කවර හෝ ගැත්තකු ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅන්න මුහම්මදන් රසූලුල්ලාහ්’ - නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත. සැබැවින්ම මුහම්මද් ඔහුගේ දූතයා වේ - යැයි තම හදවතින්ම අවංක ලෙස සාක්ෂි දරන්නේ ද අල්ලාහ් ඔහුට අපා ගින්න තහනම් කරනු මිස වෙනෙකක් නොවනු ඇත
Choose an available translation of this Hadeeth
Hadeeth text
අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: ගමනක දී මුආද් (රළියල්ලාහු අන්හු) තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පසුපසින් වාහනයේ යමින් සිටිය දී එතුමා මෙසේ පැවසීය: ‘අහෝ මුආද්!' ඔහු: ‘අල්ලාහ්ගේ දූතයාණනි! ඔබට මාගේ ප්‍රතිචාරය, ඔබට මාගේ උපහාරය’ යැයි පැවසීය. එතුමා නැවතත් ‘අහෝ මුආද්!’ යැයි පැවසූ විට ඔහු: ‘අල්ලාහ්ගේ දූතයාණනි! ඔබට මාගේ ප්‍රතිචාරය, ඔබට මාගේ උපහාරය’ යැයි පැවසීය. තුන්වන වරටත් ‘අහෝ මුආද්!’ යැයි පැවසූ විට ඔහු: ‘අල්ලාහ්ගේ දූතයාණනි! ඔබට මාගේ ප්‍රතිචාරය, ඔබට මාගේ උපහාරය’ යැයි පැවසීය. පසුව එතුමා මෙසේ පැවසූහ. “කවර හෝ ගැත්තකු ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅන්න මුහම්මදන් රසූලුල්ලාහ්’ - නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත. සැබැවින්ම මුහම්මද් ඔහුගේ දූතයා වේ - යැයි තම හදවතින්ම අවංක ලෙස සාක්ෂි දරන්නේ ද අල්ලාහ් ඔහුට අපා ගින්න තහනම් කරනු මිස වෙනෙකක් නොවනු ඇත. එවිට ඔහු: ‘අල්ලාහ්ගේ දූතයාණනි! ජනතාවට සතුට ගෙන දෙනු පිණිස මෙය ඔවුනට මා දන්වා සිටිය යුතු නොවේ ද?' යැයි විමසා සිටියේය. එවිට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා: ‘නැත! ඔවුන් ඒ මතම (පමණක්) සිටිනු ඇතැයි' පැවසූහ. පසු ව මුආද් (රළියල්ලාහු අන්හු) තුමා තම අවසන් කාලයේ, දැනුම සැගවීමේ පාපයට බියෙන් එය දන්වා සිටියේය.
Explanation
ඒ සෑම අවස්ථාවකම "අල්ලාහ්ගේ දූතයාණනි! ඔබට මාගේ ප්‍රතිචාරය, ඔබට මාගේ උපහාරය’ යැයි මුආද් (රළියල්ලාහු අන්හු) තුමා පැවසීය. එනම් මම ඔබට ප්‍රතිචාරයෙන් පසු ප්‍රතිචාර දක්වමි. ඔබට ප්‍රතිචාර දැක්වීම මම අගය කරමි යන්නයි.
කවර හෝ ගැත්තකු 'ලා ඉලාහ ඉල්ලල්ලාහු' සැබෑ ලෙස නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත, 'වඅන්න මුහම්මදන් රසූලුල්ලාහ්’ සැබැවින්ම මුහම්මද් අල්ලාහ්ගේ දූතයා වේ- යැයි ව්‍යාජභාවයකින් තොරව තම හදවතින්ම අවංක ලෙස සාක්ෂි දරා එම තත්ත්වයේම ඔහු මිය ගියේ නම්, අල්ලාහ් ඔහුට අපා ගින්න තහනම් කළේය.
එවිට මුආද් (රළියල්ලාහු අන්හු)තුමා "ජනතාව මෙම සුභාරංචිය ලබා සතුටු වනු පිණිස මෙය ඔවුනට දන්වා සිටින්නදැ?"යි විමසා සිටියේය.
නමුත් ඔවුන් ඒ මත පමණක් රැඳෙමින් ඔවුන්ගේ යහපත් ක්‍රියාවන් අඩුවෙන් කරනු ඇතැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ බිය වූහ.
තමන් මිය යන්නට පෙර, දැනුම සැඟවීමේ පාපයට තමන් වැටෙනු ඇතැයි යන බියෙන් මුආද් (රළියල්ලාහු අන්හු) තුමාණන් මේ ගැන පසු කාලයේ පවසා සිටියේය.
Benefits
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ඉගැන්වීමේ ක්‍රමය. එතුමාණන් පවසන්නට යන දෑ ගැන දැඩි සේ අවධාරණය කරනු පිණිස එතුමාණෝ මුආද් තුමාට කිහිප වරක්ම අමතමින් සිටියහ.
"ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅන්න මුහම්මදන් රසූලුල්ලාහ්" නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත. මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අල්ලාහ්ගේ දූතයාණන් වේ යන සාක්ෂි ප්‍රකාශයෙහි කොන්දේසියක් වනුයේ එය පවසන්නා කිසිදු සැකයකින් හෝ ව්‍යාජත්වයකින් තොරව ස්ථීරව අවංක ලෙසින් එය පැවසීමය.
ඒක දේවත්වය විශ්වාස කළ ජනයා අපා ගින්නේ සදාතනිකයින් නොවනු ඇත. සැබැවින්ම ඔවුන්ගේ පාපකම් හේතුවෙන් එහි පිවිසුණ ද ඔවුන් පිරිසිදු වූ පසුව ඉන් බැහැර කරනු ලැබේ.
සාක්ෂියේ ප්‍රකාශ දෙක අවංකව පවසන්නා සතු මහිමය.
යමක් දූෂණයට හේතු වුවහොත් ඇතැම් අවස්ථාවලදී ඒ ගැන කතා කිරීමෙන් ඉවත් සිටීමේ අනුමැතිය.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

