افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم. افتتاح البرنامج الدعوي السبت القادم، ٩ / ٣ / ١٤٤٨هـ بعد صلاة الفجر مباشرة مسجد محمد بن إبراهيم، الجامعة الإسلامية بالمدينة المنورة فضيلة الشيخ د. هيثم بن محمد سرحان دورة اليوم الواحد، وختم كتاب كل سبت بإذن الله حياكم الله ونفع بكم.
#3096[صحيح]
HadeethEnc · 1.24.0

අල් කුර් ආනයේ සූරාවක් මට උගන්වනවාක් මෙන් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මට තෂහ්හුද් ඉගැන් වූහ

Available translations

Choose an available translation of this Hadeeth

01

Hadeeth text

අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. අල් කුර් ආනයේ සූරාවක් මට උගන්වනවාක් මෙන් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මට තෂහ්හුද් ඉගැන් වූහ. - එවිට මාගේ අත එතුමාණන්ගේ අත් දෙක අතර විය.- එනම්: "අත්තහයියාතු ලිල්ලාහි වස්සලවාතු වත්තයියිබාතු අස්සලාමු අලයික අය්යුහන් නබිය්යු වරහ්මතුල්ලාහි වබරකාතුහු. අස්සලාමු අලයිනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන්, අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු" යන්නෙනි. තවත් ප්‍රකාශයක: "සැබැවින්ම අල්ලාහ් ශාන්තිය වේ යැයි පවසා නුඹලා අතරින් කිසිවකු හෝ සලාතයේදී වාඩි වූ විටෙක, ඔහු මෙසේ පැවසිය යුතුයි: "අත්තහයියාතු ලිල්ලාහි වස්සලවාතු වත්තයියිබාතු අස්සලාමු අලයික අය්යුහන් නබිය්යු වරහ්මතුල්ලාහි වබරකාතුහු. අස්සලාමු අලයිනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන්" -ඔහු එය පැවසූ විටෙක, අහස්හි හා මහපොළොවේ සිටින සෑම දැහැමි ගැත්තෙකුහටම එය හිමි වනු ඇත.- අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු" පසුව ඔහු කැමති දේ ඉල්ලීම සඳහා ඔහුට නිදහස ලබයි.
02

Explanation

සලාතයේදී කිව යුතු තෂහ්හුදය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා හට ඉගැන්වූහ. ඉබ්නු මස්ඌද් තුමාගේ අවධානය ඒ වෙත යොමු කරනු පිණිස එතුමාණෝ තම අත ඔහුගේ අත් දෙක අතර තැබුහ. එය ඔහුට අල් කුර්ආනයේ සූරතයක් උගන්වන්නාක් මෙන් විය. මෙයින් නිරූපණය වන්නේ, නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් මෙම තෂහ්හුදය සම්බන්ධයෙන් වාචිකව හා අර්ථයෙන් තම අවධානය යොමු කළ බවයි. එතුමා මෙසේ පැවසීය. "අත්තහිය්යාතු ලිල්ලාහි" (සියලු පඬුරු අල්ලාහ්ටම ය.) ගරු බුහුමනයට ලක් කරන සෑම ප්‍රකාශයක්ම හා ක්‍රියාවක්ම මෙයින් පෙන්වා දෙයි. ඒ සියල්ලට සුදුසුකම් ලබන්නේ සර්වබලධාරී කීර්තිමත් අල්ලාහ් පමණ ය. "අස්-සලවාතු" (සියලු සලාත් යාඥාවන්) එනම් අල්ලාහ් අනිවාර්යය කළ හා අනිවාර්යය නො කළ අප හඳුනන සලාතයන් වේ. "අත්-තය්යිබාතු" (සියලු පිවිතුරු දෑ) අල්ලාහ්ගේ පරිපූර්ණත්වය පෙන්වා දෙන ප්‍රකාශ, ක්‍රියා හා වර්ණනාවන් වේ. ඒ සියල්ලට සුදුස්සා උත්තරීතර අල්ලාහ්ය. "අස්සලාමු අලයික අය්යුහන් නබිය්යු වරහ්මතුල්ලාහි වබරකාතුහු" (අහෝ නබිවරය! ඔබට ශාන්තිය අත්වේවා! අල්ලාහ්ගේ කරුණාව ද ඔහුගේ අභිවෘද්ධිය ද අත්වේවා!) සෑම අනතුරකින්ම හා පිළිකුල් සහගත දැයින්ම ආරක්ශාව හා ශාන්තියත් සෑම යහපතකම සමෘද්ධිය හා බහුලත්වයත් එතුමාණන්ට හිමි වේවා යැයි කෙරෙන ප්‍රාර්ථනාවයි. "අස්සලාමු අලයිනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන්" (අප වෙතත් අල්ලාහ්ගේ දැහැමි ගැත්තන් වෙතත් ශාන්තිය අත් වේවා!) සලාත් ඉටු කරන්නන් හා අහස්හි හා මහපොළොවේ සිටින සෑම ධර්මිෂ්ඨ ගැත්තෙකුටම ශාන්තිය හිමි වේවා යැයි කෙරෙන ප්‍රාර්ථනාවකි. "අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහ්" (නැමදුම ට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බව මම සාක්ෂි දරමි.) අල්ලාහ් හැර සැබෑ ලෙස නැමදුම් ලබන්නට වෙනත් කිසිවකු නොමැති බව මම හෘදයාංගවම තිරසාර ලෙස සහතික කරමි යන්න එහි අදහස වේ. "වඅන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු" (සැබැවින් ම මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ඔහුගේ ගැත්තා බවත් ඔහුගේ දහම් දූතයා බවත් මම සාක්ෂි දරමි.) එතුමාණන්ගේ දේව ගැතිභාවයත් අවසන් පණිවිඩයත් මම සහතික කරමි.

පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සලාත් ඉටු කරන්නන් හට තමන් කැමති ඕනෑම ප්‍රාර්ථනාවක් කරන මෙන් අවසරය දුන්හ.
03

Benefits

මෙම තෂහ්හුදය පවසන ස්ථානය සෑම සලාතයක අවසන් සුජූදයෙන් පසුව හා රකආත් තුනක හා හතරක සලාතයකම දෙවැනි රකආතයේ ය.
තෂහ්හුද්හි අත්තහය්යාත් පැවසීම අනිවාර්යය වේ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සහතික කළ තෂහ්හුද් ප්‍රකාශ අතරින් ඕනෑම තෂහ්හුදයක් පැවසීමට මෙහි අවසරය ඇත.
සලාතය තුළ පාපයක් නොවන තමන් ප්‍රිය කරන ඕනෑම පැතුමක් පතන්නට අවසරය ඇත.
ප්‍රාර්ථනාවේ දී තමන් ගැන පවසමින් ප්‍රාර්ථනාව ආරම්භ කිරීම සතුටු දායකය.

Attribution

[متفق عليه]

Categories

Share

Share hadeeth

Sharing options · 0 Total shares

Share

← Back to encyclopedia
Shopping Basket

Loading...