ස්වර්ගයේ රය්යාන් නමින් පවසනු ලබන දොරටුවක් ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ උපවාසයේ නිරත වූවෝ ඉන් පිවිසෙති. ඔවුන් හැර වෙනත් කිසිවෙකු ඉන් පිවිසෙන්නේ නැත
Choose an available translation of this Hadeeth
Hadeeth text
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව සහ්ල් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "ස්වර්ගයේ රය්යාන් නමින් පවසනු ලබන දොරටුවක් ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ උපවාසයේ නිරත වූවෝ ඉන් පිවිසෙති. ඔවුන් හැර වෙනත් කිසිවෙකු ඉන් පිවිසෙන්නේ නැත. උපවාසයේ නිරත වූවෝ කොහේදැයි? විමසනු ලැබේ. එවිට ඔවුහු නැගිට සිටිති. ඔවුන් හැර වෙනත් කිසිවකු ඉන් පිවිසෙන්නේ නැත. එසේ ඔවුන් එහි ඇතුළු වූ පසු එය වසා දමනු ලැබේ. පසුව කිසිවකු හෝ ඉන් පිවිසෙන්නේ නැත."
Explanation
Benefits
උපවාසයේ නිරත වන්නන් හට ස්වර්ග දොරටු අටින් එකක් වෙන්කර තබා ඇත. ඔවුහු එහි පිවිසුනු විට එය වසා දමනු ලැබේ.
සැබැවින්ම ස්වර්ගයට දොරටු ඇති බව පැහැදිලි කිරීම.
සින්දී තුමා මෙසේ පවසයි: "උපවාසයේ නිරත වූවන් කොහේද?" යන ප්‍රකාශ වනාහි, උපවසයේ අධික ලෙස නිරත වූවෝ යන්නයි. එය යුක්තිගරුක තැනැත්තෙකු හා අපරාධකරුවකු අමතනවාක් මෙනි. එසේ අමතනු ලබන්නේ එය අඛණ්ඩව සිදු කරන අයට මිස එක් වරක් පමණක් එය සිදු කළ තැනැත්තන් හට නොවේ.
"රය්යාන්" යනු; පානය කරන්නා යන්නයි: ඊට හේතුව සැබැවින්ම උපවාසයේ නිරතව සිටින්නෝ පිපාසයෙන් සිටිති. විශේෂයෙන් උණුසුම අධික, වියළි දිනවල එය බලපාන්නේය. එබැවින් ප්‍රතිඵල වශයෙන් ඔවුන් විශේෂිත වූ රය්යාන් නමින් වූ දොරටුවක් පිරිනමනු ලබති. එය පිපාසයට විරුද්ධව අධික ලෙස පරිභෝජනයට ගන්නා ක්‍රියාවන් දෙකක් යනුවෙන් ද සඳහන් වී ඇත. ඒ අනුව එසේ නම් කිරීමට හේතුව උපවාසයේ නිරත වන්නන්හට ප්‍රතිඵල පිරිනමනු ලබනුයේ ඔවුන්ගේ පිපාසයට හා ඔවුන්ගේ කුසගින්නට වන බැවිනි.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

