افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#3916[පූර්ව සාධක සහිත හදීසයකි]
HadeethEnc · 1.24.0

‘මා ළඟ මෙම උහුද් කන්ද මෙන් රත්රන් තිබී, එය මා සමග දින තුනක් ගත වීම ණය පියවීම සඳහා යම් ප්රමාණයක් මිස දීනාරයක් හෝ මා සතුව තිබීම මා සතුටු කරවන්නක් නොවන්නේය. එසේ තිබුණත් ඒ ගැන අල්ලාහ්ගේ ගැත්තත් වන මේ මේ මේ අයට යැයි පැවසීම හැර...’

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අබූ දර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සමග නිදහසේ මදීනාවේ ගමන් කරමින් සිටියෙමි. එවිට උහුද් කන්ද අප ඉදිරියේ දිස් විය. එවිට එතුමා “අහෝ අබූ දර්” යැයි ඇමතූහ. මම ‘අල්ලාහ්ගේ දූතයාණනි මම ඔබ සමීපයෙන් සිටිමි’ යැයි පැවසුවෙමි. එවිට එතුමා: “මා ළඟ මෙම උහුද් කන්ද මෙන් රත්රන් තිබී, එය මා සමග දින තුනක් ගත වීම ණය පියවීම සඳහා යම් ප්රමාණයක් මිස දීනාරයක් හෝ මා සතුව තිබීම මා සතුටු කරවන්නක් නොවන්නේය. එසේ තිබුණත් ඒ ගැන අල්ලාහ්ගේ ගැත්තත් වන මේ මේ මේ අයට යැයි පැවසීම හැර...” එය ඔහුගේ දකුණු පැත්තට වම් පැත්තට හා පසුපසට හැරිමිනි. පසුව නැවතත් ගමන් කළහ. පසුව එතුමා “සැබැවින්ම අධිකව තිබෙන්නන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්වල්ප දෙනෙකු වෙති. නමුත් එම සම්පත් මේ මේ මේ දෑට යයි පවසා සිටියවුන් හැර. ‘ඔවුන් ස්වල්ප දෙනෙකි.’ පසුව එතුමා මට: “ඔබේ ස්ථානයේම සිටින්න. ඔබ වෙත මම නැවත පැමිණෙන තුරු හැරී නොයන්න.’ යැයි පැවසූහ. පසුව එතුමා නොපෙනෙන තෙක් රාත්රී අන්ධකාරයේ ගමන් කළේය. පසුව මම හඬකට සවන් දුනිමි. එය ඉහළින් විය. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හරහට කිසිවෙකු හෝ වෙත්දැ?යි මම බිය වූයෙමි. ‘මම ඔබ වෙත පැමිණෙන තුරු හැර නොයන්න.’ එතුමා කියූ වචනය මට මතක් විය. එහෙයින් එතුමා මා වෙත පැමිණෙන තෙක් මා හැර නොගියෙමි. පසුව මම: සැබිවන්ම මම හඬකට සවන් දුනිමි. ඒ ගැන මම බිය වූයෙමි. මම එතුමාට ඒ ගැන ප්රකාශ කළෙමි. එවිට එතුමා: “ඔබ එයට සවන් දුන්නෙහිද?” මම ‘ඔව්’ යැයි පැවසුවෙමි. එතුමා: “එය ජිබ්රීල්ය. ඔහු මා වෙත පැමිණියේය. පසුව හෙතෙම ඔබේ සමූහයා අතරින් අල්ලාහ්ට කිසිවක් ආදේශ නොකරන තත්ත්වයේ මිය යන්නන් ස්වර්ගයට පිවිසීය” යැයි පැවසීය. මම ‘ඔහු දුරාචාරයේ යෙදුණද සොරකම් කළ ද යැයි විමසුවෙමි. එතුමා ඔහු දුරාචාරයේ යෙදුණ ද සොරකම් කළ ද යැයි පැවසූහ.
02

