අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මිතුදම් පාන්නට වඩාත් උරුමය ඇත්තේ කාහටද? ඔබේ මවට. පසුව ඔබේ මවට. පසුව ඔබේ මවට. පසුව ඔබේ පියාට. පසුව ඔබේ සමීප ඥාතීන්ට, ඔබේ ඥාතීන්ට යැයි පැවසූහ.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් වෙත මිනිසෙකු පැමිණ, “අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ජනයා අතර මා ඉතා යහපත් අයුරින් මිතුදම් පාන්නට වඩාත් උරුමය ඇත්තේ කාහටද?“ යැයි විමසීය. එතුමා: “ඔබේ මවට“ යැයි පැවසූහ. ඔහු: “පසුව කාහටදැ“යි විමසීය. එතුමා: “ඔබේ මවට“ යැයි පැවසූහ. “පසුව කාහටදැ“යි විමසීය. එතුමා “ඔබේ මවට“ යැයි පැවසූහ. ඔහු “පසුව කාහටදැයි“ විමසීය. “ඔබේ පියාට.“ බුහාරි හා මුස්ලිම් මෙය වාර්තා කොට ඇත. තවත් වාර්තාවක, “අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මිතුදම් පාන්නට වඩාත් උරුමය ඇත්තේ කාහටද?“ “ඔබේ මවට. පසුව ඔබේ මවට. පසුව ඔබේ මවට. පසුව ඔබේ පියාට. පසුව ඔබේ සමීප ඥාතීන්ට, ඔබේ ඥාතීන්ට“ යැයි පැවසූහ.
Explanation
මම පියාට වඩා උසස් වන්නට හේතුව පියා උදව් නොකරන මාර්ගයන්හි මව ඔහුට උදව් කරන බැවිනි. ඇය මාස නවයක් පියවරෙන් පියවර කුසේ දරා, දුර්වල වූවාය. ඇය ඔහුව ප්රසූත කළාය. එවිට ඇයගේ ජීවිතය අවධානම් විය. පසුව වසර දෙකක පමණ කාලයක් ඇය ඔහුට කිරි පෙව්වාය. ඔහුගේ සුවය පිණිස රාත්රියේ අවදිව සිටියාය. ඔහුගේ යහපත පිණිස කැපවී කටයුතු කළාය. මෙලෙස ඇය දුක් කන්දරාවක් විඳ දරා ගත්තාය. එහෙයින් දේව පණිවිඩය මෙසේ ප්රකාශ වී ඇත. “සැබැවින්ම තම දෙමාපියන්ට යහපත් අයුරින් කටයුතු කරන මෙන් මිනිසාට නියෝග කළෙමු. ඔහුගේ මව ඔහුව ඉතා අසීරුවෙන් ඉසිළුවාය. ඔහුව ප්රසූත කළාය. ඔහුව උසුලා මාස තිහක් කිරි පෙව්වාය.“ එහෙයින් තම දෙමාපියන් සමග යහපත් අයුරින් කටයුතු කරන මෙන් නියෝග කර තිබීම ඔබට දැකිය හැක. මවගේ උරුමයේ මහිමය සංකේතවත් කරමින් ඇය ඔහුට උපකාර කර ඇති බව මතක් කරමින් මව ගැන සඳහන් වී ඇත.
දෙමාපියන් යහපත් අයුරින් රැකබලාගැනීම යනු ඔවුන් දෙදෙනාට ආහාර පාන නවාතැන් හා ඇඳුම් පැළදුම් සඳහාත් ඔවුන්ගේ ජීවන අවශ්යතා සඳහාත් වියදම් කිරීමය. ලෞකික ජීවිතයේ පහත් හෝ මධ්යස්ත ජීවිතයක් ගත කරමින් සිටියදී ඔබ තෘප්තිමත් සතුටු දායක ජීවිතයක් ගත කරන්නෙහි නම් ඔබේ තරාතිරමට අනුව ඔවුන් දෙපළ උසස් කරවිය යුතුය. එසේ නැතිනම් ඊට වඩා අධිකව තැබිය යුතුය. මිතුදමෙහි වඩාත් යහපත් වනුයේ එයයි. යූසුෆ් නබි තුමා තම දෙමාපියන්ට සිදු කළ දෑ පිළිබඳ මදක් සිතා බලන්න. එතුමාට රජ පදවිය දෙන ලදී. එවිට ඔවුන් දෙදෙනා ගමෙන් පැමිණි පසු ඔවුන් දෙදෙනාව රාජාසනයේ උසස් කොට තැබූහ. මිතුදමෙහි තවත් අලංකාරයක් වනුයේ අල්ලාහ් මෙනෙහි කර තිබෙන්නාක් මෙන් සියලුම කටයුතු වලදී ඔවුන් සමග යහපත් අයුරින් කටයුතු කිරීමයි. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා සිටියි. “ඔහුට පමණක් මිස වෙන කිසිවකුට ගැතිකම් ඉටු නොකළ යුතු බවත් දෙමාපියන්ට උවටැන් කළ යුතු බවත් ඔබේ පරමාධිපති තීන්දු කළේය. ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු හෝ දෙදෙනාම හෝ ඔබ අබියස වයෝවෘද්ධභාවය ලබා ඇත්නම් ඔවුන් දෙදෙනාට චි (වැනි පිළිකුල් සහගත වදනින්) කතා නොකරනු. ඔවුන් දෙදෙනා පළවා නොහරිනු. ඔවුන් දෙදෙනාට ගෞරවණීය වදනින් කතා කරනු. කරුණාවේ පහත් පියාපත් ඔවුන් දෙදෙනාට පහත් කරනු. තවද මාගේ පරමාධිපතියාණන් මා කුඩා කාලයේ හදාවඩාගත්තාක් මෙන් ඔවුන් දෙදෙනාට ඔබ කරුණාව දක්වනු.“
එහෙයින් පහත් වදනින් කතා කිරීමෙන් වැළකී සිටිය යුුතුයි. ඔවුන් දෙදෙනාට හිංසා කිරීමෙන් වැළකී සිටිය යුතුයි. ඔබේ කතාවෙන් ඔවුන් වේදනාවට පත් නොවිය යුතුයි. ඔවුන් දෙදෙනාට ඔබේ පියාපත් හෙළිය යුතුය. ඔබේ මනස ඔවුන් දෙදෙනා වෙත යටහත් කළ යුතුයි. පිවිතුරු හදවතින් ඔවුන් දෙදෙනාට ප්රාර්ථනා කිරීමෙහි ඔබේ දිව නිරත කරවිය යුතුයි. ඔබ නිතර මෙසේ ප්රාර්ථනා කළ යුතුයි. මාගේ පරමාධිපතියාණනි, ඔබ මා කුඩා කාලයේ ඇති දැඩි කළාක් මෙන් ඔවුන් දෙදෙනාට ඔබ කරුණා කරනු මැනව.
දේව පණිවිඩය සංකේතවත් කරමින් හා හදීසය අනුගමනය කරමින් මවට අමතර අවධානය යොමු කිරීමට අමතක නොකළ යුතුය.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

