මාගේ ප්රාණය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. නුඹලා යහපත විධානය කළ යුතුයි. අයහපතින් වැළැක්විය යුතුයි. නැතහොත් ඒ හේතුවෙන් අල්ලාහ් නුඹලා වෙත දඬුවමක් එවන්නට පුළුවන. පසුව නුඹලා ඔහු ඇරයුම් කර සිටියද නුඹලාට පිළිතුර දෙනු නොලබනු ඇත.
Choose an available translation of this Hadeeth
Hadeeth text
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බවට හුදෙයිෆා ඉබ්නු අල් යමානි (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. “මාගේ ප්රාණය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. නුඹලා යහපත විධානය කළ යුතුයි. අයහපතින් වැළැක්විය යුතුයි. නැතහොත් ඒ හේතුවෙන් අල්ලාහ් නුඹලා වෙත දඬුවමක් එවන්නට පුළුවන. පසුව නුඹලා ඔහු ඇරයුම් කර සිටියද නුඹලාට පිළිතුර දෙනු නොලබනු ඇත.”
Explanation
පසුව දිවුරා පවසන ලද දෑ මෙනෙහි කර සිටියේය. එනම් යහපත විධානය කරමින් හා අයහප වළක්වමින් අප කටයුතු කිරීමය. එසේ නැතහොත් අල්ලාහ් අබියසින් වන දඬුවම අප සියලු දෙනාටම පොදු වනු ඇත. පසුව අපි ඔහු ඇරයුම් කර සිටිය ද අපට පිළිතුරු නොලැබෙනු ඇත. මෙය සලාතය, සකාත්, යුතුකම් ඉටු කිරීම වැනි යහපත් දෑ විධානය කිරීමේ වැදගත් කම පැහැදිලි කරන්නක් මෙන්ම දුරාචාරය, පොළිය සෙසු තහනම් කරන ලද දෑ වැනි පිළිකුල් සහග දැයින් වැළැක්වීමේ වැදගත් කම පැහැදිලි කරන්නකි. තම නිවසේ පියා, විනිශ්චය කරු, පොලිසිය වැනි අධිකාරී බලය ඇත්තන් එය ක්රියාවෙන් සිදු කරයි. එසේ නැතහොත් වචනයෙන් සිදු කරයි. එය සියලු දනන්හට පොදු වූවකි. එසෙත් නැතහොත් එවන් පිළිකුල් සහගත ස්ථානයෙන් වෙන්ව යමින් හදවතින් එය වරදක් ලෙස සිතයි. එය අදාළ වනුයේ ක්රියාවෙන් හෝ වචනයෙන් හෝ හෙළා දකින්නට හැකියාවක් නොමැති උදවියටය.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

