افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#3885[පූර්ව සාධක සහිත හදීසයකි]
HadeethEnc · 1.24.0

අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගෙන් ඉල්ලනු ලැබූ කිසිවක් වී නම්. එතුමා නැතැයි පවසා සිටියි.

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

ජාබිර් ඉබ්නු අබ්දිල්ලාහ් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගෙන් ඉල්ලනු ලැබූ කිසිවක් වී නම්. එතුමා නැත යැයි පවසා සිටියි.“ අනස් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. ඉස්ලාමය සඳහා අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- යමක් ඉල්ලනු ලබන විට එය ඔහුට පිරිනමනු මිස නැත. සැබැවින්ම එතුමා වෙත මිනිසෙකු පැමිණියේය. එවිට එතුමා කදු දෙකක් අතර තරම් එළුවන් ඔහුට පිරිනැමූහ. ඔහු තම ජනයා වෙත ගොස් මෙසේ පැවසීය. “අහෝ මාගේ ජනයිනි, නුඹලා ද ඉස්ලාමය වැළඳ ගන්න. හේතුව නියත වශයෙන්ම මුහම්මද් දිළිඳුකමට බිය නොවන්නාට පිරිනැමීමක් පිරිනමයි.“ ඉස්ලාමය වැළඳ ගැනීම සඳහා එම මිනිසා මෙලොව හැර වෙන කිසිවක් අපෙක්ෂා නොකළේය. නමුත් එය ටික කලක් පමණි. පසුව මෙලොව හා මෙලොවෙහි ඇති සියල්ලට වඩා ඉස්ලාමය ඔහුට වඩාත් ප්රියමනාප දෙයක් විය.
02

Explanation

මෙම හදීසයේ තේරුම: සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාගෙන් කිසිවකු හෝ මෙලොවෙහි කරුණු සම්බන්ධයෙන් යමක් ඉල්ලූ විට ඔහුට පිරිනැමීමෙන් වැළකී, ‘නැත‘ යැයි පවසති. නමුත් එතුමා ළඟ යමක් තිබුණේ නම් ඔහුට එය පිරිනැමූහ. එසේ නැතිනම් (සූරා ළුහා හි 10 වන වැකියේ “ඉල්ලා සිටින්නාව ඔබ පලවා නොහරිනු“ යන අල්ලාහ්ගේ ප්රකාශයේ අණ පිළිපදිමින් පහසු වදනින් ඔහුට පිළිතුරු දුන්හ.
ඉමාම් බුහාරි තුමා අල් අදබ් අල් මුෆ්රද් යන කෘතියෙහි මෙසේ සඳහන් කරයි. සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඉතා කාරුණික කෙනෙකු වූහ. එතුමා ළඟ යමක් තිබුණේ නම් කිසිවකු ඔහු වෙත පැමිණි විට ඔහුට ඒ ගැන පොරොන්දු වී ඔහුට යමක් කරනු මිස නැත.‘ ෂෙය්ක් අල්බානි තුමා තඃලීකාත් හි අල් අදබුල් මුෆ්රද් හි (පිටු අංක 145) මෙය හසන් ගණයට අයත් හදීසයක් යැයි සඳහන් කර ඇත.
අබූ හුරෙයිරා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම මිනිසෙකු (යමක් ඉල්ලා) නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත පැමිණියේය. එතුමා තම බිරියන් වෙත පණිවිඩයක් යැවූහ. එවිට ඔවුහු අප සමග ජලය හැර වෙන කිසිවක් නැතැයි පැවසූහ. එවිට අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- මොහුව එකතු කර ගනුයේ කවුද? මොහුට සංග්රහ කරනුයේ කවුදැ?යි විමසා සිටියහ. හදීස් අංක 3798 යටතේ ඉමාම් බුහාරි තුමා මෙය දන්වා ඇත.
බුහාරි හි හදීස් අංක 2093 යටතේ සඳහන් තවත් හදීසයක් මෙසේය: සහ්ල් ඉබ්නු සඃද් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. පොරෝනයක් සමග කාන්තාවක් පැමිණ, මා ඔබට මෙය අන්දවනු වස් මාගේ මේ දෑතින් මෙය ගොතා ඇත්තෙමි. යැයි පැවසුවාය. එවිට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ඒ වෙත අවශ්යතාවක් ඇති බැවින් එ් සමග අප වෙත බැහැරට පැමිණියේය. එය එතුමාගේ වේට්ටිය විය. එවිට පිරිස අතුරින් මිනිසෙකු: අල්ලාහ්ගේ දූතයාණනි, එය මට අදින්නට දෙන්නේ දැයි විමසීය. එවිට එතුමා: එසේය යැයි පැවසූහ. පසුව නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා එම සභාවේ වාඩි වූහ. පසුව නැවත හැරී ගොස් එය නවා, එය ඔහු වෙතට එවූහ. එවිට ජනයා ඔහු දෙස බලා: ‘ඔබ හොදින් කටයුතු කළෙහිය. ඔබ එතුමාගෙන්ම එය ඉල්ලා සිටියෙහිය. ඉල්ලා සිටින්නෙකුට එතුමාණන් නොදී නොසිටින බව ඔබ මැනවින් දන්නෙහිය‘ යැයි පැවසූහ. එවිට ඒ මිනිසා: අල්ලාහ් මත දිවුරා පවසමි. මම මිය යන දින මාගේ මිණී රෙද්ද බවට පත්වනු පිණි මිස මම එය ඉල්ලා නොසිටියෙමි යැයි පැවසීය. සහල් තුමා තවදුරටක් පවසන විට: ඔහුගේ කෆන් හෙවත් මිණී රෙද්ද බවට එයම විය යැයි පැවසීය.
තමන්ගෙන් ඉල්ලා සිටින්නන් සමග නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා කටයුතු කළ ආකාරය මෙයයි. එහෙයින් එතුමා ළඟ යමක් වී නම්, එතුමා ඒ ගැන අවශ්යතාවකින් සිටිය ද එය ඔහුට ලබා දෙයි. එමෙන්ම එතුමා ළඟ නොමැති විටෙක, ඒ සඳහා නිදහසට කරුණු පෙන්වා දෙයි. එසේ නැතිනම් නියමිත කාලයක ලබා දෙන බවට පොරොන්දු වෙයි. එසේත් නැතිනම් තම මිතුරන් ඉදිරියේ ඔහු වෙනුවෙන් මැදිහත් වී කතා කරයි. මෙය එතුමාගේ ශ්රෙෂ්ටත්වයයි. එතුමාගේ උදාරභාවයයි. එතුමාගේ යහපත් ගතිගුණයි.

Attribution

[බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...