افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#2961[صحيح]
HadeethEnc · 1.24.0

අල්ලාහ් මත දිවුරා පවසමි. - අල්ලාහ් අභිමත කළේ නම් - සැබැවින්ම මම යමක් කිරීමට දිවුරා පසු ව ඊට වඩා එය නොවන වෙනත් යහපතක් දුටුවේ නම් එම යහපත ගෙනැවිත් මාගේ දිවුරුම වෙනුවෙන් මම සමාව අයැද සිටිමි.”

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අබූ මූසා අල් අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: මම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත අෂ්අරී ගෝත්‍රයේ පිරිසක් සමග පැමිණ, ප්‍රවාහන පහසුකම් ඉල්ලා සිටියෙමි. එවිට එතුමාණෝ, "අල්ලාහ් මත දිවුරා, මා ඔබට ප්‍රවාහන පහසුකම් සලසා නොදෙමි. ඔබට ප්‍රවාහන පහසුකම් සලසා දෙන්නට මා ළඟ කිසිවක් නැත." යැයි පැවසූහ. අල්ලාහ් අභිමත කරන තෙක් අපි රැඳී සිටියෙමු. පසුව එතුමාණන් වෙත ඔටුවන් ගෙන එන ලදී. දැකුම් කළු ඔටුවන් තිදෙනෙකු එතුමාණෝ අපට නියම කළහ. පසුව අපි හැරී ගමන් ගත් කල්හි අප අතරින් ඇතැමෙක් ඇතැමෙකුට 'අල්ලාහ් අපට අභිවෘද්ධිය සළසා නොදෙත්වා. අපි අල්ලාහ්ගේ දූතයාණන් වෙත පැමිණ ප්‍රවාහන පහසුකම් ඉල්ලා සිටි විට, එතුමාණන් දිවුරා අප වෙත ප්‍රවාහන පහසුකම් නො දෙන බව පවසා, පසුව අපට ප්‍රවාහන පහසුකම් සළසා ඇත.' යැයි පවසා සිටියෝය. අබූ මූසා තුමා තවදුරටත් මෙසේ දන්වා සිටියේය: පසුව අපි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ මේ ගැන එතුමාණන්ට සඳහන් කළෙමු. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ: "මම ඔබට ප්‍රවාහන පහසුකම් ලබා නොදුන්නෙමි. ඔබට ප්‍රවාහන පහසුකම් සළසා දුන්නේ අල්ලාහ් ය. අල්ලාහ් මත දිවුරා පවසමි. - අල්ලාහ් අභිමත කළේ නම් - සැබැවින්ම මම යමක් කිරීමට දිවුරා පසු ව ඊට වඩා එය නොවන වෙනත් යහපතක් දුටුවේ නම් එම යහපත ගෙනැවිත් මාගේ දිවුරුම වෙනුවෙන් මම සමාව අයැද සිටිමි.”
02

Explanation

අබූ මූසා අල්-අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ දන්වා සිටියි. ඔවුන් නැග යන්නට ඔටුවෙකු ඔවුන්ට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පිරිනැමීමේ අපේක්ෂාවෙන් හෙතෙම අල්ලාහ්ගේ දූතයාණන් වෙත තම ‌ගෝත්‍රයේ පිරිසක් සමග පැමිණියේය. එය අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කිරීම සඳහා සහභාගී වීමට ය. පසුව එතුමාණෝ ඔවුන් ප්‍රවාහනය කිරීම සඳහා තමන්ට ප්‍රවාහන පහසුකම් සළසා දිය නොහැකි බවත් ඔවුන් ප්‍රවාහනය කිරීම සඳහා වන කිසිවක් තමන් සතුව නැති බවත් එතුමාණෝ දිවුරා පවසා සිටියහ. පසු ව ඔවුහු නැවත හැරී ගොස් ටික කලක් රැඳී සිටියහ. අනතුරුව ඔටුවන් තිදෙනෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත ගෙන එන ලදී. පසු ව එතුමාණෝ ඒවා ඔවුන් වෙත යැවූහ. එවිට ඔවුන් අතරින් ‌ඇතෙමෙක් ඇතැමෙකුට: 'මෙම ඔටුවා තුළ අල්ලාහ් අපට සමෘද්ධිය පිහිටුවා නැත. ඊට හේතුව අපට ප්‍රවාහන පහසුකම් දෙන්නට නො හැකි බවට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් දිවුරා ඇති බැවිනි.' යැයි කීය. පසුව ඔවුහු එතුමාණන් වෙත පැමිණ එතුමාණන් ගෙන් මෙසේ විමසා සිටියහ. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්: "ඔබට ප්‍රවාහන පහසුකම් සළසා දුන්නේ උත්තරීතර අල්ලාහ්ය. ආශිර්වාද කොට ‌පෝෂණය සළසන්නා ඔහුය. සැබැවින්ම මම වනාහි මාගේ දෑතින් එය ක්‍රියාත්මක වීමට හේතු සාධක වූ කාරණාවක් පමණි." යැයි පැවසුහ. පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්: "සැබැවින්ම මම අල්ලාහ් මත දිවුරා පවසමි. අල්ලාහ් අභිමත කළේ නම් යමක් මා කිරීමට හෝ එය මා අත්හැරීමට හෝ දිවුරා පසුව එසේ දිවුරා සිටි දෑ නොවන, ඊට වඩා වෙනත් යහපත් හා ශ්‍රේෂ්ඨ යමක් දුටුවේ නම් එම ශ්‍රේෂ්ඨ දෑ ඉටු‌ කර, දිවුරා සිටි දෑ අත්හැර දමා මාගේ දිවුරුම වෙනුවෙන් සමාව අයැද සිටිමි." යැයි පැවසුහ.
03

Benefits

යමක් ගැන දිවුරා සිටින මෙන් ඉල්ලා නොසිටිය ද, එය අනාගතයේ විය හැකි කරුණක් වුව ද ඒ ගැන සහතික කිරීම සඳහා දිවුරා සිටීමේ අවසරය.
දිවුරා සිටීමෙන් පසු "ඉන්ෂා අල්ලාහ්" (අල්ලාහ් අභිමත කළේ නම්) යන පද භාවිතයෙන් එයට ව්‍යතිරේකයක් නියම කිරීමේ අවසරය. සැබැවින්ම එම ව්‍යතිරේකය දිවුරුම සමග අධිෂ්ඨාන කර ගත් විටෙක, ඒ සමග බැඳෙන්නක් ‌බවට පත් වේ. එවිට දිවුරුම කඩ කරන්නා ප්‍රතිකර්මයක් දීමට බැඳී නැත.
දිවුරා සිටි දෑට වඩා වෙනත් යහපත් දෙයක් දුටු විටෙක දිවුරුම කඩ කර එම දිවුරුම සඳහා සමාව අයැද සිටීමට උනන්දු කරවීම.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...