සැබැවින්ම මෙම සතුන්ටත් මෘග සතුන්ගේ ගුණාංග හා සමාන ගුණාංග සමහරක් ඇත. ඒ අතරින් කිසිවක් හෝ ඔබ අබිබවා ගිය විටෙක, ඒ අයුරින්ම මෙයට ද සිදු කරන්න
Choose an available translation of this Hadeeth
Hadeeth text
රාෆිඃ ඉබ්නු කදීජ් (රළිය්ලලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: "අපි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග දුල් හුලෙයිෆාහි සිටියෙමු. එවිට මිනිසුනට කුසගිනි ඇති විය. (යුද පිටියේ සතුරන් විසින් දමා ගිය) ඔටුවන් හා එළුවන් ඔවුහු හසුකර ගත්තෝය. එතුමා මෙසේ පැවසීය: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පිරිසේ අවසානයේ සිටියහ. ඔවුහු ඉක්මන් වී සතුන් කපා, පිසීමට භාජන පිළියෙල කළෝය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) එම භාජන ගෙන එන්නැයි නියෝග කර පසුව ඒවා (හි තිබූ දෑ හලා) උඩු යටිකුරු කරන ලදී. අනතුරුව එතුමාණෝ බෙදා හරින්නට ගත්හ. එළුවන් දස දෙනෙක් එක් ඔටුවකුට සමාන කළේය. ඒ අතරින් ඔටුවකු පළා ගියේය. ඔවුහු ඌ සොයා ගියෝය. එය ඔවුන් වෙහෙසට පත් කළේය. එම පිරිස අතර අශ්වයන් සිටියේ සුළු පිරිසකි. ඔවුන් අතරින් මිනිසෙකු හීයක් අතට ගෙන විද්දේය. අල්ලාහ් ඌ නතර කළේය." පසුව ඔහු තවදුරටත් මෙසේ පවසා සිටියේය. "සැබැවින්ම මෙම සතුන්ටත් මෘග සතුන්ගේ ගුණාංග හා සමාන ගුණාංග සමහරක් ඇත. ඒ අතරින් කිසිවක් හෝ ඔබ අබිබවා ගිය විටෙක, ඒ අයුරින්ම මෙයට ද සිදු කරන්න." තවදුරටත් රාෆි තුමා මෙසේ පැවසීය: සැබැවින්ම අපි හෙට දින සතුරන් අපේක්ෂා කරන්නෙමු. අපි බිය වන්නෙමු. අප සතුව පිහි නැත. අපි බටවලින් උන් කපා හරින්න ද යැයි විමසීය. එතුමා: "ලේ වැගිරී යන්නට සළස්වා, ඒ කෙරෙහි අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු ලැබූ දෑ වනාහි, නුඹලා එය අනුභව කරන්න. දතින් හෝ නියපොත්තෙන් එය නොවිය යුතුය. ඒ ගැන මම ඔබට ප්‍රකාශ කරන්නම්. සැබැවින්ම දත අස්ථියකි. නියපොත්ත ඉතියෝපියානුවන්ගේ ආයුධයකි."
Explanation
Benefits
නායකයකු තම යටත් වැසියන් හා තම සොල්දාදුවන් හට විනය කියා දීම. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඔවුනට අවසර දීමට පෙර ඔවුන් ඉක්මන් වීම හා කටයුතු කිරීම ගැන විනය එතුමාණෝ ඔවුනට කියා දුන්හ. ඔවුනට සතු වූ ප්‍රතිවිපාකය වූයේ ඔවුන් සිතූ දෑ ඔවුනට තහනම් වී යාමය.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ නියෝගවලට සහාබාවරු ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීම.
ඝනීමත් හෙවත් යුද පිටියේ අත්පත්කර ගත් භාණ්ඩ බෙදා හරින තෙක් ඒවා ගැනීමෙන් වැළකී සිටීම.
යුක්තිය ඉටු කිරීම, විශේෂයෙන්ම සතුරන් හා දේවත්වය ප්‍රතික්ෂේප කළ ප්‍රචණ්ඩකාරීන් සමග අරගල කරන දේශයේ එය පිළිපැදිය යුතු වේ. මක්නිසාදයත් එය සතුරන් පරාජය කර ජය ලබන්නට හේතුවක් වන බැවිනි.
නවවි තුමා මෙසේ පවසයි: "ඔටුවෙක්, ගවයෙක්, අශ්වයෙක් හෝ එළුවෙක් මෘග ගතිය පෙන්වූ විට දඬයම් කරන සතෙක් මෙන් උන් වෙත හී සැර විදීමට අනුමැතිය ඇත."
සතෙකු ආහාරය සඳහා අනුමත වීමට නම්, එය නියම අයුරින් කපා හැරිය යුතුය. එහිදී සතෙකුට කොන්දේසි කිහිපයක් පැනවේ. 1- අනුභව කිරීමට අනුමත සතෙකු විය යුතුයි. 2- ඒ මත බලය දැරිය හැක්කක් විය යුතුය. එසේ බලය දැරිය නොහැක්කක් වී නම් එහි නීතිය. දඬයම් සතුන්ගේ නීතිය හා සමාන වේ. 3- එය ගොඩබිම සතෙකු විය යුතුය. මුහුදු ජීවියෙකු නම් එහි කපා හැරීමේ කොන්දේසිය අදාළ වන්නේ නැත.
කපා හැරීමට වලංගු කොන්දේසි: 1- සතා කපා හරින්නා සිහි බුද්ධිය ඇති වැඩිවියට පත් මුස්ලිම්වරයකු හෝ ආගම් ලත් ජනයා අතරින් කෙනෙකු හෝ විය යුතුය. 2- කපන අවස්ථාවේ එහි ආරම්භයේ දීම අල්ලාහ්ගේ නාමය සිහිපත් කළ යුතුයි. 3- දත් හා නියපොතු හැර වෙනක් කවර තියුනු ආයුධයක් වුව ද කැපීම සඳහා යොදා ගත හැකිය. 4- අන්නස්‍රෝතය ශ්වාසනාලය, කණ්ධරීක ශිරා දෙක කපා දැමිය යුතුයි .
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

