එසේනම්, ඔබ ඔබේ දෙමව්පියන් වෙත ගොස් ඔවුන් දෙපොළ සමඟ සුහදව කටයුතු කරනු.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් -රළියල්ලාහු අන්හුමා- විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. මිනිසෙකු අල්ලාහ්ගේ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඉදිරියට පැමිණ හිජ්රත් හෙවත් නික්ම යෑම හා ජිහාද් හෙවත් දිවි හිමියෙන් කටයුතු කිරීම සඳහා මම ඔබට ප්රතිඥා දී උත්තරීතර අල්ලාහ්ගෙන් කුසල් බලා පොරොත්තු වෙමි යැයි පවසා සිටියේය. එතුමාණෝ: (ඔබේ දෙමව්පියන්ගෙන් කිසිවකු හෝ ජීවතුන් අතර සිටින්නේ දැයි විමසා සිටියේය.) ඔහු: (එසේය, දෙදෙනාම සිටිති) යැයි පැවසීය. එතුමාණෝ: (එසේනම්, ඔබ උත්තරීතර අල්ලාහ්ගෙන් කුසල් බලාපොරොත්තු වන්නෙහි ද?) යැයි විමසූහ. ඔහු: එසේය යැයි පැවසීය. එතුමාණෝ: (එසේනම්, ඔබ ඔබේ දෙමව්පියන් වෙත ගොස් ඔවුන් දෙපොළ සමඟ සුහදව කටයුතු කරනු.) ඔවුන් දෙදෙනා සතු තවත් වාර්තාවක: මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ ජිහාද් හෙවත් අල්ලාහ්ගේ මාර්ගයේ දිවි හිමියෙන් කටයුතු කරන්නට අවරස පැතීය. එවිට එතුමාණෝ: (ඔබේ දෙමව්පියන් ජීවතුන් අතර සිටිත්ද?) යැයි විමසා සිටියේය. ඔහු: එසේය යැයි පැවසීය. එතුමාණෝ: (ඔවුන් දෙදෙනා අතර සිට ඔබ දිවි හිමියෙන් කටයුතු කරන්නැ)යි පවසා සිටියහ.
Explanation
තම වගකීමෙහි වඩාත් උචිත එමෙන්ම අනිවාර්යය කටයුත්ත වනුයේ තම දෙමාපියන් වෙත ගොස් ඔවුන් දොපොළ සමග යහතින් කටයුතු කිරීම වේ යැයි නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඔහුට ප්රතිචාර දැක්වූහ. බුහාරි හා මුස්ලිම් හි සඳහන්: ඔවුන් දෙදෙනා විෂයයෙහි ඔබ කැපවනු. යන වාර්තාවට අනුව ඔවුන් දෙදෙනාට සේවය කිරීමත් ඔවුන් දෙදෙනා සතුටට පත් කිරීමත් ඔවුන් දෙදෙනාට අවනත වීමත් තම ජීවිතය නැමදුමෙහි කැප කිරීමකි. දෙමව්පියන්ට උපකාර කිරීම ඔවුන් දෙදෙනාට අවනත වීම ඔවුන් දෙදෙනාට උවටැන් කිරීම අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීමට වඩා උතුම් යැයි වෙනත් හදීසයක පැහැදිලිව සඳහන්ව ඇත. ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හුමා- විසින් වාර්තා කළ එවැනි හදීසයක් මෙසේය: අල්ලාහ්ගේ දූතයාණන් වෙත මිනිසෙකු පැමිණ ක්රියාවන්ගෙන් උතුම් වනුයේ කුමක් දැ?යි විමසා සිටියේය. එවිට එතුමාණෝ: සලාතය ඉටු කිරීම යැයි පැවසූහ. පසුව කුමක්දැ?යි විමසා සිටියේය ජිහාද් හෙවත් අල්ලාහ්ගේ මාර්ගයේ දිවිපිදීම යැයි පවසා සිටියහ. එවිට නියත වශයෙන්ම මට දෙමව්පියන් සිටිති යැයි ඔහු පැවසීය. එවිට එතුමා: ඔබේ දෙමව්පියන්ට උවටැන් කිරීම ශ්රේෂ්ඨය යැයි පැවසූහ. මෙය ඉමාම් ඉබ්නු හිබ්බාන් විසින් දන්වා ඇත. සැබැවින්ම මෙම හදීසය ජිහාද් හෙවත් අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදීමට වඩා දෙමව්පියන්ට උවටැන් කිරීම උතුම් බව පෙන්වා දෙයි. නමුත් ජිහාද් කිරීම ෆර්ළු අයින් හෙවත් අනිවාර්ය කටයුත්තක් වූ විට එයට සහය වනු පිණිස ඔවුන් දෙදෙනාට අවනත වීමට වඩා ඒ වෙත මුල් තැන දිය යුතුය.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