Explanation

හදීසයේ තේරුම: අබූ දර් (රළියල්ලාහු අන්හු) තුමා දන්වා සිටියි. සැබැවින්ම තමන් මදීනාවේ කළු ගලක් සහිත නිදහස් ප්රදේශයක නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සමග ගමන් කරමින් සිටියදී ඔවුනට උහුද් කන්ද ඉදිරියේ දැක ගන්නට විය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ පැවසූහ: ‘මා සතුටු කරවන්නේ නැත.’ එනම් මට ප්රීතියක් ගෙන දෙන්නේ නැත. ‘සැබැවින්ම මා ළඟ මෙම උහුද් කන්ද මෙන් රත්රන් තිබී එය දින තුනක් ගත වීම ණය පියවීම සඳහා යම් ප්රමාණයක් මිස තවත් එක් දීනාරයක් හෝ ඉතිරිව තිබීම මා සතුටු කරවන්නේ නැත. පිරිසිදු රත්රන්වලින් උහුද් කන්ද ප්රමාණයට ධනය මා සතුව තිබුණේ නම් ඒ සියල්ල අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරමි. යුතුකම් ඉටු කිරීමටත් මා මත පැවරුණු ණය පියවීමටත් අවශ්ය වන යමක් හැර ඉන් වෙනත් කිසිවක් ඉතිරි නොකරමි. ඊට අමතරව ඇත්නම් සැබැවින්ම දින තුනක් මා සමග තිබීමත් ඉන් කිසිවක් මා සතුව වීමත් මා සතුටු කරවන්නේ නැත.
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙලොවෙහි සෙසු මිනිසුන්ට වඩා චාම් ජීවිතයක් ගර කර තිබීම මෙය පෙන්වා දෙයි. එතුමා ණය පියවීම සඳහා යමක් මිස ධනය රැස් කිරීමට ප්රිය කරන්නෙකු නොවූහ. එතුමා මිය ගිය අවස්ථාවේත් තම පවුලට තිරුගු ලබා ගැනීම සඳහා යුදෙව්වෙකු ළඟ යුධ කබායක් උකසට තබා තිබිණ.
මෙලොව අල්ලාහ්ට වඩාත් ප්රිය මනාප වී නම් ඒවා ඔහු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට තහනම් නොකරන්නට තිබුණි. නමුත් අල්ලාහ්ව මෙනෙහි කිරීමත් ඒ සම්බන්ධව කටයුතු කිරීමත් දැනුම දෙන්නා, දැනුම ලබන්නා හා අල්ලාහ්ට අවනතවන කටයුතු වල නිරතවන්නා යනාදීන් හැර මෙලොව හා මෙලොවෙහි ඇති දෑ ශාප කරන ලද්දකි.
පසුව එතුමා: ‘සැබැවින්ම අධිකව තිබෙන්නන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්වල්ප දෙනෙකු වෙති.’ එනම් මෙලොව පිළිබඳ අධික ඇල්මක් ඇත්තෝ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දැහැමි ක්රියාවන්ගෙන් අඩු අය වෙති. ඊට හේතුව සැබැවින්ම මෙලොවෙහි තම සම්පත් අධිකව සොයන්නා මත ස්වාධීනත්වය, අහංකාරය, අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර වීම යනාදිය ඉහවහා යනු ඇත. සැබැවින්ම මෙලොව ජීවිතය ඔහුව වෙනතකට හරවා ඇති බැවිනි. මෙලොවෙහි අධිකව සොයන්නා මතුලොවෙහි අඩු බවට පත් වන්නේය.
“ධනය මේ මේ මේ සඳහා යැයි පවසන්නන් හැර” එනම්. අල්ලාහ්ගේ මාර්ගයේ ධනය යෙදවීමය. පසුව “ඔවුන් ස්වල්ප දෙනෙකි” එහි අර්ථය අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරන්නන් ස්වල්ප දෙනෙකු පමණකි යන්නයි.
පසුව “අල්ලාහ්ට ආදේශ නොකරන තත්ත්වයේ කවරෙකු මිය යන්නේ ද ඔහු දුරාචාරයේ යෙදුණද සොරකම් කළද ස්වර්ගයට පිවිසීය.” සැබැවින්ම දුරාචාරය හා සොරකම සුළු දෙයක් බව අදහස් කර නැත. එය මහත් පාපයකි. අබූ දර් තුමා “ඔහු දුරාචාරයේ යෙදුණද සොරකම් කළ ද?” යනුවෙන් පවසා ඒ දෙක බරපතල දෙයක් ලෙස පෙන්වා දී ඇත්තේ එබැවිණි. එයට එතුමා ද “ඔහු දුරාචාරයේ යෙදුණද සොරකම් කළ ද?” යැයි පවසා ඇත්තේය.
ඊට හේතුව කවරෙකු හෝ දේවත්වය විශ්වාස කළ තත්ත්වයේ මිය ගිය විට ඔහු මත මහා පාපයන් තිබුණ ද සැබැවින්ම අල්ලාහ් ඔහු ගැන මෙසේ පවසා ඇති බැවිණි “නියත වශයෙන්ම අල්ලාහ් ආදේශ කිරීම සඳහා සමාව දෙන්නේ නැත. ඒ හැර සෙසු දෑ සඳහා ඔහු අභිමත කරන්නන්හට සමාව දෙන්නේය.” අල්ලාහ් ඔහුට සමාව දෙයි ඔහුට දඬුවම් නොකරයි. ඔහුට දඬුවම් දුන්න ද ඔහුගේ අවසන් ඉරණම ස්වර්ගයයි. අල්ලාහ්ට ආදේශ නොකරන සෑම කෙනෙකුම දේවත්වය ප්රතික්ෂේප කරන ක්රියාවක් ගෙන එන්නේ නැත. එවිට ඔහුගේ අවසන් ඉරණම ස්වර්ගය වෙත වන්නේය. ප්රතික්ෂේප කරන ක්රියාවක් සමගම ඔහු මිය ගිය අයකු වූ කලී ඔහු අපා ගින්නේ සදාතිනයකු වේ. ඔහුගේ ක්රියාව නිෂ්ඵලය. සැබැවින්ම කුහකයින් “සැබැවින්ම ඔබ අල්ලාහ්ගේ දූතයකු බවට අපි සාක්ෂි දරමු.” යැයි අල්ලාහ්ගේ දූතයාණන් හට පවසන්නන් වූහ. ඔවුහු අල්ලාහ්ව මෙනෙහි කරති. නමුත් ස්වල්ප ප්රමාණයක් මිස අල්ලාහ්ව මෙනෙහි නොකරති. ඔවුහු සලාතය ඉටු කරති නමුත් “ඔවුන් සලාතය සඳහා නැගී සිටි විට මැලිවූවන් ලෙස නැගී සිටිති.” ඒ සමගම අපා ගින්නේ පහළම මට්ටමට පිවිසෙති.
මොලොවට ඇති මෝහයෙන් ඉවත් වීම මෙය පෙන්වා දෙයි. සැබැවින්ම මිනිසා තමන්ව ඒ සමග එල්ලා තිබීම අවශ්ය වන්නේ නැත. මෙලොව ඔහුගේ අතේ තැබිය යුතු අතර හදවතේ තැබිය යුතු නැත. හදවත සර්වබලධාරියාණන් වූ අල්ලාහ් මත පිළගනු ලබන්නක් විය යුතුය. සැබැවින්ම එයයි චාම්භවේ පූර්ණ්තවය වන්නේ. එහි ඇති ඔබේ කොටසද ඔබ අමතක නොකළ යුතුයි. නමුත් එය ඔබේ අතේ තැබිය යුතු අතර ඔබේ හදවතේ නොතැබිය යුතුය. එයයි වඩාත් වැදගත් වන්නේ.

Attribution

[බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...