HadeethEnc · 1.24.0
අල්ලාහ් විසින් නියම කරන ලද නියමයක් සම්බන්ධයෙන් හැර කිසිවෙකු හෝ කස පහරවල් දහයකට වඩා පහර නොදිය යුතුය
Available translations
Choose an available translation of this Hadeeth
01
Hadeeth text
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කරමින් සිටි ප්‍රකාශයකට තමන් සවන් දී ඇති බව පවසා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "අල්ලාහ් විසින් නියම කරන ලද නියමයක් සම්බන්ධයෙන් හැර කිසිවෙකු හෝ කස පහරවල් දහයකට වඩා පහර නොදිය යුතුය."
02
Explanation
පිටුපාන ලද, පාපී කටයුත්තක හැර කිසිවකු හෝ තවත් කෙනෙකුට කස පහරවල් දහයකට වඩා පහර දීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමණෝ තහනම් කළහ. සඳහන් වී ඇති අල්ලාහ් විසින් නියම කළ නියමිත දඬුවමක් සම්බන්ධයෙන් හෝ පහර දීමක් සම්බන්ධයෙන් හෝ කසපහරවල් සම්බන්ධයෙන් හෝ මෙය අදහස් කරන්නේ නැත. මෙය අදහස් කරනුයේ තරවටු කිරීම වැනි අවස්ථාවක වාර දහයකට වඩා වැඩියෙන් පහර නොදිය යුතු බවයි.
03
Benefits
අල්ලාහ් නියෝග කළ හෝ ඔහු තහනම් කළ ඔහුගේ සීමාවන් උල්ලංඝනය කිරීමේ දී ඒවාට දඬුවම් ඇත. ඒ දඬුුවම එක්කො අල්ලාහ් විසින් නියම කරන ලද ප්‍රමාණයක් මත හෝ පාලකයා විසින් යහපත් යැයි දකින තක්සේරු කරන ප්‍රමාණයක් මත හෝ පදනම් විය හැක.
තරවටු කිරීම සඳහා පහර දීමේ දී, මග පෙන්වීමේ හෝ බිය ගැන්වීමේ ප්‍රමාණය අනුව සැහැල්ලු විය යුතුය. එහි දී අවශ්‍ය වුව ද පහරවල් දහයකට වඩා වැඩි නොකළ යුතුය. වඩාත් උචිත වනුයේ පහර දීමකින් තොරව මගපෙන්වීමෙන්, ඉගැන්වීමෙන්, මාර්ගෝපදෙස් පෙන්වා දෙමින් හා ආශාව ඇති කිරීමෙන් ඔවුන්ගේ විනය සාදන්නට උත්සාහ දැරීමයි. එය පිළිගැනීමට ඉගැනීමේ දී කරුණාව වඩවන්නට වඩාත් උචිත වේ. මෙම ස්ථාවරය තුළ තත්ත්වයන් බොහෝ සෙයින් වෙනස් විය හැක. එබැවින් වඩාත් යහපත් ක්‍රමය යොදා ගත යුතු වේ.

Attribution
[متفق عليه]
Categories
Share
Share hadeeth
Sharing options · 0 Total shares