“අල්ලාහ් එමගින් වැරදි මකා දමන, එමගින් තරාතිරම් උසස් කරවන කරුණක් පිළිබඳව මම නුඹලාට දැනුම් දිය යුතු නොවේ ද?
Choose an available translation of this Hadeeth
Hadeeth text
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “අල්ලාහ් එමගින් වැරදි මකා දමන, එමගින් තරාතිරම් උසස් කරවන කරුණක් පිළිබඳව මම නුඹලාට දැනුම් දිය යුතු නොවේ ද?" ඔවුහු: ‘එසේය, අල්ලාහ්ගේ දූතයාණනි!’ යැයි පැවසූහ. එතුමාණෝ: "අකමැති අසීරු අවස්ථාවක වුළූ ධෝවනය සම්පූර්ණ කිරීම, දේවස්ථාන වෙත අධික වශයෙන් පියවර තැබීම හා සලාතයෙන් පසු සලාතය බලාපොරොත්තුවෙන් සිටීමය. රැකවරණය යනු එයයි.”
Explanation
සහාබාවරු: "එසේය අපි එය ප්‍රිය කරන්නෙමු" යැයි පැවසුවෝය. එතුමාණෝ මෙසේ පැවසූහ:
පළමුවැන්න: අධික සීතල, ජලය හිඟ වීම, ශරීරයේ වේදනාව, උණුසුම් ජලය වැනි දුෂ්කර අවස්ථාවන්හි වුළූ දෝවනය නිසි අයුරින් සිදු කිරීම හා පරිපූර්ණ කිරීම.
දෙවැන්න: නිවස දුරින් පිහිටි හේතුවෙන් මස්ජිදය වෙත යාමට අධික වශයෙන් පියවර තැබීම. නැවත නැවතත් එසේ අධික වාරයක් පියනැගීම.
තුන්වැන්න: නියමිත වේලාව එනතුරු සලාතය අපේක්ෂාවෙන් සිටීම, හදවත ඒ සමඟ සම්බන්ධ කිරීම, ඒ සඳහා සූදානම් වීම, සාමුහික සලාතය බලාපොරොත්තුවෙන් මස්ජිදයේ වාඩි වී සිටීම එමෙන්ම ඔහු සලාතය ඉටු කළ විට ඔහු එය එය ඉටු කළ ස්ථානයේ ම අනෙක් සලාතය ද අපේක්ෂාවෙන් සිටීම ය.
සැබැවින්ම මෙම කරුණු රැකවරණයක් බව (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. හේතුව ආත්මය අවහිර කරමින් තිබෙන ෂෙයිතාන්ගේ මාර්ගයට එය බාධකයක් වන බැවිනි. ආශාවන් මැඩපවත්වන බැවිනි. කුකුස් පිළිගැනීමෙන් එය ආත්මය වළක්වන බැවිනි. එවිට එමගින් අල්ලාහ්ගේ සේනාව ෂෙයිතාන්ගේ සේනාවන් අබිබවා යනු ඇත. එය අති මහත් අරගලයකි. තවද එය සතුරාට එරෙහිව ලබා දෙන රැකවරණයක් වැනිය.
Benefits
ප්‍රශ්න අසමින් අතිමහත් කුසල් පිළිබඳ දන්වා ආරම්භ කරමින් තම සහාබාවරුන් උනන්දු කරවා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා ඔවුනට කරුණු ඉදිරිපත් කිරීමේ අලංකාරය. මෙම ක්‍රමය ඉගැන්වීමේ ක්‍රම අතරින් එකකි.
ප්‍රශ්න සහ පිළිතුරු සමඟ ප්‍රශ්නය ඉදිරිපත් කිරීමේ ප්‍රයෝජනය: අපැහැදිලි බව ඉදිරිපත් කරමින් පසුව එය පැහැදිලි කිරීම තුළින් කථාව ආත්මය තුළට කිඳා බසිනු ඇත.
"රිබාත් හෙවත් රැකවරණය" පිළිබඳ නවවි රහිමහුල්ලාහ් තුමා මෙසේ පවසයි: එනම් ඒ පිළිබඳ උනන්දු කරවන ලද රැකවරණයකි. රිබාත් හි පදනම යමක් හිරකර තබා ගැනීමය. ඒ අනුව තමන්ගේ ආත්මය මෙවැනි අවනතභාවයන් මත හිරකර තබා ගැනීම හේතුවෙන් ඉහත සඳහන් හදීස්හි ඇතුලත් කරුණු රිබාත් යනුවෙන් සලකන ලදී. "ජිහාද් යනු තම ආත්මය සමග කරන ජිහාදය වේ" යන කියමන මෙන් සැබැවින්ම මෙය රැකවරණයෙන් උසස්ම රැකවරණය බව පැවසේ. එම රැකවරණය සැබෑ සන්නද්ධ අරගලයකට ලබා දෙන රැකවරණයක් මෙන් නොව ක්‍රියාත්මක කිරීමට ලෙහෙසි පහසු එකකි. එනම් එය ද රිබාත් හි වර්ග අතරින් වේ.
"අර්-රිබාත්" යන පදය නැවත නැවතත් පවසනු ලැබ ඇත. එය (ال) යන පද භාවිතයෙන් නිශ්චිත පදයක් ලෙස හඳුන්වා දී ඇත. එය එම ක්‍රියාවන් හි කටයුත්ත ගරු කොට සැළකීමක් ලෙසිනි.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

