HadeethEnc · 1.24.0
සලාතයේදී යමක් තමන්ට දැනුනු බව අනුමාන කරන මිනිසෙක් ඒ ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පැමිණිලි කර සිටියේය. එවිට එතුමා: හඬක් ඇසෙන තෙක් හෝ වාතයක් දැනෙන තෙක් හෝ හැරී නොයා යුතු යැයි පවසා සිටියහ.
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
අබ්දුල්ලාහ් ඉබ්නු සෙයිද් ඉබ්නු ආසිම් අල් මසානී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “සලාතයේදී යමක් තමන්ට දැනුනු බව අනුමාන කරන මිනිසෙක් ඒ ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පැමිණිලි කර සිටියේය. එවිට එතුමා: හඬක් ඇසෙන තෙක් හෝ වාතයක් දැනෙන තෙක් හෝ හැරී නොයා යුතු යැ”යි පවසා සිටියහ.
02
Explanation
ඉමාම් නවවි තුමා පවසන පරිදි මෙය ඉස්ලාමයේ පොදු නීති මෙන්ම වැදගත් නීති බොහෝමයක් ගොඩ නැගී ඇති මූල ධර්මවලින් එකකි. සැබැවින්ම මූලධර්මය වනුයේ විශ්වසනීය කරුණක් ඇත්නම් එය එහි නීතිය මතම පදනම්ව පැවතීමයි. සැකයක් හෝ කුතුහලයක් පැමිණි වහාම එම සැකය ශක්තිමත් වුව ද දුර්වල වුව ද සැකය ඉහවහා යන තත්ත්වයට හෝ දැඩි විශ්වාසයේ මට්ටමට නොපැමිණෙන තාක් කල් ඉන් වෙනස් නොවිය යුතුය. ඒ සඳහා සැඟවිය නොහැකි උදාහරණ බොහෝමයක් ඇත. මෙම හදීසයත් ඒ අතරින් එකකි. පිරිසිදු භාවය මත දැඩි විශ්වාසයකින් යුතුව මිනිසෙකු සිටින තාක්කල් පසුව කිලිටිභාවය ඇති වූ බවට ඔහුට සැකයක් ඇති වූයේ නම් මූල ධර්මය වනුයේ ඔහු පිරිසිදු තත්ත්වයේ පසුවන බවය. ඊට පටහැනිව කවරෙකුට කිලිටි තත්ත්වයේ පසුවන බව දැඩි විශ්වාසක් තිබී පසුව පිරිසිදුකම ගැන සැකයක් ඇති වූ විට එහි මූල ධර්මය වනුයේ ඔහු කිලිටි තත්ත්වයේ පසුවන බවය. මෙය ඇඳුමක හෝ ස්ථානයක හෝ ද විය හැක. එහි මූල ධර්මය වනුයේ එහි අපිරිසිදුභාවය පිළිබද දැඩි විශ්වාසයක් නොමැති විටෙක එය පිරිසිදු බවය. ඒ අතරින් සලාතයේදී රකආත් ගණනය සම්බන්ධයෙන් පවතින සැකය ද ඇතුළත් වේ. උදාහරණ වශයෙන් යමෙකු තමන් රකආත් තුනක් ඉටු කළ බවට දැඩි විශ්වාසයක් තිබී පසුව සිව්වැනි රකආතය ගැන සැක ඇති වූයේ නම් එහි මූල ධර්මය වනුයේ ඔහු එය ඉටු නොකළ බවය. එවිට සිව්වැනි රකාආතය ඉටු කළ යුතුව ඇත. තම බිරිය දික්කසාද කිරීම විෂයයෙහි ඇති වන සැකය ද මේ අතරින් තවත් එකකි. එහි මූල ධර්මය වනුයේ විවාහය වලංගුව පවතින බවය. මෙසේ සැඟවිය නොහැකි බොහෝ ගැටලු අතර ද මේ මූලධර්මය ක්රියාත්මක වන්නේය.
Attribution
[බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares

