HadeethEnc · 1.24.0
“ෆිත්රා යන කරුණු පහකි: ලිංග චර්ම ඡේදනය, ලිංගාශ්‍රිත රෝම කැපීම, උඩු රැවුල කැපීම, නියපොතු කැපීම, කිහිලි රෝම ඉවත් කිරීම.”
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කරමින් සිටි ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙමි යැයි පවසා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “ෆිත්රා යන කරුණු පහකි: ලිංග චර්ම ඡේදනය, ලිංගාශ්‍රිත රෝම කැපීම, උඩු රැවුල කැපීම, නියපොතු කැපීම, කිහිලි රෝම ඉවත් කිරීම.”
02
Explanation
ඉස්ලාම් දහමින් වූ හා දූතවරුන්ගේ පිළිවෙත් අතරින් වූ කරුණු පහක් සම්බන්ධයෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ:
ඒවායින් පළමුවැන්න: චර්මඡේදනයයි. එනම් පුරුෂ ලිංගයේ මුණ්ඩයට ඉහළින් වැසී ඇති අමතර හම් කොටස කපා හැරීම හා කාන්තාවගේ යෝනි මාර්ගයට ඉහළින් වැසී ඇති හම් කොටස ඉවත් කිරීමය.
දෙවැන්න: ලිංගාශ්‍රිත රෝම බෑම. එනම්, ලිංගය අවට වැවී ඇති රෝම බෑමය.
ඒවායින් තුන්වැන්න: උඩු රැවුල කැපීම, එනම්: පිරිමියකුගේ උඩු තොලට ඉහළින් වැවී ඇති රැවුල, තොල පෙනෙන සේ කපා හැරීමය.
සිව්වැන්න: නියපොතු කැපීම.
පස්වැන්න: කිහිලි රෝම ඉවත් කිරීම.

03
Benefits
අල්ලාහ් ඒවා ගැන ප්‍රිය කරන, ඒවා ගැන තෘප්තියට පත් වන අතර, ඒවා සම්බන්ධයෙන් නියෝග කර ඇති. ධර්ම දූතවරුන්ට හිමි වූ පිළිවෙත් පූර්ණත්වය, පිරිසිදු කම හා අලංකාරය ලබා දෙයි.
මෙම කරුණු පුරුද්දක් ලෙස පිළිපැදීම ආගමානුගත කරන ලද්දකි. ඒ ගැන නොසැළකිලිමත් නොවිය යුතුය.
මෙම කරුණුවල ආධ්‍යාත්මික හා ලෞකික ප්‍රයෝජන ඇත. ඒ අතරින්: තම රුව අලංකාර කර ගැනීම, ශරීරය පිරිසිදුව තබා ගැනීම, පිරිසිදුකම පිළිබඳ සැලකිලිමත් වීම, දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ට වෙනස්ව කටයුතු කිරීම සහ අල්ලාහ්ගේ නියෝගය පිළිපැදීම වේ.
මෙම කරුණු පහ හැරෙන්නට යටි රැවුල වැවීම, දත් පිරිසිදු කිරීම වැනි පෙර සිට පැවත එන වෙනත් කරුණු ද හදීස්වල සඳහන් වී ඇත.

Attribution
[متفق عليه]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares