් කවරෙකු නින්දෙන් මා දුටුවේ ද සැබැවින්ම ඔහු මා දැක ගත්තේයැ“ යි අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- පැවසූ බව දන්වා සිටියේය. එසේ නම් ඔබ දුටු එම මිනිසා ගැන ඔබට වර්ණනා කළ හැකි දැයි තවදුරටත් විමසා සිටියේය. ඔව් යැයි මම පිළිතුරු දුනිමි. එවිට ඒ ගැන වර්ණනා කළ කල්හි, ඉබ්නු අබ්බාස් තුමා: අවදිව සිටිය දී එය ඔබ ඔහු දැක ඇත්නම් එයට වඩා ඔහු ගැන වර්ණනා කිරීමට ඔබ ශක්තිය නොදරනු ඇතැයි පැවසීය. මෙය මුක්තසර් අෂ් ෂමාඉල් නම් කෘතියෙහි අෂ්-ෂෙයික් අල්බානී තුමා හසන් ගණයට අයත් හදීසයක් බව වාර්තා කරයි. (පිටුව 208, හදීස් අංක 347)
එම අර්ථය වනාහි: සැබැවින්ම ඔබ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණන්ව අවදිව සිටි තත්ත්වයේ දැක ඇත්නම් ඔබ වර්ණනා කළ දැයට අධික යමක් ඔහු ගැන වර්ණනා කිරීමට ඔබට නොහැකිය. එහි අර්ථය සැබැවින්ම ඔහු නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණන්ව දැක ඇත්තේය යන්නයි.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

