ඔබ අතුරින් කෙනෙකු, “සැබැවින්ම මම පැතුවෙමි. නමුත් මට පිළිතුරු දෙනු නොලැබීය“ යැයි පවසා ඉක්මන් නොවන තාක්කල් පිළිතුරු දෙනු ලබනු ඇත.
Choose an available translation of this Hadeeth
Hadeeth text
අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි.“ ඔබ අතරින් කෙනෙකු, සැබැවින්ම මම පැතුවෙමි. නමුත් මට පිළිතුරු දෙනු නොලැබීය යැයි පවසා ඉක්මන් නොවන තාක්කල් පිළිතුරු දෙනු ලබනු ඇත.“ මුස්ලිම් හි සඳහන් තවත් වාර්තාවක “පාපයකට හෝ ඥාතී සම්බන්ධකම් බිඳ වැටීමට හෝ ප්රාර්ථනා නොකර, (ප්රාර්ථනාවෙහි) ඉක්මන් නොවී සිටින තාක්කල් ගැත්තාට පිළිතුරු දෙනු ලබමින්ම පවතී. “අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඉක්මන්වීම යනු කුමක් දැ?“යි එතුමාගෙන් විමසන ලදී. එතුමා, “සැබැවින්ම මම පැතුවෙමි. සැබැවින්ම මම පැතුවෙමි. මට පිළිතුරු ලැබෙන බව නොදකිමි. එවිට ඔහු ඒ පිළිබඳ අවනිශ්චිතභාවයට පත්ව ප්රාර්ථනා කිරීම අතහැර දමයි.“ යැයි පැවසූහ.
Explanation
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

