මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග සලාත් ඉටු කර ඇත්තෙමි. එතුමාණන් තම දකුණු දෙසට හැරී "අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු" යනුවෙන් ද වම් දෙසට හැරී "අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහ්" යනුවෙන් පවසා සලාම් දෙන්නෙකු වූහ
Choose an available translation of this Hadeeth
Hadeeth text
වාඉල් ඉබ්නු හුජ්ර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග සලාත් ඉටු කර ඇත්තෙමි. එතුමාණන් තම දකුණු දෙසට හැරී "අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු" යනුවෙන් ද වම් දෙසට හැරී "අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහ්" යනුවෙන් පවසා සලාම් දෙන්නෙකු වූහ.
Explanation
Benefits
ඇතැම් අවස්ථාවල 'වබරකාතුහු' යන ප්‍රකාශය අමතරව පැවසීම සතුටු දායකය. එසේ පවසන්නට හේතුව, නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඒ ආකාරයට අඛණ්ඩ ව නොකළ බැවිනි.
සලාතයේ දී සලාම් දෙක පැවසීම අනිවාර්යය මූලිකාංගයකි. ඒ දෙක ප්‍රකාශ කරන අතර සිදු කරන හැරීමේ ක්‍රියාවලිය මුස්තහබ් හෙවත් සතුටු දායක ක්‍රියාවකි.
'අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහ්' යනුවෙන් පැවසිය යුත්තේ හැරීමේ ක්‍රියාවලිය සිදු කරන අතරතුරුය. එයට පෙර හෝ එයට පසු නොවේ.
Attribution
Categories
Share hadeeth
Sharing options · 0 Total shares

