නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ අං සහිත කළු සහ සුදු මිශ්‍රිත බැටළුවන් දෙදෙනෙකු කැප කළ අතර, එය එතුමාණන් විසින්ම කපා හරින ලදී. එතුමාණෝ 'බිස්මිල්ලාහ්' (අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි) අල්ලාහ් අක්බර් (අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය)! යැයි පවසා එතුමාණන්ගේ පාදය උන්ගේ බෙල්ල මත තැබූහ
Choose an available translation of this Hadeeth
Hadeeth text
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ අං සහිත කළු සහ සුදු මිශ්‍රිත බැටළුවන් දෙදෙනෙකු කැප කළ අතර, එය එතුමාණන් විසින්ම කපා හරින ලදී. එතුමාණෝ 'බිස්මිල්ලාහ්' (අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි) අල්ලාහ් අක්බර් (අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය)! යැයි පවසා එතුමාණන්ගේ පාදය උන්ගේ බෙල්ල මත තැබූහ.
Explanation
Benefits
උල්හිය්යා දීමේ දී වඩාත් උතුම් වනුයේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් කවර සත්වයකු උල්හිය්යා වශයෙන් ලබා දුන්නේ ද එම වර්ගයෙන්ම එය වීමය. එය නෙතට දැකුම්කළු වන බැවින් හා උගේ මාංශ හා උගේ මේදය වඩාත් පිවිතුරු වන බැවිනි.
නවවි තුමා මෙසේ පවසයි: තම උල්හිය්යා සත්වයා තමන් විසින් කපා හැරීමේ වගකීම දැරීම වඩාත් යෝග්‍යය වේ. යම් කිසි කාරණාවක් මත හැර එය කපා හැරීමට වෙනත් කිසිවකුට භාර නොදිය යුතුය. එසේ වුව ද එය කපා හරින අවස්ථාවේ සහභාගී වීම සතුටු දායකය. එහි දී එය මුස්ලිම්වරයකුට පවරන්නේ නම් කිසිදු විරුද්ධත්වයකින් තොරව එය අනුමත වන්නේය.
ඉබ්නු හජර් තුමා මෙසේ පවසයි: සත්වයා කපන විට එහිදී බිස්මිල්ලාහ් යැයි පැවසීමත් සමග අල්ලාහු අක්බර් යැයි තක්බීර් පැවසීම සතුටුදායක වේ. එමෙන්ම උල්හිය්යා සත්වයාගේ දකුණු බෙල්ල මත පාදය තැබීම ද සතුටුදායකය. එසේ තැබීමෙන් සත්වයා කපන්නාට දකුණතින් පිහිය ගැනීමටත් ඔහුගේ වම් අතින් උගේ හිස ඇල්ලීමටත් පහසු වනු ඇත.
අං ඇති සතුන් උල්හිය්යා සඳහා යොදා ගැනීම යෝග්‍යය. එසේ නොවූව ද වලංගු වන්නේය.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

