ඉස්ලාම් නොවන පිළිවෙතක් සම්බන්ධ දිවුරුමක් මත ව්යාජ ලෙස උවමනාවෙන්ම දිවුරා සිටින්නේ ද ඔහු පවසා සිටි පරිදිම වන්නේය.
Choose an available translation of this Hadeeth
Hadeeth text
සාබිත් ඉබ්නු අල්-ලහ්හාක් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. සැබැවින්ම ඔහු ගස යට සිට අල්ලාහ්ගේ දූතයාණන්හට ප්රතිඥා දුන්නේය. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් මෙසේ පැවසූහ. “ඉස්ලාම් නොවන පිළිවෙතක් සම්බන්ධ දිවුරුමක් මත ව්යාජ ලෙස උවමනාවෙන්ම දිවුරා සිටින්නේ ද ඔහු පවසා සිටි පරිදිම විය. කවරෙකු යම් දෙයකින් සිය දිවි නසා ගත්තේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒ අයුරින් දඬුවම් කරනු ලබනු ඇත. තමන්ට අයිති නොවන දෙයක භාරහාර තැබිම පුද්ගලයකුට සුදුසු නොවනු ඇත.” තවත් වාර්තාවක: “දේවත්වය විශ්වාස කළ අයට දොස් නැගීම ඔහුව ඝාතනය කළාක් මෙනි.” තවත් වාර්තාවක, ‘කවරෙකු බොරු වාදයක් තුළින් අධික කර ගැනීම උදෙසා තර්ක කළේ ද ගෞරවනීය අල්ලාහ් පහත් බව මිස වෙනකක් ඔහුට වර්ධනය කරන්නේ නැත.”
Explanation
අසිපතකින් හෝ පිහියකින් හෝ තුවක්කුවකින් හෝ ඝාතනය කළ හැකි වෙනත් ආයුධයකින් හෝ වේවා එවැනි යම් දෙයකින් කවරෙකු සිය දිවි නසා ගත්තේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහු එමගින් දඬුවම් කරනු ලබනු ඇත.
කවරෙකු තමන්ට අයිති නොමැති යමක් උදාහරණ වශයෙන් මේ පුද්ගලයාගේ වහලා නිදහස් කරන බවට හෝ මේ පුද්ගලයාගේ ධනයෙන් කොටසක් පරිත්යාග කරන බවට තමන්ට අයිති නැති දෙයක් භාරහාර වශයෙන් තබන්නේ ද සැබැවින්ම එම භාරය වලංගු නොවන නිෂ්ඵල දෙයක් වන්නේය. ඊට හේතුව එහි නියම ස්ථානය ලබා නැති බැවින් හා එහි නියම ස්ථානය අනුමත නොවන බැවිණි.
කවරෙකු දේව විශ්වාසියෙකුට දොස් නැගුවේ ද ඔහු ඔහුව ඝාතනය කළාක් මෙනි. ඊට හේතුව දොස් නගන්නා හා ඝාතකයා අල්ලාහ්ගේ තහනම උල්ලංඝණය කරමින් පාපය උපයාගෙන ගෙන දඬුවමට සුදුස්සකු වී ඇති බැවිණි.
කවරෙකු තමන් සතුව නැති ධනය, දැනුම, පෙළපත, ගෞරවය, නිලය හෝ වෙනත් යම් දෙයක් සම්බන්ධව බොරුවට වාද කරමින් අහංකාර පාමින් අධිකත්වය සොයන්නේ ද ඔහුට අවමානය හා පහත්බව මිස අල්ලාහ් වැඩි කරන්නේ නැත. ඊට හේතුව සැබැවින්ම තමන් තුළ නැති දෙයකින් තමන්ව ඔසවා තබන්නට ඔහු සිතූ බැවිනි. එහෙයින් ඔහු අපේක්ෂා කරන වර්ගයෙන්ම ඔහුගේ ප්රතිවිපාකය පිහිටනු ඇත.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

